මහන්සිද පුංචී

in hive-133716 •  3 years ago  (edited)

අපේ ගෙදර කවුරු උනත් කොහේහරි ගිහින් ආවොත් අනිවාර්යෙන් පිස්සු කන්නට මොනාහරි ගේන්න ඕනි. නැත්තං බෑග් එක අදිනව. බොරුවට අඬනව. ලොකු දේවල් නෙවේ. ටොෆියක් උනත් ඇති එයාට.

මං උනත් කසාද බැඳල එනකම්ම අම්මයි තාත්තයි අයියයි කොහේ ගිහින් ආවත් මොනාද ගෙනාවෙ කියලනම් අහනවමයි. දැන් උනත් ගෙදර යන දවසට මං එයාලට අරන් යන දේවල්වලට වඩා එයාල මට ආපහු ගේන්න දේවල් හොයල හදල දෙනව.

ඉතින් මහන්සිවෙලා ගෙට ගොඩවෙනකොටම පිස්සු කන්න මොනාද ගෙනාවෙ කියල අහ අහ පස්සෙන් එද්දි මාත් ඉස්සර එහෙම කළා නේද කියල අමතක වෙලා මට තරහත් එනව.

"ඔහොම ආපු ගමන් මොනාද ගෙනාවෙ කියල අහල කරදර කරන්න එපා. මහන්සි වෙලානෙ එන්නෙ.ඔයාට ගානක්වත් නෑ අපිට මහන්සිද බඩගිනිද කියල. ගෙදර කාට උනත් එහෙම කරන්න එපා." මං කියනව.

මූණ අකුළගෙන මං දෙන දෙයක් අරන් පිස්සු කන්න යන්න යනව.

ඊළඟ දවසෙත් මං එනකං දොරකඩ ළඟ හිනාවෙවී ඉන්නව.

20211211_092351-1.jpg

"පුංචී....ඔයාට මහන්සිද..."
"ඔයාට බඩගිනිද පුංචී..." පිස්සු කන්න මගෙ පස්සෙන් එන ගමන්ම අහිංසක විදිහට තාලෙට අහනව. මං හිනා යන්න ආවත් මහන්සියි කියනව.

මං කාමරේට ගිහින් බෑග් එක තියනව.

"හරිනෙ දැන් ඇහුවනෙ. ඉතින් ඔයා මට මොනාද ගෙනාවෙ පුංචී? "
පිස්සු කන්න අර තාලෙටම අහනව.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Podi kale indanma daruwan ta niwaradi purudu,sirith ugannanna oni,good

aniwaryenma...😊

podi kaledi kauruth ehemai neda. dan unat ehemai nh 🙊. awa gaman ahuwe nati unat monawa hari genawada balanwa...

😁pissu kanna pau ithin.thama podiyne.. eth man hemadama monahari aran yanawane kohomath.

Apith ithin kawuru awath mulinma ahanne....."Monawada genawe kiyala...."

e unata ita wada dan gedara giyama monawada genawe kiyala ayyagen ahanna dennek innawa nh 🙊.

Akka nam ahanne nehe...Kolla thamai... berenna behe ithin...

Ahuwe nati unata balagena innawa ati 🙊.

Ow ithin...😂

හරිනෙ දැන් ඇහුවනෙ. ඉතින් ඔයා මට මොනාද ගෙනාවෙ පුංචී? "

කපටි කෙල්ලෙක්.😁 මොනාද ගෙනාවෙ අහන්න කෙනෙක් මග බලාගෙන ඉන්න එකම කොච්චර ශෝක්ද.

ඔව් ඒකත් ඇත්ත තමයි...😁

Ape babata punchi kiyla kiyanna ba thama. chichchi kiyla kiynne.

😂 meyath welawakata bunji kiyanawa..

හුග කාලෙකින් පිස්සු කන්නගෙ කතාවක් කියෙව්වෙ මරු 😍😍🙈

😀😀