උසාවියෙන් කතාවක්

in hive-133716 •  3 years ago 

මේ සිද්ධිය උනේ මං දිවුරුම් දීල ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් ළඟ පුහුණු වෙන කාලෙ.

මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය ඒ දවස්වල හුඟක් නඩු වලට පෙනී ඉන්න මාව තමයි උසාවියට යවන්නෙ. ඔයා යන්න නඩුව ගන්න කලින් මං එනව කියල.

මං දොර දිහාම බලන් ඉන්නව දැන් එයිනෙ කියල. අන්තිමේ නඩුව කැඳවනව. මං ඉතින් කොහොමහරි නැගිටල නඩුවට පෙනී ඉන්නව. මාව පුරුදු කරන්න වෙන්න ඇති එහෙම කළේ. ඒත් මං මුල්ම දවස් වල බොහොම බයෙන් තමයි තනියෙන් නඩු වලට නැගිට්ටෙ. මොකද ඒ දවස්වල හිටපු විනිසුරුතුමත් අළුතෙන් එන නීතිඥයන්ගෙන් පනත් ගැන වගන්ති ගැන ප්‍රශ්න එහෙම අහනව.

මට එදා නඩත්තු නඩුවක ඉල්ලුම්කාරිය වෙනුවෙන් පෙනී ඉන්න තිබුණ. ඒ නඩුව උසාවියෙ කැඳවන දෙවෙනි දවස. ඒ කියන්නෙ වගඋත්තරකාරයට නොතීසි එහෙම යවල ඔහුත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.

ඒ නඩුවෙ පැමිණිල්ල කෙටුම්පත් කළේ මම උනත් මං ඉල්ලුම්කාරිය එක්ක පෞද්ගලිකව කතා කරල තිබුණෙ නෑ. එයා ලස්සන අහිංසක දෙමළ ගෑණු ළමයෙක්.. අවුරුදු තුනක විතර පුංචි බබෙක් එක්ක ආවත් මට වඩා අවුරුදු තුනක්වත් බාල ඇති කියල දැක්ක ගමන් මට හිතුණ . ඉතින් මං උසාවියට යන්න කලින් ඔෆිස් එකේදිම ඉල්ලුම්කාරියගෙන් විස්තර ඇහුවෙ විනිසුරුතුමා අහනකොට කියන්න හැමදේම දැනගෙන ඉන්න ඕනි නිසා..

පදිංචිය ගැන, වගඋත්තරකාරයගෙ ආදායම රස්සාව ගැන, බබා ගැන විස්තර අහල මං ඇහුව ඔයා අවම වශයෙන් කීයක් විතර බලාපොරොත්තු වෙනවද කියල.

"මට සල්ලි ඕනි නෑ මැඩම්..මට එයාව තමයි ඕනි" ඒ ගෑණු ළමය බබා දිහා බලාගෙන කැඩිච්ච සිංහලෙන් කියද්දි මට පුදුම හිතුණ.

නඩත්තු නඩුවෙන් මුදල් ඉල්ලීමක් කරාට එයා කැමති නම් ආපහු එකතු වෙන්න කිසිම බාධාවක් නෑ කියල මං එයාට කිව්ව. එයාගෙ හස්බන්ඩ් අද ආවොත් මං පවුල් උපදේශනයට ඉල්ලන්නම් කියලත් කිව්ව.

"එයාට වෙන කෙනෙක් ඉන්නව මැඩම්. මං මේ දරුවටත් වඩා එයාට තමයි ආදරේ උනේ මැඩම්.."

එයා කඳුලු පිහදගෙන ටිකක් වෙලා යනකම් මං ආයෙ කතා කළේ නෑ.

කොහොමහරි වගඋත්තරකාරය උසාවියට ඇවිත් හිටියෙ නෑ. ඒ වෙනුවට වගඋත්තරකාරය ඔහුගෙ පියා අතේ රුපියල් පන්දාහක් එවල තිබුණ. මාසයක් ගානෙ පන්දාහ ගානෙ දරුවට විතරක් ගෙවන්න කැමතියි කිව්ව.. ඉල්ලුම්කාරිය ඒ මුදලට එකඟ උන නිසා සහ පසුවට අවශ්‍යතා වැඩි වන විට මුදල වැඩිකරගැනීමේ ඉල්ලීමක් කළ හැකි නිසා ඒ මුදලට එකඟ බව මං අධිකරණයට දන්වා සිටියා.

නඩු ඉවරවෙලා මං ඔෆිස් එකට යද්දි ඇය හිටිය. "එයා ආවෙ නෑනෙ මැඩම්.. ඊළඟ දවසෙ එයි නේද"

එයා ඔෆිස් එකෙන් ගියාට පස්සෙ මං කල්පනා කළේ එයා උසාවි ආවෙ නඩත්තු සල්ලි ගන්න නෙවෙයි, එයාව දාල ගිය ආදරවන්තයගෙ මූණ බලල යන්න වෙන්න ඇති කියල.

eyes-tears.jpg
Source

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Meka kiyawl iwr weddi nikan hamadem nthr una wge dnuna.

E wage ewa thamai apita hemadaama ahanna thiyenne..

