My daily routing [2023.09.08]

in hive-109435 •  last year 

hello Friends,
කොහොමද ඉතිං යාළුවනේ..!!

අදත් වැහිබර කාලගුණයක් තියෙන්නේ. මගේ දවස ගෙවන ආකාරය සහ මගේ විස්තර ඔබලා සමඟ බෙදාගන්න.මේ සති දෙක ඇතුළත නිතරම වගේ වහින්න ගත්තා. එහෙම වුණහම ටිකක් කම්මැලි හිතනවා. අදත් මම වෙනදා වගේම උදේ 5 ට විතර නැගිටලා මගේ අම්මත් සමග එකතුවෙලා උයන්න පටන් ගත්තා.

WhatsApp Image 2023-09-08 at 19.07.44.jpg

උදේට මගේ මහත්තයා රැකියාවට යනවා. ඒ වෙලාවටම මගේ දුවත් පාසලට පිටත් වෙනවා ඉතින් අපේ ගෙදර අය ගොඩක් බිසී.මොවුන් ගිය පසුව මම නිවස අතුගා පිරිසිදු කොට මිදුලේ තිබෙන කොළ රොඩු ද ඉවත් කරනවා.

It's still rainy today. How I spent my day and share my details with you. It started raining like always in these two weeks. When that happens, I think a little boring. Today, I woke up at 5 a.m. and started cooking with my mother. My husband goes to work in the morning. At the same time, my daughter also leaves for school, so our family is very busy. After they leave, I clean the house and remove the dry leaves in the yard.

මේ දවස් දවස් වල වෙනදාමෙන් මල් පැළ වලට ගොඩක් වතුර අවශ්‍යත් නෑ .වහින දවසට අපි ඉන්න පළාත හරිම ලස්සනයි. ගස්කොළන් ප්‍රාණවත් වෙලා පොඩි මීදුම් ගතියකුත් එයට එක් වෙලයි තියෙන්නේ. ඒ ලොකේෂන් එක බලන්න අපි ගොඩක් ආසයි.අපේ නිවසේ පිටුපසින් කුඹුරක් සහ පොල් වත්තක් ද ඇත. සමහර වෙලාවට එහි මොණරුන් පවා දකින්නට ලැබේ.පහුගිය මාසේ ටිකේම ගොඩක් පැවුවා. මගේ වත්තේ තියන මල් පැලත් අඩාල වෙලා ගිහින්.දැන් ආයෙමත් මගේ මල්පැල හොදින් වැවීගෙන එනවා.

These days, the flowers don't need a lot of water as usual. The area we live in is very beautiful on the day rainy days. The trees are alive and there's a little mist in it. We love to see that location. There is a paddy field and a coconut garden behind our house. Sometimes you can even see peacocks there. The last few months were really hot. The flowers in my garden have also been damaged, and now my flowers are getting well again.

WhatsApp Image 2023-09-08 at 19.07.58.jpg

මගේ ගෙදර පුංචි යාළුවෝ ටිකක් ඉන්නවා.ඒ මගේ ගෙදර ඉන්න පූස් පවුල. පූස් අම්මා අලුතින් පැටවුන් බිහි කරලා.එයාලට අපි ගොඩක් ආදරෙයි. මේ දවස් වල අපේ ගෙදරට නෑදෑයකු වන මල්ලි කෙනෙකුත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි එයා සමග පොඩ්ඩක් එලියට ගියා.එයාටත් අපේ පළාත පෙන්වන්න. අපි දවල්ට කන්න pasta හැදුවා.මගේ දුවත් ඒකට ගොඩක් කැමැතියි. ඒ සමගම පැනි කොමඩු බීම හැදුවා.

I have a few little friends at home, and that's the cat family in my house. The cat's mother has given birth to new Kitties. We love them very much. These days, a relative and a brother have come to our house. So we went out with him to show him our area. We made pasta for lunch, and my daughter loved it. I also made watermelon drinks.

PXL_20230908_115627928.jpg

WhatsApp Image 2023-09-08 at 19.07.03.jpg

මගේ දුව පාසල් ගිහින් ආවට පසුව මම එයත් එක්ක විද්‍යාව පන්ති ගියා. ඊට පසුව ඉතින් හවසට ආගමික වතාවත් කරලා, ආයෙමත් ඉතින් දුවගේ පාසැලේ homework කරන එක තමයි අපි කරන්නේ.මේ විදියට තමයි මගේ දවසේ වැඩ කටයුතු නිම කරන්නේ. එහෙනම් ඉතින් steemit යාලුවනේ මා සමග මොහොතක් රැඳුනා නම්, ඔයාලට ගොඩක් ස්තූතියි.!

After my daughter went to school, I went to science classes with her. After that, we do religious rituals in the evening, and then again do the homework for my daughter's school. This is how I finish my day's work. So, steamit guys, if you stayed with me for a moment, thank you so

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  
Loading...