චූටිට මම් කවපු දවස| 5% to Sl- Charity

in hive-133716 •  3 years ago 

අපි අබුන් කිව්වට චූටිම තමයි එයාගෙ කෑම කන වෙලාවට මම් මම් කියලා රස කරල කාල අපිටත් මම් කියන්න පුරුදු කළේ.

චූටි තමයි දැන් ගෙදර ඉන්න විශේෂම කෙනා. දැන් පිස්සු කන්නට වැඩිය තැනක් නෑ..😂 අනේ එහෙම නෑ.. ඒත් චූටිට අපි හැමෝම චුට්ටක් වැඩියෙන් ආදරෙයි. චූටි කියන්නෙ ඇත්තටම අපේ පවුලට ආපු සුරංගනාවියක්.

චූටි ඉපදුණ දවසෙම එයාගෙ අම්මගෙන් වෙන් කරලා මැෂින් එකකින් හුස්ම ගන්න සම්බන්ධ කරල කියල දැනගත්තම අපේ හුස්ම තමයි හිරවුණේ. එදා ඉඳන් එයා හොස්පිටල් එකෙන් ගෙදර එන දවස වෙනකන් පවුලෙ අය හිටියෙ දරාගන්න බැරි දුකකින්. කියාගන්න බැරි බයකින්. "නංගි බබා කවද්ද ගෙදර එන්නෙ පුංචී.." කියල පිස්සු කන්න දවස ගානෙ ඇහුව. ඒකට දෙන්න උත්තර අපි ළඟ තිබුණෙ නෑ. ඇස් වල කඳුලු පිරුණ විතරයි.

දන්න කියන හැමෝම එයා වෙනුවෙන් දෙවියන්ට බුදුන්ට භාර උනා. බෝධි පූජා තිබ්බා. එයා මැෂින් එකෙන් හුස්ම ගන්න හැටි මැවිල පෙනුණම රෑට තනියෙන් ඉකි ගගහ ඇඬුණ.

ඒ රෝසමල තනියෙන් සටන් කරල අන්තිමේ දිනුව. එයා ඉපදිලා සති තුනකට පස්සෙ ගෙදර ආවම එයාව ඉස්සල්ලම දැක්කමත් මං කළේ අඬපු එක.

ඉතින් එයාව හරිම පරිස්මෙන් හරිම ආදරෙන් අපි බලාගන්නෙ. එයා චුට්ට චුට්ට ලොකු වෙද්දි බලන් ඉන්න ආසයි.

ඉතින් ඊයෙ චූටිට ඉඳුල් කටගෑව. එයා හරිම සන්තෝසෙන් හැමදේම දිහා බල බල මම් කෑව.

20211209_102802.jpg

20211209_103818.jpg

IMG-20211209-WA0039.jpg

චූටි අපිව අඬවපු තරමටම දැන් අපිව සතුටින් තියනව. ගෙදර කාට උනත් දැක්ක තැන හිනාවෙනව..වඩාගන්න කියල අත් දික්කරනව. උදේට එයාගෙ මලක් වගේ හිනාව දැක්කම දවසම සුබයි.

" කවුද මැණික අපිට ඔයාව දුන්නෙ"

චූටිගෙ කිරි අම්ම එයාව වඩාගෙන ඉඹ ඉඹ අහනව. එතකොට චූටි ගැන ආදරේ කරන්ට් එකක් වගේ ඇඟ පුරා යනව දැනෙනව.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Harima lassana diyaniyak.😘🥰😘🥰😘.lassana anagathekata saba pathanawa petiyo

bohoma sthuthiy oyata....💜

pissu kannata irisiya hithewida danne na awadane adu weddi 🤭

lassana rosa malakma thamai me duwa nm 😍

Ow eyath thama hurathal wewi inna thamai balanne. hebei nangita aadarei godak.

චූටිම තමයි එයාගෙ කෑම කන වෙලාවට මම් මම් කියලා රස කරල කාල අපිටත් මම් කියන්න පුරුදු කළේ.

පොඩි අයට එයාලටම වෙන්වෙච්ච අමුතු භාශාවක් තීනව..ඒවට ප්‍රතිචාර දක්වන විදියට තමා ආස හිතෙන්නෙ..😊

ඔව්... එයාල හිතේ තියෙන දේ කොහොමහරි කියන්න උත්සාහ කරනව...

බහ තෝරන වයසනෙ

Mewa kiyanakota matath akklage babalawa mathak wenawa.. eyala innawa kiyanne mara sathutak denawa.. pissu kanna den loku akka kenek neda😀

ow... mulu gema pirila wage. pissu kannath udaw karanawa nangige weda walata.

දුක සතුට කියන එක හැමෝටම එකම විදියට ලැබෙනව. චූටි හැමදාම ඔයාලව සතුටින් තියයි..❤❤

අනිවාර්යෙන්ම... චූටි එහෙම කරයි..❤

Chuty babala ennakota maru neda...math asai podi babalata

oyath podi babek gena liyai ikmanatama...💜

Thawa kal thiyano😂😂

Malli...

Rosa malak wagei tamai. Pissu kannath chutita godak adare ati.

ow welawakata apita upades denawa eyawa balaganna heti gena.

Ane shooi 🙊

Lassana anagathayak chuti duwa...

Bohoma sthuthiy mame....!