පේරාදෙණිය අහස යට..

in hive-133716 •  3 years ago  (edited)

පේරාදෙණි අහස යට ජීවිතේ සුන්දරව ගෙවිල ගියා කාලයක්.. අවුරුදු හතරක් එකතු කරගත්ත මතක පේරාදෙණිය පහු කරන් යන හැම වතාවකම කොහේදෝ ඉඳන් අත වනනව වගෙ දැනෙනව. ඒ පාරවල් වල මං ඇවිදගෙන යන හැටි.. ලෙක්චර්ස් වලට පරක්කු වෙලා දුවන හැටි.. මටම මැවිලා පේනවා. අර කාලය හරහා ගමන් කරන ෆිල්ම් වල වගේ ඒ ඇවිදන් යන මං, ඒ දිහා බලන් ඉන්න මං දිහා හැරිල බලනවනං...

පහුගිය දවසක ඒ මතක පොත ආපහු දිග අරින්න ලැබුණෙ පොඩි ඇසිස්ටන්ට් ජොබ් එකක් නිසා. විශ්ව වෙඩින් එකක ෆොටෝ ගන්න ගාඩ්න් යමුද අහද්දි මං හා කිව්වෙ හරිම ආසාවෙන්. ඒකට හේතු ගොඩක් තිබුණ. එකක් මට මුළු දවසම ලස්සන පරිසරයක එයත් එක්ක ඉන්න ලැබෙන එක. අනිත් එක පේරාදෙණියත් එක්ක තියෙන බැඳීම.. ඊටත් වඩා මේ රෙබරෝසිය මල් පිපෙන කාලෙ.. නොගිහින් කොහොමද..

ෆොටෝස් ලස්සන උදේට නිසා අපි උදෙන්ම පිටත් උනා. හත වෙද්දි අපි එතන. ලස්සන ළා කහ පාට ඉර එළියකුත් තිබුණ. මං ගාඩ්න් එකට තුන් හතර සැරයක් ගිහින් තිබුනත් මෙච්චර නිදහස් වෙලාවක ඇවිත් තිබුණෙ නෑ. විශ්ව ෆොටෝ ගහන අතරෙ මං ඉතින් ඔය ලෙන්ස් එහෙම උස්සගෙන කළේ ඒ පරිසරේ රසවින්ද ඒක. එතනදිත් මට මතක් උනේ යාලුවොත් එක්ක ෆොටෝ ගගහ ඇවිදපු හැටි. ඒ තැන් එහෙමම තිබුණ. ඒත් අවුරුදු හත අටක්ම ගෙවිල ගිහින්. දන්නෙම නැතුව.

IMG_20220312_080159322~2.jpg

IMG_20220312_082314462~2.jpg

IMG-20220316-WA0010~2.jpg

IMG-20220316-WA0009~2.jpg

මල් අතුරපු රෙබරෝසිය ගස් යටට දුවල ගිහින් ඉස්සර වගේ එක එක විදිහට ෆොටෝ ගන්න හිතුණ. ඒත් මොකටද.. ඒකත් මතකයක් විතරක් වෙයි..

IMG_20220312_100915555.jpg

ෆොටෝ ගහන වැඩ ඉවර උනාම කපල් එක පිටත් කරල අපි ගාඩ්න් එකේ ටිකක් වෙලා හිටිය. අපි කතා කළා. එයා ළඟ මං මගේ හිත නිදහස් කරගත්ත. එයා ඇහුව මගෙන් අද දවස හොඳයිද කියල. මීට වඩා මොන හොඳක්ද.. මේ වගේ දවස් මට හරියට වටිනවා..

එන ගමන් කැම්පස් එක දිහා බලාගෙන ගලහ පාරෙ ටික දුරක් ගිහින් ආයෙම හැරිල ආව..

IMG_20220312_115849851~2.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ලස්සනට ලියල තියෙනව.😍 ඒ වගේ පරිසරයක ඉන්න ලැබෙන එක නම් හිතට ලොකූ සහනයක්.😊

ස්තූතියි...😀 අනිවාර්යයෙන්ම හිතට ලොකු නිදහසක් දැනෙනව..

My favorite university 😍

👍👍 mine too...

Roba rosia gaha nethuwa palui....

Wale neda? Ethana den podi pelayak thiyenawa.. Mal pipei ikmanin...

photographer kenekge wife kenek wena ekath hari sundarai neh. lassana dewal dakinna labenwane.

මල් අතුරපු රෙබරෝසිය ගස් යටට දුවල ගිහින් ඉස්සර වගේ එක එක විදිහට ෆොටෝ ගන්න හිතුණ. ඒත් මොකටද.. ඒකත් මතකයක් විතරක් වෙයි..

robarosiya kiyann wenama feeling ekak neda.. Peraadeniye paarawal dige robarosiya thiyna kiyala ahala thiynawa mma

Ow..😀 eth mage photo ganne ne wediya..🤣

Robarosia kaleta campus eka watapitawa rosa patai..

what a beautiful day, you went through so many beautiful things as moments with those two couples

Yes it was a beautiful day...❤️

ඒ ෆොටෝස් ටික මාරම ලස්සනයි. ඔයා කොච්චර වාසනාවන්තද ඒක ඔයාගෙ යුනිවර්සිටි එක වුණ එක. මට නම් තාමත් පේරාදෙණියම හීනයක්❤😁

එතන අගය වැඩිපුර දැනෙන්නෙ එතනින් එළියට ආවට පස්සෙ. අදටත් දකිනකොට ඇහැට සතුටු කඳුලක් එන ආදරණීයම තැනක්.

ගොඩක්ම ලස්සන university එකක්.