ඔයා හරි.. මුහුද ලස්සනම හවසට තමයි..

in hive-133716 •  3 years ago  (edited)

1635003238743-01.jpeg

ඉන්ටර්විව් එකට කොළඹ ගිහින් ගත කළේ ලස්සනම දවස් කිහිපයක්.. කොළඹ ඉන්න ආස නෑ.. ඒත් අද ගෙදර එද්දි දාල එන්න බැරි හැඟීමක් තිබුණ.

සිකුරාදා හවස මුලින්ම අපි ගියෙ දියත උයනට. ඒ වැක්සින් එකේ සෙකන්ඩ් ඩෝස් එක ගන්න. හැබැයි එදා වැක්සින් දෙන දවසක් නෙවෙයි කියල දැනගත්තෙ ගියාම. පුංචි පොදයක් අස්සෙ තෙමි තෙමී අපි දියතෙ පොඩ්ඩක් ඇවිද්දා. පැළ ටික දැක්කමනම් මට මතක් උනේ විශ්වගෙ අම්මව. එයා ඒ ටික දැක්කනම් ඔක්කොම අරන් යයි.

ඊළඟ දවසෙ විහාරමහාදේවි පාර්ක් එකට ගිහින් තමයි වැක්සින් එක ගත්තෙ. ඊට පස්සෙ මං පළවෙනි වතාවට seafood rice එකක රස බැලුව. ටිකක් කෑවම තමයි මතක් උනේ එදා ඉස්සො කන්න හොඳ නෑ කියල.

මං දන්නව විශ්ව ඕව අරන් දෙන්නෙ මට අපේ පැත්තෙ ඒවගේ කෑම කන්න වෙන්නෙ නැති නිසා.

1635176767437-01.jpeg

ඊළඟට මං පුංචි කාලෙ ඉඳන්ම යන්න ආසම තැනකට යන්න පුළුවන් උනා. උදේ ඉඳන්ම යං යං කියල කරදර කළත් විශ්ව මාව බීච් එකට එක්කන් ගියෙ හවස. අව්ව සැරයි කියල. ඒ පැය ගානට හිතට දැනුන නිදහස සැනසීම ගැන නම් කියන්න වචන නෑ.

අපි ඉර බහිනකන්ම හිටිය. වැඩි කතාබහක් නැතුව වෙරළෙ ඉඳගෙන ඈත මුහුද දිහාම බලන් හිටිය.. ඇහුණෙ මුහුදෙ හෝ හෝ සද්දෙ විතරයි. ඒ විනාඩි ගාන මට හරි වටිනව.

ඊයෙ ඉන්ටර්විව් එක ඉක්මනට ඉවරවුණ නිසා එයා මාව එක්කන් ගියා One Galle Face Shopping centre එකට. මගේ නම් පළවෙනි වතාව. එයා මාව කියලමයි එක්කන් ගියෙ ඒකෙ තියෙන බඩු අපි වගේ අයට බලන්න විතරයි පුලුවන් කියල. ඔව් ඒව හරි ගණන්. 😀

IMG_20211024_103106.jpg

හවස අපි පන්සල් ගියා.. මගේ ආසාවට අපි ආයෙම බීච් එකට ගියා.. අද තමයි මං එච්චර සිප්පිකටු ගොඩක් දැක්කෙ.. එතන රැල්ලත් එක්ක සිප්පි කටු පොදියක් සර සර සද්දෙට ඇවිත් කකුලෙ වදිනව. වෙරළට ඇවිත් ආපහු යන රැල්ලට යටින් ටයිල් කරල වගේ සිප්පි කටු පේනව. හරි ලස්සන ඒව තිබුණ. කලින් දවසෙ තැන තැන තිබ්බ ඒව ඇහිලුවෙ අපරාදෙ කියල හිතුණ.

1635178994941-01.jpeg

ඉතින් මං අද එන්න ආව.. ඒ එනගමන් කඳුලු පිහදදා නෝට්බුක් එකේ ටයිප් කළේ මේක තමයි.

