His Christmas and her Christmas! | 5% to SL-Charity

in hive-133716 •  3 years ago 

නත්තල කියන්නෙ හරි ලස්සන ආගමික උත්සවයක්නෙ. දැන් මෙහෙම හිටියට මමත් පුංචි කාලෙ මට පුළුවන් විදිහට නත්තල් ගස්, ගවලෙන් හදපු කෙනෙක් තමයි. ඒ විතරක් නෙවෙයි ඒ කාලෙ ටීවි එකේ ගිය නත්තල් කතා, කාටුන් සේරම බලපු කෙනෙක්. ඒ හැම කතාවකම තිබුණෙ නැතිබැරි අයට උදව් කරන එක, වැඩිහිටියන්ට සලකන එක, බෙදා හදා ගන්න එක වගේ උතුම් මිනිස් ගුණාංග. ඉතින් ආගම මොකක් උනත් අපි නත්තලට ආදරෙයි.

විශ්වට ආරාධනාවක් ලැබිල තිබුණ නත්තල තේමාව කරගෙන ෆොටෝෂූට් එකක් කරන්න. ඇත්තටම ඒක බතික් ඇඳුම් නිර්මාණය කරන මල්ලි කෙනෙක් එක්ක තමයි සැලසුම් කරල තිබුණෙ. හොඳ නරක කියන එක ඇරෙන්න මං නම් කිසිම සහයෝගයක් දුන්නෙ නෑ. හැබැයි එයාලගෙ මහන්සිය අපතේ ගිහින් තිබුණෙ නෑ.

FB_IMG_1640318652066.jpg
Source

ඔය අස්සෙ පිස්සු කන්නට නත්තල් ගහක් ඕනි උනා. මං එයාට කොළ පාට කොළේකින් නත්තල් ගහක් හදල ඒකෙ අලවන්න පාට පාට තරු තියෙන ස්ටිකර් කාඩ් එකකුත් ගෙනත් දුන්න. එයා ඒක දැක්ක ගමන් ගොඩක් සතුටු උනත් පස්සෙ මට තේරුණා ඒක එයා අතින් බිම වැටෙනව එහෙම වැඩි කියල.

"තාත්ත ලස්සන ලොකු නත්තල් ගහක් හදල දෙයි නේද පුංචි.. මේක නම් එච්චර හරියන්නෑ.." පිස්සු කන්න කටත් ඇද කරල කිව්ව.

මං බොරුවට දුක හිතුණ වගේ හිටිය.

"නෑ නෑ මේකත් ලස්සනයි. අපි මේක තාත්ත හදන ගහේ එල්ලමු.." ඕව කියන්නෙ මගේ හිත හැදෙන්න වෙන්න ඇති. අපි නං අහුවෙයි.

කොහොමහරි පිස්සු කන්න තාත්තට කියල නත්තල් ගහක් හදාගෙන තිබුණ. ලොකුවට නෙවෙයි.. පිස්සු කන්නගෙ හිතට හරියන තරමට..එයා ඒක වටේ කෑ ගගහ නටන තරමට...මං හදල දීපු කඩදාසි ගහත් ඒකෙ එල්ලල තිබුණ.

"අපි මේක ගොඩාක් කල් වතුර දදා තියාගමු පුංචී.." පිස්සු කන්න ආසාවෙන් කිව්ව. දැනටමත් වේලිලා තිබුණ උණ පඳුරෙ අත්තක් දිහා බලල මං හිනාවුණා.

20211225_203915.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඒ photo shoot එක ලස්සනයි . පුළුවන්නම් තව ෆොටෝස් ටිකක් දාන්න .

එයා ඒක වටේ කෑ ගගහ නටන තරමට.

නත්තල කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැති උනත් පොඩි අය හරිම ආසයි මේ වැඩේට නං .

fb page 1 source ekata demme nangi. eken balanna. mage den phone eken photo load wenne ne lesiyen.

pissu kannata harima sathutui..

nangi putha hondata jiwithe widinwa ne.. photos tika lassanai. eka wenasma theme ekk

😊😊Thank you....!

Una walind haduwe
mn hadala thiyenawa kasa athu walin..

ඔව්නේ.. 😁...

නත්තල කියන්නෙ පුංචි උන්ට හරි විනෝද කාලයක්.අවුරුද්ද වගේම.

ඔව්... පුංචි හිත් වල ජාති ආගම් වෙනසක් නෑ.. සතුට තමයි ආගම ජාතිය...

පිස්සු කන්නගෙ හිතට හරියන තරමට..

එයාලගේ හිතට හරියන තරම වෙන්න එච්චර ලොකු දේවල් වෙන් ඕනෙ නෑ. ❤

Photo shoot එක ලස්සනයි.❤

ඒක ඇත්ත. බොහොම ස්තූතියි!

Lassanai a photo eka.

Thank you...!

Photoshoot eka lassanai 😍. Podi ayata monawa hari deyak samaranna tiyenawanm e ati 😁🤭.

😀... Ekane.. eyalata lassana dewal hadanna duwanna paninna thibunoth ethi.