Ethereum වල කලු කුහරය !

in hive-102306 •  4 years ago  (edited)

ethereum-closeup-macbook-keyboard-wo.jpg

කළු කුහර යනු අභ්‍යවකාශයේ පවතින ලක්ෂ්‍යක් වන අතර ඒවා ගැඹුරු ගුරුත්වාකර්ෂණයක් නිර්මාණය කරයි. කළු කුහරයක ගුරුත්වාකර්ෂණයෙහි ප්‍රබලතාවයෙන් ගැලවීමට ආලෝකයට පවා නොහැකිය. එය තුලට ඇදී යන වස්තූන් වලට නැවත එලියට පැමිණීමට හැකියාවක් නොමැත.

Ethereum වල කලු කුහරය යනුවෙන් හදුන්වන්නේ Ethereum blockchain එක තුල පවතින විශේෂ ලිපිනයකි. එම ලිපිනය වන්නේ 0x000000000000000000000000000000000000 යන්නයි. මෙය Ethereum වල Genesis Address එක නමින් හදුන්වයි. එය මෙසේ කලු කුහරය යනුවෙන් හැදින්වීමට හේතුව නම් මෙම ලිපිනයට යවන Ethereum හෝ අනෙකුත් ERC20 ටෝකන යලි කිසි දිනක ලබා ගත නොහැකි වීමයි. එමනිසා මෙම ලිපිනය කලු කුහරයක් ලෙස හදුන්වයි.

මෙහි දැනට පවතින ටෝකන් වල වටිනාකම ඔබට සිතාගත හැකිද? එය ඩොලර් මිලියන 520 ඉක්මවයි ! එය අද පවතින ධනවත්ම Ethereum ලිපිනයන්ගෙන් එකකි.

image_2020-12-31_150023.png

Check here: https://etherscan.io/address/0x0000000000000000000000000000000000000000

සමහර ERC20 projects තමන්ගේ ටෝකන් ප්‍රමාණය(total supply) අඩු කිර්‍රිමට(token burn) හිතාමතාම මෙමෙ ලිපිනයට ටෝකන් යවනු ලබනවා.

ව්‍යාපෘතියේ ආරම්භකයින්ට මෙම ලිපිනයේ private key ඇත්නම්, එයට යවන ඕනෑම දෙයක් ස්වයංක්‍රීයව ආපසු ලබා දෙන smart contract එකක් සැකසිය හැකිය. කෙසේ වෙතත්, මෙම ලිපිනය සඳහා private key නැති බව විශ්වාස කරනවා. තමන්ට වැරදීමකින් හෝ මෙමෙ ලිපිනයට තමන්ගේ ටෝකන් යවීම සිදුකලොත් එය ලබා ගැනීම කල නොහැකියි.

~Malith~

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Good article macn. Very informative.

ව්‍යාපෘතියේ ආරම්භකයින්ට මෙම ලිපිනයේ private key එක තියෙනව නම්, එයට යවන ඕනෑම දෙයක් ස්වයංක්‍රීයව ආපසු ලබා දෙන ස්මාර්ට් කොන්ත්රාත්තුවක් සැකසිය හැකිය. කෙසේ වෙතත්, මෙම ලිපිනය සඳහා private key නැති බව විශ්වාස කරනවා.

key eka thiyenawada danne na neh bn .. lol