නුහුරු නුපුරුදු
කොළඹ අහස යට
නොදන්න පාරවල් වල
මහ වැස්සෙ උනත්..
එකම තැන කැරකි කැරකි
ඔයාගෙ රතු ස්කූටියෙ
එහෙ මෙහෙ ගියෙ හරිම ආසාවෙන්

අතින් අල්ලගෙන ගිහින්
තාත්තෙක් වගේ
ඔයා මට පෙන්නුවෙ
මං නොදැකපු ලෝකෙ

අපි දෙන්න ඇවිදපු සලකුණු
දැන් නම් වැල්ලෙ නැතුව ඇති
රැල්ලට මකන්න පුලුවන්
අඩි සලකුණු විතරයි..

තෙමි තෙමී වැටි වැටී
සිප්පි කටු අහුලද්දි
මං නෙවෙයි ඒ හිටියෙ ඔයා ළඟ..
ඒ මට මගඇරුණ පුංචි කාලෙ..
ඔයා හරි.. මුහුද ලස්සනම හවසට තමයි..

චූටිගෙ බාරෙ ඔප්පු කරල එනකොට
නාග විහාරෙදි..
ඔයා දන්නව මං කරපු ප්‍රාර්ථනාව..
මං අද තනියෙන් ගමට යනකොට
පොදි බැඳගෙන යන ඒ මතක
හරි බරයි..

1635167868300-01.jpeg

1635167714118-01.jpeg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

අන්තිමට ලියපු කවිය හරිම ලස්සනයි ❤️ හිතෙට දැනෙන හැඟීම් හරි ලස්සනට අකුරු කරලා තියෙනවා 😇

🤩🤩 ස්තුතියි ඔයාට...

One galle face ekata giyahama eke thiyana dewal dekala ganna salli nathi unama eka duna nam kiyala wisthara karanna ba thamai. Beach eke ohoma enna math hari asai.

gihin balala photo aran enna tama tiyenne 🤭.

Ekane..api chocolate witharai gaththe...

Lassana kaviyak. podi kale colombo giya wage harima shooi hangimak awe meka kiyawanakota.

  ·  3 years ago (edited)

බොහොම ස්තුතියි... law college ගියාට වැඩිය කොළඹ ඇවිදල නෑ.. ඒකයි ඔහොම... 😀

Apith ehema tamai.. matanm colombo parawal patalenawa😅. Dakina Okkoma eka wage hitenne welawakata.

Your poem touched my heart! It is so soulful!

Thank you... it was just what I felt when leaving him.. I thought it was not good because they were my uncut unedited true feelings...

තෙමි තෙමී වැටි වැටී
සිප්පි කටු අහුලද්දි
මං නෙවෙයි ඒ හිටියෙ ඔයා ළඟ..
ඒ මට මගඇරුණ පුංචි කාලෙ..
ඔයා හරි.. මුහුද ලස්සනම හවසට තමයි..

හරිම ආදරණීයයි.
ෆොටෝස් ටිකත් හරිම ලස්සනයි.
හිතට දැනෙන ලස්සන ලියවිල්ලක්.❤️

❤️ ස්තුතියි ඔයාට...

Photos ටික හරිම ලස්සනයි 😍 මම තාම one galle face ගිහින් නෑ 👀

තනියෙන් යන්න එපා.. සෙට් එකක් එක්ක යන්න..😀

Harima lassanai. Adaraneeyai.

තැන්කූ....

අන්තිම වචන ටිකනම් වචන විතරක්ම නෙවෙයි 😍

ඔව්...ඒ මගේ හිත...

ආදරණීය මතකයක් ලස්සනට ලියලා.💖
Photos ටික නියමයි 💪

තැන්කූ...🤩

හරි ලස්සණට ලියල, සංවේදීව.මුහුදෙ පිංතූරෙත් වර්ණවත්, දාල යන්න නොහිතෙන වෙරළක්.

අනේ ඔව්..දවසම උනත් ඉන්න පුලුවන්... ස්තුතියි ඔයාටත්..

wasanawata oyala dennata lassana photos ganna talent eka thiyanwa. muhuda kittuwa inna nisa sea food apita kawenwa nithara. nuwara eliye api awama hari asai aluth elwalu, strawberry ehema kanna.

oyata lassana muhuda apata kammali dakalama. a unata nuwara eliye lassana mal, kandu, diyaeli dakkama harima asawak enwa..

ehema thamai jiwithe. api asa krnne apata nathi dewal walata

E kathaawa eththa thamai... nethi dewal walata aasa welaa eka lebunama thawath dekata aasa wenawa. Minissunge hithe heti thamai ithin...