Source
හරි යාළුවනෙ අද මම පොස්ට් එක ලියන්නෙ අපි කවුරුත් කැමති කෙනෙක් වෙන ගොඩ්සිලා ගැනයි.කවුරුත් දන්නවානෙ 2014 ලෙජන්ඩරි එන්ටර්ටෙට්මන් සහ වොනර් බ්‍රදර්ස්ලායි කට්ටය එකතු වෙලා පටන් ගත්ත සුපිරි වැඩක් ගැන්.එ තමයි monster -verse කියන යොධ සත්තු සිටින විශ්වයක් . හරියට කියනවාවනම් dc මාර්වල් කොමික් වගෙ දෙයක් තමයි මෙකත් .monster-verse එකෙ අපි දන්නවා මේ වෙනකොට ෆිල්ම් හතරක් රිලිස් වෙලා තියනවා මමනම් එ ෆිල්ම හතරම පිස්සුවෙන් වගෙ බලපු කෙනෙක්.ඔයාලට මතකනම් එ ෆිල්ම් ටික පිළිවෙළට මෙහෙමයි බලලා නැති කෙනෙක් වුනත් අළුතින් බලනවානම් මේ පිළිවෙළට බලන්න.
😍😍
1.Godzilla (2014)
2.Kong Skull island (2017)
3.Godzilla : king of monster
4.Kong vs Godzilla (2021)
ඉතින් පිලිවෙලටම ඔතන තියනවා බලන කෙනෙක්ට බලන්න ෆිල්ම් සෙට් එකම.ඉතින් ඇත්තටම කවුද මේ ගොඩ්සිලා කියන්නෙ කියලා බලමු.
ඇත්තටම මේ ගොඩ්සිලාගෙ ආරම්භක ස්ථානය ජපානය. ජපානය මුල් කරගෙන මේ ප්‍රබන්ධය ආරම්භ වුනෙ මට මතක විදියට 1954 කියන වර්ශයෙ වෙන්න ඕනි.1954 වර්ශයේ ආ B@W Godzilla කියන චිත්‍රපටයෙන් තමයි ලොකයම මුල් වරට ගොඩ්සිලා හදුන ගන්නෙ.Ishiro honda කියන කෙනා තමා මේකෙ අධ්‍යක්ෂවරයා.මේ ෆිල්ම් එක නිකුත් වුණාට පස්සෙ monster- verse එකෙ තවත් සතුන් ගණනාවක් ගැනම ෆිල්ම් සිරියස් එකක්ම එනවා.එ ෆිල්ම් වලින් තමයි Ghidorah,Mothra,Rodan,Mechagodzilla වගෙ අය ගැනත් මුල් වරට දැනගන්නෙ,මෙ අය ගැන මේ ෆිල්ම් බලපු අයනම් දන්නවා ඇති එ අය ගැනත් පස්සෙ කියන්නම්කො දැන් අපි කතා කරන්නෙ සීලා ගැනනෙ.කොමහරි 1954 ආපු Godzilla ෆිල්ම් එක කියන්නෙ cult classic එකක්.එ වගෙම පළවෙනි Kaiju( ජපන් භාශාවෙන් ලොකු monsterලාට කියන්නෙ මේ නම) ෆිල්ම් එක.
source
දැන් අපි දන්නවානෙ godzilla කියන නම ඇමරිකන් අය දාපු නමක් ඇත්තටම zillage ඔරිජිනල් ජපන් නාමය තමා Gojira . මේ නම හැදිලා තියෙන්නෙ ජපන් භාශාවෙන් ගොරිල්ලාට ( Gorria) කියන නම සහ තල්මසාට ( kujira) කියන නම් දෙකෙ එකතුවෙන්.මෙයා මුහුද යට නිදාගෙන ඉන්න ලොකුසතෙක් උරග කුලයට අයිති වෙන කෙනෙක් ගොඩ බිම සහ ජලයෙ පහසුවෙන් ජිවත් වෙන්න පුලුවන් කෙනෙක්. කියන හැටියට දැන් මෙයාගෙ වයස වසර මිලියන 250ක් පමණ කියලා කිවාත් තවම හරියට ඉපදිලා තියන කාලය ගැන සඳහනක් නැහ්. තවත් විදිහකට කියනවානම් මේ ලෝකෙ සාමාන්‍ය විදිහට හැඩගැහෙන්න කලින් විකිරණ වලින් පිරිලා තිබ්බ යුගයක මෙයා වගෙම තවත් සිටිය විශාල සතුන් පිරිසකට රජතුමා විදිහට (ඇල්ෆා) හිටියා කියලාත් කියනවා.පස්සෙ ලොකෙ විකිරණ තත්වය සාමාන්‍ය අතට ආවාම මෙයා සහ එකළ සිටි සිය්ලුම සතුන් දිර්ඝ නින්දකට වැටුනාලු.
