sources
ඔයාලා හිතනවා ඇති මූ මොකක්ද මේ කියන්න හදන්නේ කියලා .අපිට සල්ලි අච්චු ගහන්න පුළුවන් නම් හොඳයි තමයි .ඒත් ඉතිං අපි සල්ලි අච්චු ගැහුවොත් අවුරුදු ගාණක් ජම්පරය අඳින්න වෙනවා.
පොඩි කාලේ මම හිතාගෙන හිටියේ සල්ලි අච්චු ගහලා රජයට ඕනෙ ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් කියලා .පස්සෙ ටික ටික මොළේ පෑදුනම තමයි සිද්ධිය තේරුණේ .
ගොඩක් ඈත අතීතයේ මුදල් කාසි හදලා තිබුණේ වටිනා ලෝහ වලින් .ඒ කාසියේ වටිනාකමට හරියන්න ලෝහ වල වටිනාකමකුත් කාසි ම තිබුණා.එහෙම තත්ත්වයක් තුළ කොච්චර සල්ලි අච්චු ගැහුවත් ඒ කියන්නේ කාසි හැදුවත් ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.
දැන් රටවල් වල මුදල් අච්චු ගහන ක්‍රමවේද කිහිපයක් තියෙනවා .ඒකෙන් එකක් තමයි මුද්‍රණය කරන ප්‍රමාණයට අදාල සංචිත රජය සතුව තබා ගනිමින් මුද්‍රණය කරන එක .එහෙම සංචිත රත්තරන් වගේ මොනව හරි වටිනාකමක් තියන දේවල් වලින් පවත්වාගෙන යනවා .කෙසේ හෝ අවසානයේ සිදුවිය යුත්තේ රටේ තියෙන භාණ්ඩ නිෂ්පාදනයට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම . නැත්නම් ලොකු විනාශයක් වෙනවා .ඒ තමයි උද්ධමනය .
දැන් බලමුකෝ උද්ධමනය කියන්නේ මොකක්ද කියලා .උද්ධමනය කියන එකේ නිර්වචනය තමයි "යම් කිසි කාලයක් තුළ රටක සමස්ත භාණ්ඩ හා සේවා වල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම "අපේ රටේ නම් මේ තත්ත්වයක් ප්‍රායෝගිකව දැනිලා ඇති ඔයාලට මේ දවස් වල .
එකපාර ඕනි කෙනෙක්ට හිතෙන දෙයක් තමයි සල්ලි අච්චු ගැහුව කියල කොහොමද භාණ්ඩ වල මිල ගණන් ඉහළ යන්නේ කියලා අපි හොයලා බලමු ඒක වෙන්නේ කොහොමද කියලා අපේ රටේ රාජ්‍ය වියදම ආදායමට වඩා ලොකු පරතරයක් පෙන්නනවා හැමදාම .ඉතින් අන්න ඒ පරතරය පියවගන්න ගන්න මෝඩ විසඳුමක් විදිහට සල්ලි අච්චු ගහන එක පහුගිය හැම රජයක්ම කරා .යහපාලන ආණ්ඩු කාලේ $1 = 170 ට විතර ගිය දවස් වලත් ඕකම තමයි වෙලා තිබුනේ . වර්ථමානේ ඒ දේම ඊට වඩාත් දරුණුවට සිද්ධ වෙනවා .එහෙම අලුතින් මුද්‍රණය කරන මුදල් රාජ්‍ය වියදම් විදිහට ජනතාව අතට පත් වෙනවා.එතකොට මුදල් සුලබ වෙලා භාණ්ඩ දුලබ වෙන්න පටන් ගන්නවා .එතකොට ඉල්ලුම සැපයුම බලපෑම අනුව භාණ්ඩ වල එක දිගට මිල ගණන් ගණන් ඉහළ යනවා .
මට මේ ලඟදි ඇහුණා කවුද දේශපාලඥයෙක් උද්ධමනයට බලපෑමක් නොවෙන්න සල්ලි අච්චු ගහන්න පුළුවන් කියලා කියනවා.ඔව් පුළුවන් හැබැයි අදාල ප්‍රමාණය පමණක් රටේ සංචිතවලට අදාළව ගහනවා නම් .එහෙම නැතුව කොහෙත්ම උද්ධමනයට විනිමය අනුපාත වලට බලපෑමක් නොවෙන්න සල්ලි අච්චු ගහන්න බෑ .
තව දෙයක් තමයි සල්ලි අච්චු ගහන එකෙන් ඩොලර් එකට වෙන බලපෑම නැති කරන්න ආනයන සීමා කරන එක .ඒකත් රටකට ලොකු ප්‍රශ්නයක් මොකද ආනයන සීමා කිරීම තුළින් විවෘත ආර්ථිකයට හුරු වෙච්ච රටක් බොහෝ භාණ්ඩ ප්‍රමාණයක හිඟ කමකට අත් විඳින්න වෙනවා .භාණ්ඩ හිඟ වෙනවා කියන්නේ ආයෙත් ඉබේම උද්ධමනයක් ඇති වෙන එක .
සමහර වෙලාවට රජයන් කියනවා මුදල් අච්චු ගැසීම තුළින් වෙන වෙනස පියවා ගන්න බදු පැනවීම කරනවා කියලා .ඔයාලට සරලවම තේරෙනවා ඇති බදු පැනවීම තුළිනුත් වෙන්නේ භාණ්ඩවල මිල ඉහළ යාම .එතකොට උද්ධමනය වක්‍රාකාරයෙන් සිද්ධ වෙනවා .
ඉතින් මුදල් අච්චු ගැසීම තුළින් පැහැදිලි විනිමය අනුපාතිකයක් නැති රටක් බවට පත් උනහම රටට ආයෝජකයෝ එන එක අඩු වෙනවා .ඒකට හේතුව තමයි ඔවුන් විදේශවලින් ගෙනෙන මුදල් බල වටිනාකම දිනයෙන් දිනය අඩුවීම ආයෝජනයේ අවදානමක් වීම .
මෑත කාලයේ ගොඩක් තැන්වල සිම්බාබ්බේ උදාහරණයට අරගෙන පෙන්නලා තියනවා මම දැක්කා .දුකෙන් හරි කියන්න තියෙන දේ තමයි අපේ රටක් මේ යන්නේ සිම්බාබ්බේ ගිය මාවතේ ද කියන එක .
ඔයාලගේ අදහස් යෝජනා චෝදනා පහලින් කොටාගෙන යන්න හොඳේ .
වසංගතයෙන් ආරක්ෂා වීමට ආරක්ෂා වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..
ලාංකාව සිම්බාබ්වේ වෙන දවස වැඩි ඈතක නෙවෙයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit