පාපොච්චාරණය | 5% to SL-Charity

in hive-133716 •  3 years ago 

පාපොච්චාරණයක් නඩුවකට අදාළ වෙන හැටි ගැන ගැන ඉගෙනගෙන තියෙනව. පාපොච්චාරණ කරනව දැකල තියෙනව. ඒත් පාපොච්චාරණයක් අහල ඇඬුවෙ නම් අදමයි..

විවාහයක් දෙදරල ගියාම ගොඩක් වෙලාවට අසරණ වෙන්නෙ කාන්තාවො. අපි ළඟට එන දික්කසාද නඩු නඩත්තු නඩු ගැන මං කලිනුත් දවසක් කිව්ව. එහෙම එන හුඟක් නඩු වල අහිංසක පාර්ශ්වය කාන්තාවො. කාන්තාවො අත්විඳින කරදර දුක්ගැහැට අහන අපිටත් ඒ පිරිමිය ගැන තරහක් එන්නෙ ඉබේමයි.

ඒත් ඒකෙ අනිත් පැත්ත වෙන අවස්තාත් තියෙනව. ඒ කියන්නෙ කාන්තාවො අනියම් සම්බන්ධතාවක් ඇතිකරගෙන තමන්ගෙ ස්වාමිය විතරක් නෙවෙයි ඇතැම් විට දරුමල්ලො පවා අතහැරල සුරසැප හොයාගෙන යන අවස්තා නැතුවාම නෙවෙයි..

මේක ඇත්තටම මිනීමැරුමක්.. මිනීමරුව නම් මේ වෙනකොට ඉන්නෙ පොලිස් අත් අත්අඩංගුවෙ.. ඔහු ඝාතනය කරල තියෙන්නෙ තමන්ගෙම බිරිඳව. ඒ කොහොමද කියල ඇහුවොත් ඔබ කම්පනයට පත්වෙයි. ඒ නිසා මං නොකිය ඉන්නම්. කොහොමහරි පොලිසිය ඇත්ත දැනගන්න මේ පුද්ගලයට පහර දෙද්දි ඔහු ඇත්ත වමාරනව.

murder.jpg
Source

ඇත්තටම ඔහු බිරිඳව හොර රහසේ කැන්දාගෙන ආවට පස්සෙ ඇයට බොහොම හොඳින් ආදරයෙන් සලකනව.. මේ පුංචි පවුල ලස්සන කරන්න පුංචි පැටියෙක් ලැබෙන්න ඉද්දි බිරිඳව ඇස් දෙක වගේ බලාගන්නව. අලුත ඉපදුණු පුංචි පුතා ගැන මේ තාත්තට තියෙන්නෙ දරාගන්න බැරි දාරක ස්නේහයක්. ඉතින් පවුලක් ලස්සන වෙන්න තව මොනවද අඩු?

ඒත් එක අඳුරු දවසක් එනව.. මෙච්චර ලස්සනට තිබුණු පවුල දෙකඩ වෙනව. තාත්ත ගෙදර එනකොට හිටියෙ කිරිසප්පය විතරයි.. බිරිඳ ගිහින්.. හිතක් පපුවක් නැති විදිහට මේ දෙන්නව දාල ගිහින්.. තාත්ත හැමදේම දරාගෙන පැටියව ලොකු කරන්න තමන්ට පුලුවන් දේ කරනව..

එහෙනම් මේ පුද්ගලයට තමන්ගෙ බිරිඳව ඝාතනය කරන්න තරම් දරුණු කේන්තියක් ආවෙ ඇයි?

ඔබ ඒක අහල බලන්න..

ඒක ගීතයක්.. හදවත නතරවෙන ගීතයක්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මේ කතාවෙ තියෙන හැම වාක්‍යයක්ම ගැහැනියකට, අම්මා කෙනෙකුට වටිනා ආදර්ශයක්.
මේක මම අහලා තියෙනවා.
පුළුවන් දවසක heena with shashi ගෙ අර doctor ගේ සින්දු දෙකටත් පෝස්ට් එකක් දාන්න.

ඇත්ත.. කෙනෙක් යමක් කරන්න කලින් දෙපාරක් හිතන්න පෙළඹෙන සමාජ පණිවිඩ මේ ගීත ඇතුළෙ තියෙනව. නීති රීති වලින් මිනිස්සුන්ගෙ හැසිරීම පාලනය කළාට මේ වගේ ගීත, සිනමාව, වගේ කලාවෙන් පුලුවන් මිනිස්සුන්ගෙ හිත් වලින් වැරදි අදහස් අයින් කරල ස්වයං හික්මීමක් ඇති කරන්න.

  ·  3 years ago (edited)

මම මේක අහලා තියෙනවා අක්කෙ. ආයෙ කියවනකොට කම්පාවක් දැනෙනවා. 😥 ඒ වගේ සිංදු ආයෙ ආයෙ අහන්න බයයි. ඒත් මං හිතන්නෙ ඔයාට එකම වගේ කතා ආයෙ ආයෙ අහන්න වෙනවා ඔයාගෙ job එකේදි.

ඔව්... වෙලාවකට ජොබ් එකත් එපා වෙනව. ඒ ගීතය හුඟක් අය අහල නේද.....තව තියෙනව ඒ වගේම ගීත ටිකක් heena with shashi channel eke.. ඒවත් මේ වගේම මිනිස්සුන්ගෙ හිත් වලට කතා කරන ගීත..

heena with shashi කියන්නේ ගොඩාක් අර්ථාන්විත නිර්මණ වල තෝතැන්නක්. මේක අහන් ඉන්න බැරි තරමේ දුක හිතෙන අඳෝනාවක්. ඒත් ගොඩක් කණගාටුදායක මිනීමැරුම් වලට මුල මේ වගේ සිදුවීම් තමයි. 😥වරදක බැඳෙන්න කලින් මේ ගීතය එක පාරක් හරි අහලා තියේනම් ඒ ගැන දෙපාරක් හිතනවා සත්තයි.

මම අහම්බෙන් තමයි ඒ youtube channel 1 දැක්කෙ.. ඒ ගීත ටික එක දිගට ඇහුව..සම්භාව්‍ය කියන්නත් බෑ නූතන කියන්නත් බෑ වෙනස්ම ආරක්. හැබැයි හදවතට කටුවකින් අනිනව වගේ දැනුන.

මොහොතකට හදවත නැවතුනා. 💔 මන් ගොඩක් සංවේදීයි. ඔයාගෙ ජොබ් එක කරන්න නම් ලොකු දරාගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. 🙄

මමත් ඒ ගීතය අහල ඇඬුව.. ඒක ගීතයක් නිසා හිත හදාගන්න පුලුවන්.. ඒත් ඒ වගේ සිද්ධි සැබෑ ජීවිතේ කොච්චර වෙනවද... ඒ ගැන හිතනකොට අපිට හිත හදාගන්න බෑ..

I also heard this story... 😌😌😌

Many have listened to it except me...😔

මම ඒකේ කවි පන්තියක් කියවලා තිබුණා FB එකෙන්. ඒත් මේ ගීතය මම ඇහුවේ අද. ඒක හරිම සංවේදීයි. කවිය කියවද්දී දැනුනට වඩා මේ ගීතය අහලා දෙයක් හිතට දැනුනා. 💔

Sinduwa ahanna kalin mama beluwe comments.....Godak aya ikman wenawa..... Wide topic to discuss... Not easy...Not simple...

Mamath comments kiyewwa eke. You are correct. We have to think a lot before doing something!

හරිම සන්වේදී පද පෙලක්😥. ඇත්තට මේ වගේ දෙවල් වෙනවත් ඇති නේද​.

ඔව්..මීටත් වඩා සංවේදී සිදුවීම් අපි නොදැන රටේ ලෝකෙ වෙනව.

Waradikarayek unath e sampurna kathawata duka hithenwa...mn first time e kathawa danagaththe saha sinduwa ahuwe..😶

Ekane hemotama kathawak thiyenawa kiyanne..😔

මම මේ සින්දුව හත් අට පාරක්ම අහල ඇති ගොඩක්ම හිතට වදින සංවේදී ගීතයක්

ඔව්..මේ වගේ සින්දු ගොඩක් තිබුණ එයාගෙම.