දැන් හැමොම පිළිගන්න එක දෙයක් තියනවා එනම් මෙයා තමා පෘථිවියේ සමබරතාව රකින්න ඉන්න කෙනෙක් කියලා, මොකද පෘථිවියේ විකිරණ වෙනස් විම් වලදි එවා යථා තත්වයට පත්කරගන්න වගෙම ස්වාභව ධර්මයට හානි වන අවස්ථා වල එවා විසඳන්න තමයි මෙයා ඇහැරිලා එන්නෙ. හරියට දේව දුතයෙක් වගෙ නෙහ්.එතකොට අපි දන්නවානෙ දැන් මෙයා අවදිවෙලා එන්නෙ පරිසරයට හානියක් වෙනකොට කියලා.
එතකොට ගොඩ්සිලගෙ පළවෙනි අවදිවිම වෙන්නෙ දෙවෙනි ලොක යුද සමයෙ කවුරුත් දන්නවානෙ එ කාලෙ තමයි ජපානෙට ඇමරිකන්කාරයෝ බොම්බ දැම්මෙ කියලා මෙන්න මෙකෙ ප්‍රතිඵලයක් වීදිහට ශිනෝමුරා කියන ගොඩ්සිලාගෙ පරණ තරහාකාරයෙක් අවදි වෙලා තියනවා එයා මේ ලොකෙ විනාස කරන්න හදනකොට එකෙන් බේර ගන්න තමයි අපේ විරයා ඇහැරිලා තියෙන්නෙ පළවෙනි වතාවට.තවත් සමහර මත තියනවා මේ න්‍යෂ්ටික ප්‍රහාරය නිසා මේ සතා හැදුණා කියලත්.
හුගදෙනෙක් දන්නවානෙ ගොඩ්සිලාගෙ පෙනුම කොයි වගෙද කියලා.නපුරු පෙනුමක් තිබුණාට කවදත් මෙයා මිනිස්සට හානි කරන්නෙ නැහ් එ වගෙමයි ස්වාභාවිකව දෙවල් වලටත්.හැබැයි ෆිල්ම් එක බලලා තියන අය කියයි ගොඩබිමට එහෙම එනකොට මෙයා ලොකු විනාශයක්නෙ වෙන්නෙ කියලා. එක මෙහෙමයි මෙයා මෙයාගෙ ටාගට් එකට යනකොට වෙන දේවල් ගණන් ගන්නෙ නැහ් .එ වගෙම සමහර ගොඩ්සිලාලා ඉදලා තියනවා 100% තර්ජනයක් වුන මේ ලෝකෙ අයට. එ ගැන දන්නවා ඇති මේකෙ ඇනිමෙශන් සිරියස් එක බලපු අය එම.
ගොඩක් වෙලාවට මෙයා ඉන්නෙ තනියම එ වගෙම තවත් ප්‍රසිද්ධ කතාවක් තමයි Mothra කියන්නෙ මෙයාගෙ භාර්‍යාව කියලාත්. මේ දේ නිසාම එ දෙන්නාගෙ ජිවිත ශක්තිය එකට සම්බන්ධ වෙලා තියනවාලු එ ගැන දන්නවා ඇති Godzilla : king of monster බලපු අයනම්.
- Mothra
source
කලිනුත් මම කිවානෙ මෙයාට ගොඩ්බිමයි ජලයෙයි දෙකෙම ජිවත් වෙන්න පුලුවන් කියලා එ වගෙම මෙයාට පුලුවන් වලිගෙ භාවිතයෙන් ජලය තුල වේගයෙන් පිහිනා යාමටත් එහි වේගය සදහන් වන්නෙ කිලොමිටරයකට නොට්ස් 40 පමණලු.එ වගෙම මෙයාගෙ උස අඩ් 393ක් වෙන අතර බර ටොන් 96634ක් පමණ වේ.එ වගෙම මෙයාට තව සුවිශේෂී වු හැකියාවන් ගොඩක් තියනවා මෙයාට පුලුවන් මෙයාගෙ කටින් නිල් පාට විශාල ශක්ති කදම්බයක් නිකුත් කරන්න එ මගින් සතුරා දුර්වල කරන්නත්. තවද මෙයාට පුලුවන් විකිරණ ශක්තින් උරාගෙන ශක්තිමත් වෙන්න. මෙකත් දකින්න පුලුවන් king of monster ෆිල්ම් එකෙන් අපිට.එ වගෙම කලින් කිවා වගෙ mothra මැරුනාම එයාගෙ ජිවිත ශක්තිය උරාගන්නත් මෙයාට පුලුවන්.මෙයා හොද මොලයක් තියන සතෙක් විදිහට හදුන්වන්නත් පුලුවන්.සටන් කරන වෙලාවට අපි එක දකින්න පුලුවන් සැමවෙලාවම සතුරාගෙ දුර්වල තැන් වලට පහර දිමට පෙලඹෙයි.
