Ooooperation! 5% to SL- Charity

in hive-133716 •  3 years ago 

20220124_082616-1.jpg

ඇයි පුංචි ඔයා ඔච්චර ඉස්පිරිතාලෙ යන්නෙ? පිස්සු කන්න මං අස් කරල තිබ්බ බෑග් එකේ නමපු ඇඳුම් ආයෙ එළියට අදිනව. මට තරහයිත් එක්ක.

පුංචිගෙ ඔපරේෂන් එකක් තියෙනවනෙ.. මං කියන්නෙ තරහ මරහ අමතක කරල.

ඉතින් දැන් තුන්සැරයක් විතර ගියානෙ.. මං යන එකට එයාට ටිකක් දුකයිත් වගේ.

එහෙම තමයි ඉතින්...ඩොක්ට මාම එන්න කියනවනෙ.

ඔයා පව් පුංචී... පිස්සු කන්න මගෙ අතින් අල්ලගෙන කියනව. මං මොකුත් කියන්නැතුව එයා දිහා බලන් ඉන්නව.

ඇයි?

ඔයාගෙන් ලේ ගන්නවද... ඔයාට රිදෙයිද..
පිස්සු කන්න අහන ඒවට පව් කියලත් හිතෙනව.

නෑ... දැනෙන්නෙවත් නෑ. හිරිවට්ටලනෙ ඔපරේෂන් කරන්නෙ.

මොකක්හරි හදිස්සියක් උනොත් මට කතා කරන්න පුංචි මං එන්නං..

මොන වගේ හදිස්සියක්ද? මං අහනව.

නෑ ඉතින් ඔයාට ඔලුවෙ කැක්කුමක් එහෙම ආවොත් මං ඇවිත් ඔලුව අතගාන්නම්..

ඔන්න ඉතින් පිස්සු කන්නගෙ බයත් ඇරල සුපිරිම ආත්ම විශ්වාසෙන් මං ඔපරේෂන් එකට යන්නෙ කලින් සැරයක් අර පිටට ගහන ලොකු ඉන්ජෙක්ෂන් එක ගහල අත්දැකීමක් තියෙන නිසා. පළවෙනි වතාවෙ මං මට ඉන්ජෙක්ෂන් එක ගැහුවද කියල දන්නෙත් නෑ.. මටත් පුදුමයි. මං අහල තියෙන්නෙ ඒක ගොඩක් රිදෙනව කියල. මං ඉස්කෝලෙ යන කාලෙත් ඉන්ජෙක්ෂන් වලට පුදුම බයයි. අඬ අඬා විදගන්නෙ.හැබැයි එදා හැමදේම හොඳ විදිහට සිද්ධ උනා.

ඉතින් මේ වතාවෙ බය වෙන්න කිසිම හේතුවක් තිබුණෙ නෑ. මං ගිහින් ඉඳගත්ත. එයාල කොට්ටයක් බදාගන්න දෙනව. ඒක බදාගෙන මං හරි සැහැල්ලුවෙන් හිටිය. එක පාරටම ලොකු කටුවක් පිට හාරගෙන යනව වගේ මගෙ කකුල් දෙකත් ගැස්සිලා මට දරාගන්න බැරි ලොකුම ලොකු වේදනාවක් දැනුණ. ඊට පස්සෙ මට මතක නෑ.. අනූපමා.. කියල කවුරුහරි කතා කරනව. ඒත් ඒ කාටද කියල මං දන්නෙ නෑ. මට ඇස් අරින්නත් බෑ. මොකුත් මතක් වෙන්නෙත් නෑ. මං කොහේහරි හිරවෙලා වගේ දැනෙනව. පස්සෙ මං හෙමීට ඇස් අරිනව. ඔපරේෂන් කාමරේ ලොකු ලයිට් වැදිල ආයෙ ඇස් පියවෙනව. ආයෙත් අනූපමා කියනව. ඒ මට... මං ඇස් පියාගෙන හිනාවෙනව. ආන් දැන් තමයි මූණෙ පාට ආවෙ. කවුරුහරි කියනව. මොකද උනේ? හැමෝම බය කළා නේද... ඩොක්ට අහනව. මට කතා කරන්න බැරි නිසා මං හිනාවෙනව.

අනූපමාට නිදාගන්නද ඕනි?

මං හිනාවෙලා ඔළුව හොල්ලනව.

එහෙනම් නිදාගන්නකො. ඔපරේෂන් එක හවස කරමු. මං එතකොට දන්නෙ ඔපරේෂන් කරල නෑ මට කලන්තෙ හැදිල කියල.

කොහොමහරි හවස සිහිනැති කරල ඔපරේෂන් කරන්න කියල ඩොක්ටගෙන් ඉල්ලුවෙ ආයෙ නම් කටු ඕනිම නෑ කියල හිතන්. හැබැයි හොස්පිටල් බිල නම් අපි හිතුවට වඩා ලොකු ගානක් වෙලා තිබුණ.

20220123_073125.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මාත් බයයි ඔපරේෂන් වලට. 😥

මාත් ඉස්සර පැනඩෝල් පෙත්තක්වත් බොන්නෙ නෑ. ඒත් මොනා කරන්නද ලෙඩ වෙනකොට...

e injection eka gena kiyala tiyena widiyatanm math baya una. Dan prashnayak na neda? Parissamin gedara awama hari.

Den nam awulak ne...😊

Ehenam hondai 🥰.