Gartmore falls & Moray Falls maskeliya

in hive-102306 •  3 years ago  (edited)

යාලුවනේ මම හිතන විදිහට අපි අනිවාර්යෙන්ම යන්න ඕනි තැනක් තමයි මේ .ලංකාවේ විශාල සංචාරක ආකර්ෂණයක් දිනා නොගත්ත පැත්තක් උනාට මස්කෙළිය කියන්නේ ලංකාවෙ ලස්සනම තැන් කිහිපයකටම හිමිකම කියන ප්‍රදේශයක් .
ලක්ෂපාන දිය ඇල්ල ,ඊට ඉහළින් ඉහලින් තියන සප්ත කන්‍යා කඳු වැටිය .ඇබර්ඩීන් දිය ඇල්ල, නෝටන් බ්‍රිජ් වගේ තැන් ඔයාල කවුරුත් ගිහින් ඇති .ගිහින් නැති අයට පහසුවෙන් map එක බලාගෙන වුණත් යන්න පුළුවන් ඒ තැන්වලට ලේසියෙන් .
මම මේ කියන්න යන්නේ සිරිපාද අඩවිය පාමුල තියෙන විශේෂ තැනක් ගැන .අපි කවුරුත් ෆොටෝ දැකලා තිබුණට යන පාරක් හරියට හොයා ගන්න බැරුව යන විදිහක් හොය හොයා මම වගේම ඔයාලත් ඉන්න ඇති කියලා හිතෙනවා.
ලංකාවේ දිය ඇලි දෙකක් එකම ජලාශයකට වැටෙන එකම තැන තමයි මාවුස්සාකැලේ ජලාශයේ ඉහළ කෙළවර .එහෙම වැටෙන දිය ඇලි දෙක තමයි Moray Falls සහ Gartmore falls .

20210425_151821.jpg

ඉතින් ගොඩක් කල් ඉඳන් මෙතනට යන විදිහක් හොය හොයා ඉන්නකොට මට මස්කෙළිය යාලුවෙක් හම්බවුණා preem කියලා දෙමළ ජාතිකයෙක් උනාට හරිම හොඳ මනුස්සකම තියන හොඳ යාළුවෙක් .ඉතින් අපි එයාලගේ ගෙදරට ගියාට පස්සෙ අපිට මෙන්න මේ වගේ හොඳට කන්න බොන්න සැලකුවා එයාලා .

20210425_111026.jpg

20210425_111137.jpg

20210425_111141.jpg

20210425_112623.jpg

ඒ යාලුවා ගේ වටේ තියෙන තේ වතු ටික හරිම ලස්සනයි.ගොඩක් පිරිසුදු වතුර තියෙන වතුර පාරවල් හැමතැනින්ම ගලාගෙන යනවා

20210425_115319.jpg

20210425_113949.jpg

දැන් මම ඔයාලට කියන්න හදන්නේ මම මුලින් විස්තර කරපු ලස්සන තැනට යන විදිය .අපි maskeliya town එකට ගිහින් ටවුන් එකේ තියෙන Filling Station එක ළඟින් දකුණට Upcot පාර දිගේ යන්න ඕන

https://goo.gl/maps/Y3Tn7N1FgxoxJgALA

Capture.PNG

. ඒ පාරේ කිලෝමීටර් කිලෝ මීටර් හයක් විතර යද්දි අපිට හම්බ වෙනවා මෙන්න මෙතනින් හන්දිය .
https://goo.gl/maps/2CSWMn22V1y4MUn66

2.PNG

එතනින් දකුණට හැරෙන්න ඕනි .ඊට පස්සේ Gartmore falls උඩට කෙලින්ම යනවනම් .ඒ පාරේ කිලෝමීටර් හතක් විතර යන්න ඕන .

Screenshot_20210428-070301_Maps.jpg
හැබැයි ටික දුරක් විතරයි සාමාන්‍ය වාහනයකට යන්න පුළුවන් .කෙලවරටම යන්න නම් බයික් වලට පුළුවන් ,4*4 උස වාහන වලට පුළුවන්, ත්‍රීවීල් වලටත් පුළුවන් .

