නම් තැබීම

in hive-133716 •  last year  (edited)

බබෙක්ට නමක් දානකොට කොච්චර නම් දේවල් තියෙනවද හිතන්න.. වෙලාවල් බලන්න ඕනි. උපන් වේලාවට අනුව අකුරු ලග්නෙට අනුව අකුරු... ගණ පිහිටුවල නම් තියන්න එකී මෙකී නොකී දේවල් ගොඩයි. ශාස්ත්‍රානුකූලව නම් හදල දෙන අයත් ඉන්නව. ඒ අතරේ ලස්සන නමක් දාන්නත් එපැයි. දැන් නම් ගොඩක් බබාලගෙ නම් එක වගේ. ඉස්කෝලෙ පන්තියක නාම ලේඛනයක් බැලුවොත් එකම වගේ දිව පැටලෙන නම් ගොඩයි. පිස්සු කන්නගෙ නම ජොහන්සා. එයාගෙ නංගි චූටිගේ නම තුහන්සා.

ඉස්සර මං පුංචි කාලේ අපේ පුංචි ළඟ තිබුණ "බබාට නමක්" කියල පොතක්. මං හරිම ආසයි ඒකට. කොයි වෙලෙත් ඕක බලනව. ඉස්කෝලෙ යද්දිත් ලස්සන නමක් හරි වචනයක් හරි හිතට වැදුනොත් ලියල තියාගන්නවා කවදාහරි මගෙ බබාට ඒ නම දානව කියල. එහෙම නම් ගොඩක් තිබුණ. හැබැයි දැන්නම් කොහෙද දන්නෑ.

අන්තිමේ ඒ දවස ආව... මං කිව්වේ බබාට නමක් තියන්න ඕනි වෙන දවස.. මට ඕනි උනේ ලස්සනම නමක් එයාට දාන්න.හැමෝටම තියෙන දිව පැටලෙන නම් දාන්න අපි දෙන්නම කැමති උනේ නෑ. බබාගෙ කිරි අම්මයි ආච්චි අම්මයි වෙලාවල් බලලා නම් දාන්න ඕනි කියද්දිත් බබාගෙ තාත්තියි මායි එයාට නමක් තෝරගෙන හිටියෙ. එයා අපේ "ශයිලි". ඒ නම හොයාගත්තෙ නම් ඉන්ටර්නෙට් එකෙන්. හැබැයි තේරුම ලස්සනයි. (An admirable women.) ඉතින් ඒකත් එක්ක දාන්න තව නමක් හොයල දෙන්න කිව්වෙ තාත්තිගෙ යාලු මාම කෙනෙක්ට. හොඳම වැඩේ තමයි එයා නමක් එවල තිබුණේ මං එයාව ගේන්න හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න පෝළිමේ ඉඳගෙන ඉද්දි. විශ්ව ෆෝන් එකෙන් නම පෙන්නුව මෙන්න චානයියා නමක් එවල කියල.

"සින්දූපමා"

නම දැක්ක ගමන් ඇත්තටම ආස හිතුණ. මුහුද වගේ කිව්වම.. කොච්චර ලස්සනද.. කොච්චර හිත නිවනවද.. මං කොච්චර නම් මුහුදට ආසයිද ආදරෙයිද.... මගේ නමත් ළඟින් යන නිසා අපි දෙන්න ගොඩක් සතුටු වුණා. එවෙලෙම විශ්ව යාලුවට යැව්ව වෙන නම් ඕනි නෑ. ඒක තමයි දාන්නෙ කියල. එවේලෙ ඉඳන් මං ඒ නම මුමුණ මුමුණ හිටියෙ.

"ශයිලි සින්දූපමා" අපේ දෝණි.

IMG-20230223-WA0008.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ශයිලි සින්දූපමා දියණියට බුදු සරණයි.

බොහොම ස්තූතියි! බුදු සරණයි!

"ශයිලි සින්දූපමා" අපේ දෝණි.

Little princess,,, warmly welcome to the steemit!❣️ She has the most beautiful name. Wish her a healthy and beautiful life with her beautiful parents. Congratulations akka!❣️

Thank you so much nangi...❤️