Adare kiyannema dukak eka athakin baluwama.

Ow.. hema bandeemakma dukakne...

"මට සල්ලි ඕනි නෑ මැඩම්..මට එයාව තමයි ඕනි"

මේ වගේ අසරණ වෙලා උසාවියට, පොලිසියට එන ගැහැණු අය මොනතරම් නම් ඇතිද? හදිසි වෙලා ගන්න තීරණවල ප්‍රතිඵල තමයි මේ 😶

හදිසි වෙලා ගන්න තීරණවල ප්‍රතිඵල තමයි මේ

ඇත්ත.. ඊයෙ කසාද බැඳල අද ඩිවෝස් වෙන්න එන අයත් ඉන්නව..

උසාවියක් කියන්නේ ඔය වගේ අහිංසක කඳුලු කතා ගොඩක් තියෙන තැනක් නේද අක්කේ... 😑😑

එයා ආවෙ නෑනෙ මැඩම්.. ඊළඟ දවසෙ එයි නේද

එයාගේ අහිංසක ආදරේ....

ඔව්... නීතියෙන් පිහිට හොයාගෙන ගොඩක් අසරණ මිනිස්සු එනව.

කොච්චර මේ වගේ කතා තියෙනව ඇද්ද 😪😪

ඔව්..ඔය බොහොම සරල එකක් විතරයි..

ගැහැණු බලාපොරොත්තු වෙන්නෙ ආදරේ කියලා තේරුම් ගන්නෙ නැති අය කොයිතරම් ඇතිද​.

ඔව්... ඒත් ඔය කතාවම නඩු වලට එන පිරිමි පාර්ශ්වය කියන අවස්තාත් තියෙනව..

@anupama mamth galle court inne akka. Aduna ganna lebuna eka aththama sathutak. ❤️ samaje gena igena ganna godakma hoda thenak thamai usawiya . Eka denune practice ekata awama. divorce cases godak enna ennama wedi wenawada kiyalath hithenawa. 😥

Ow..divorce case saha nadaththu thamai wedi. Mama nawalapitiya court eke.

Aduna ganna lebuna eka aththama sathutak.

🤝👊

ඒකට මොකක් කියන්නද කියලා තේරෙන් නෑ. සමහර මිනිස්සු ඉන්නවා ජීවිත කාලෙටම එක්කෙනෙක්ට විතරක් ආදරේ කරන. එයාත් එහෙම කරයිද දන් නෑ. එයයි චූටි බබයි දෙන්නම පව්

ඒ ගෑණු ළමය දැන් ගාමන්ට් එකක ජොබ් එකක් කරනව. සමහරවිට එයාට ආදරේ කෙනෙක් හම්බවෙයි.. ඒත් බබාට තාත්තෙක්ගෙ ආදරේ ලැබෙයිද කියන්න බෑනෙ.

Mewa dakkama hithenne mn monada looke gena danne kiyala...Eka athakata owa dana ganne nethuwa enna ekath hoday kiyala hithenawa.

kiyala...Eka athakata owa dana ganne nethuwa enna ekath hoday kiyala hithenawa.

Oya kiyana deth hari..

හරිම සංවේදී කතාවක්...

හ්ම්ම්.... මටත් දුක හිතුණ එයාගෙ ආදරේ ගැන..

"එයා ආවෙ නෑනෙ මැඩම්.. ඊළඟ දවසෙ එයි නේද"

සමහර මිනිසු ගන්න නොසැලකිලිමත් තීරණ නිසා අහින්සක ජීවිත කොච්චරනම් දුක් විදිනව ඇතිද ..
ගොඩක් සංවේදී කතාවක්

ඔව්.. වැඩිපුරම දුක් විඳින්නෙ අහින්සක දරුවො.

මේ වගේ දේවල් ගොඩක් දැන් වෙනව අක්කෙ...😞😞😞.... අනේ මන්දා මේ ගැන මට තේරෙන්නෙ නං නෑ ගොඩක්....😅 කොහොම උනත් ආදරෙ කරන එකත් ජාතක කතා පොත වගෙ...🙊🙊 එක එක episodes තියෙනව ..... ඒ අතරෙ මෙ වගේ එවත් තියෙනව...😞

ඒක හරි.. සතියෙ දවසක පත්තරයක් කියෙව්වත් ඔය වගේ ඔයිට වෙනස් කතා කීයක් නම් දාල තියෙනවද...

උසාවියක් ඇතුලෙ මේ වගේ දේවල් කොච්චර වෙනව අතිද..😥

අපොයි ඔව්.. ගොඩක් සිදුවීම් තියෙනව.

මේ දේවල් නිසා මොකුත් නොදන්න අර චූටි බබාටත් විඳවන්න වෙනවා. 😑

ඒක තමයි අවාසනාවන්තම දේ..

හැගීම් වලට වහ වැටිල තම පවුල අසරණ වෙන සිද්ධි කොච්චරක් තියෙනවද...? නීතියේ පිහිට පතන්නේ එකේනුත් කී දෙනාද?මේ දේවල් වලින් අසරණ වෙන්නේ අහිංසක දරුවෝ.....

ඒක ඇත්ත..😢

Heart Touching story.

Thank you for reading...😢