කාර් එකකින් මගේ යනවනං වාහන මෙන්න මෙතනින් දාන්න ඕන .
6°48'19.2"N 80°34'04.5"E
https://goo.gl/maps/VjooVQTumfdtrMfZA

දාලා ඉතිරි ටික පයින් තමයි යන්න වෙන්නේ .දිය ඇල්ල උඩට ගියාම අපිට බලන්න හම්බ වෙන්නේ එක දිය ඇල්ලක් විතරයි .හැබැයි ලස්සන දර්ශන නම් තියෙනවා .

මං කියන්නං දියඇල්ල පහලට යන විදිය .
මම දාපු location එකේ වාහන දාලා එතනින් පහලට තියෙන පාරේ දිගට යන්න ඕන .ඒ පාර map එකේ නැති නිසා මම අතින් මේ වගේ ඇදලා දාන්නම්

8.PNG

ටිකක් දුර පයින් යන්න තියෙන නිසා වතුර බෝතලයක් එහෙම අරගෙන යන්න අමතක කරන්න එපා .කොච්චර දුර පයින් ගියත් ලස්සන පරිසරයක ඇවිදිද්දි මහන්සි දැනෙන්නේ නෑනේ .

ඔන්න අපි එහෙනම් තැනට ආවා ඒ යන පාරේ මැද දී අපිට දිය ඇලි දෙකම එකට පේන තැනකුත් හම්බ වෙනවා මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගන්න අමතක කරන්න එපා

20210425_151813.jpg

මෙතන කවුරුත් නාන එක නම් අනුමත කරන්න බෑ මොකද මේකේ මීට කලින් කීපදෙනෙක් බිළිඅරන් තියෙනවා ලු .හිතාගන්න බැරි ලස්සනක් තියෙන්නේ .

20210425_144337.jpg

20210425_143800.jpg

මට කියන්න අමතක උනා ඔයාලට මේකේ බෝට්ටුවක යන්න ඕනි නම් වැව පහලින් බෝට්ටුවක් අර ගණන් එන්න පුළුවන්

ඉතින් ඔයාලට මෙතනින් නාන්න එපා කිව්වට trip එකක් ගියාම නෝනා එන්නත් බෑනේ .ඒක නිසා ශ්‍රී ලංකාවේ ලස්සනම natural pool එකක් ගැන කියන්න හදන්නේ මේ හරියම තියන .

අපි ආයෙත් ගිය පාර දිගේ ඇවිත් upcot පාර දිගේ අනෙක් පැත්තට ගිහින් මෙන්න මේ හන්දියෙන් දකුණට හැරෙන්න ඕන .

https://goo.gl/maps/bs8LfZyYGpPijJYG6

5.PNG

එහෙම හැරිලා කිලෝ මීටර් 3ක් විතර යද්දි උඩට යන්න පොඩි පාරක් තියෙනවා මෙන්න මෙතනින් .පොඩි පාරක් ඒ නිසා යන්න අමාරුනම් වටෙන් යන්නත් පුළුවන්

https://goo.gl/maps/VTUSx7FpZ6V5Mpvf7

10.PNG

Map එකේ හරියට නැති නිසා මම මෙහෙම දැම්මේ .

ඔන්න අපි තැනට ආවා .මේ තමයි location එක
https://goo.gl/maps/vohyBamWU96ezjG56

20210425_171223.jpg

20210425_174737.jpg

20210425_174749.jpg

පේනවනෙ ලස්සන .වතුර ටික ඉතාම පිරිසිදුයි කියාගන්න බැරි සතුටක් දැනෙන්නෙ නෑවට පස්සේ .

මම හිතනවා හිතනව ඔයාලට හොයාගන්න ලේසි වෙයි කියලා මම දාපු location ටික .ප්‍රශ්නයක් තිබුනොත් comment එකක් දාලා අහන්න .

ස්තූතියි ඔයාලත් අනිවාර්යෙන්ම යන්න .

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hello @ssjbjapura ඒ photos ටික ලස්සනයි. ❤️යන්න බල බල ඉන්නව හීන මව මව ☘️😪..

Sorce link eka danakota me widiyta try krnna lassnata link eka hide wela watenna

[Source](link)

ස්තුතියි.
ලබාදුන් උපදෙස් මම ඊළඟ පෝස්ට් එකේදි අනුගමනය කරන්නම්.