කොච්චර ශක්තිමත් කෙනෙක් වුනත් මෙයාගෙත් දුර්වල කම් ඕනෙතරම් තියනවා.එකක් තමයි එයා විකිරණ එවා මෙයාව ශක්තිමත් කරනවා වගෙම දරාගන්න බැරි එවා මෙයාව දුර්වල කරනවා .අනිත් එක තමයි මෙයාගෙ කරමල එ වගෙම තමයි මෙයාගෙ කොට අත් දෙක සමහර වෙලාවට මෙයාට හුගාක් දේවල් අත් දෙකෙන් ග්‍රහනය කරගන්න අමාරුයි.
ඉතින් ඔය තියෙන්නෙ ගොඩක් අය කැමති ගොඩ්සිලා ගැන විස්තරයක්.මෙයා ගැන තමයි මම දන්න විදිහට දැනට වැඩිපුරම චිත්‍රපට ප්‍රමාණයක් හැදිලා තියෙන්නෙ.ගණනින් කිවොත් චිත්‍රපට 36ක් (monster -verse චිත්‍රපට 4ත් සමග). මමත් කියන්නෙ ඔයාලත් මේ ෆිල්ම් ටික බලන්න මම දැනට මේ ලිස්ට් එකෙ ෆිල්ම් 16 විතරයි බලලා තියන්නෙ.
ඇත්තටම ජපානෙ මේ මතය ලොකෙට ගෙනාවට මේ පිටුපස වෙනම කඳුළු කතාවක් තමයි තියෙන්නෙ .ජපානෙ දෙවෙනි ලොක යුධ සමයෙ මුණ දෙන්න වුණු විශාල උවදුර පිලිබද මතක ඇති.හිරොශිමා නාගසකි බොම්බ පිපුරුමෙන් විකිරණ වලට නිරාවරණය වු පවුල් වල අදටත් වන්දි ගෙවන පරාම්පරාවක් ඇත.ඉතින් එ අමිහිරි මතකය නැවත සිහිපත් කරන්න තමයි බොම්බ ප්‍රහාරයෙන් වසර 10කට පසු ඔවුන් නැවත මේ Godzilla කියන චරිතය නිර්මාණය කරන්නෙ. සරලවම කිවොත් මේ Godzilla තුලින් එදා ඔවුන් නිරුපණය කරෙ ඇමරිකාවයි.එ ෆිල්ම් එක තුල ගොඩ්සිලාගෙ අවදි විම සිදුවන හැටි පෙන්වන්නෙත් ඇමරිකාව විසින් හයිඩ්‍රජන් බොම්බ පරිශාවක් සිදුකල අවස්තාවෙනි.එ වගෙම එ අවදි විමෙන් පසු ටොකියො නගරයට කල පහරදිම වුවත් 100% සමාන කර ඇත්තෙ හිරොශිමා නාගසකි සිදුවිමටය.මෙ විදිහට තමයි ජපන්නු තමන්ගෙ කම්පාව විරොධය නිර්මාණත්මකව ලොකෙටම පෙන්නුවෙ.මෙම ජපන් පළවෙනි Godzilla චිත්‍රපටයෙ නිශ්පාදක එ චිත්‍රපටය පිලිබද දැක්වුවෙ මෙවැනි අදහසක්.
"The theme of the film, from the beginnig, was terror of the bomb. Mankind created the bomb and now nature was going to take revenge on mankind"
එ වගෙම එහි අධ්‍යක්ෂ වු Ishiro Honda මේ ගැන කියලා තියෙන්නෙ මෙහෙම
"If godzilla had been a dinosaur or some other animal, he would have been killed by just one canonball. But if he were equal to an atomic bomb, we wouldn't know what to do. So, i took characteristics of an atomic bomb and applied them to godzilla"
source
ගොඩ්සිලා ගැන විස්තර කියනවානම් තවත් බොහෝ දේ තියෙ පැවසිමට නමුත් එයින් වන්නෙ මෙය ඉතා දිග පොස්ට් එකක් වෙන එක පමණයි.මෙක කියවලා බලන්න ප්‍රතිචාර හොදනම් මම මෙයා ගැන වගෙම Kong ගැනත් අනික් අය ගැනත් ඔයාලාව දැනුවත් කරන්නම්.කොහොම වුනත් Honda මහතාට පිං සිද්ධ වෙන්න අපිට අද ලස්සන movie ටිකක් බලන්න තියෙනවා.
"Japan is the only nation to suffer atomic bombs dropped on two of its cities, and godzilla gave powerful expression to this emotional ambience disguised as a giant monster movie"
- John Carpenter
ස්තුති !!
මේ 2 විතරයි තාම බැලුවේ. ලස්සන විස්තරයක්. ජපානයේ සම්බන්ධය ගැන අද තමයි දැනගත්තේ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එහෙනම් අනිත් දෙකත් ඉක්මණට බලන්න එතකොට කතාව මුල ඉඳලම සරළව තෙරෙයී. ඔය හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit