Sleep

in hive-133716 •  3 years ago 

පිස්සු කන්නගෙ මං අකමැතිම වැඩක් තමයි මං වැඩක් කර කර ඉද්දි ඇවිත් ලැප් එකේ කී බෝඩ් එක ඔබන එක.. කොච්චර එපා කිව්වත් අහන්නෙ නෑ.

1631196862374-01.jpeg

වෙලාවකට මායි බාප්පයි දෙන්නම ලැප් වල වැඩ නම් එයත් අම්මගෙ ලැප් එක අරන් ඇවිත් ඔෆිස් එකක වැඩ වගේ බොරුවට ටයිප් කරනව. ඔප්පු හදනවලු. ඔය අතරෙ මගෙ ෆෝන් එකත් අරන් බොරුවට එකේක අයට කෝල් ගන්නව. මගෙන් තමයි නමක් අහගන්නෙ.

"පුංචි ඔයාගෙ යාලුවෙක්ගෙ නමක් කියන්නකො"

මං ආසයි පිස්සු කන්නව ටිකක් අමාරුවෙ දාන්න.

"ඉන්ද්‍රානි" මං කියනව.

"අනේ.... හොඳ නමක් කියන්නකෝ..." පිස්සු කන්නට ඒ වගේ නම් කියවන්න අමාරුයි.

"එහෙනම් චන්ද්‍රලතා"

"ඒක හොඳ නමක්යැ...අනේ...." පිස්සු කන්නට හදිස්සි.

"ආ...භද්‍රා... මගෙ හොඳම යාලුව.." එයාට ගන්න...

"භද්‍රා කියන්නෙ ඇයි එයා ගොඩක් බත් කන හින්දද?" පිස්සු කන්න අහනව.

කොහොමහරි එයාට එපා වෙලා එයාම නම් හදාගන්නව. ගොඩක් වෙලාවට කතා කරන්නෙ පීතිකාට, නිධානිට, නිශාන්තට...🤣

හෙලෝ නිධානි... මට ඔයාගෙ ඔප්පුව හදන්න බැරිඋනා අනේ තාම... කොහෙද මේ චූටි බබත් එක්ක බෑනෙ.. මං ඒක රෙජිස්ටර් කරන්නම්" පිස්සු කන්නගෙ කෝල් බාප්පයි මායි හිනාව හපාගෙන අමාරුවෙන් අහන් ඉන්නව.

ඉතින් මං වැදගත් වැඩක් නම් එක්කො දොර වහනව. නැත්තන් එයා එන සද්දෙ ඇහෙනකොට ලැප් එක ස්ලීප් කරනව.

"පුංචි මං අකුරක් ඔබන්නද?

"එපා එපා ලැප් එක ස්ලීප් කරල තියෙන්නෙ." මං කියනව.

"ස්ලීප් කරල කියන්නෙ?

"ලැප් එක නිදි" මං කියනව.

"ආ....." එයා තේරුණා වගේ ටිකක් ඉන්නව.. හොරේන් එයාගෙ අත ලැප් එකට යනව.

"ආ.. ඔයාගෙ ලැප් එක ඇහැරල පුංචී.."

"ඔයා එබුව නේද?.. මං තරහ වෙලා වගේ එලියට යනව.

"ඉන්න පුංචී... මං ආයෙ නිදි කරන්නං..... දොයි දොයි දොයී....... මට ඈතට ඇහෙනව.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

දෙයියනේ... එයාට කෝමද පුදුම ළමයෙක් කියන්නෙ.... එයා පුදුම ලෝකයක් 😍. පුංචි කාලේ එයා කරන මේ හුරතල් වැඩ වලින් තමයි දවසක එයා ලොකු වුණාම එයාගේ ජීවිතේ සැලසුම් කරන්නෙත්... එයා පුදුම ලෝකයක්..❤️😍


ඔව්... එයාගෙ වැඩ නම් කියල ඉවර කරන්න
මට බැරිවෙයි..

hari shook. chuti patiyek.

😄😄

පිස්සු කෝලමී 😍.

😄😄.

Podi ayage seemawak nathi kiyawillai, neethi walata awanatha nowiimai kochchara qwath hadannanm ba🤭😂

Ane ow. Epa kiwwoth ekama karanawa.

වෙලාවට කතා කරන්නෙ පීතිකාට, නිධානිට, නිශාන්තට...🤣

Ha haa 😅
such a cute angel.

I don't know from where those names came to her mind..😄

අපේ පුංචිගෙ පොඩි එක්කෙනත් මන් නැති වෙලේට ඇව්ත් laptop එකේ keyboard එක ඔබල දුවනව...🙊😂😂 පොඩි අය ඔහොම තමයි...

ඔව්.. අපි එපා කියනවනෙ..ඒකයි ඒ.😄

ane eya shoi

❤️😀

ඇත්තටම මෙයා නං පිස්සු කන්නෙක්ම තමයි😁

🤣🤣🙉

Hammo ape nangith ohommai...boruwata call gannawa wage ranga panawa..ochchara katha karanna nm ba thaama 😅
epa kiuwath horenma atha yanawa keyboard ekata
Bannama hari andaagena yanawa😁podi aya okkoma ekai wage

😄..Appe...eyalage call nam welaawakata epaa wenawa. Api kiyana ewa mathaka thiyagena idala e widihatama kiyanawa..

චන්ද්‍රලතා,ඉන්ද්‍රානි,භද්‍රා 😂 පොඩි එකා කොහේ කියවන්න ද අනේ. Type කර ගන්නත් බෑ අපිට නම්.🥴

🤣🤣 මට කරන ඒවට ඕම තමයි මං දඬුවම් කරන්නෙ...

😂😂😂

අමාරු නම් කිය කිය එයාව අමාරුවෙ දානව නේ..🙊 මාත් පොඩි බබෙක් අහු උනොත් එහෙම තමයි..සෙල්ලමටනෙ කරන්නෙ..🙊❤

ඔව් ඔව්... එයාල කියවන විදිහ අහන්න ආසයි..🤣🤣

පිස්සු කන්නා හොදටම පැහිල වගේ 😍😍🤣, ලස්සනට ලියල තියෙනව අක්කෙ 😍

😄 තැන්කූ මල්ලි...

මරු ඈ... 🥰🥰🥰

😄😄😄 තැන්කූ....

Thank you for all the supports you have given to Steem Sri Lanka ! This little souvenir to celebrate your generosity... We wish you all the success!

sinhaya.jpg

From,
Steem Sri Lanka Community

පිස්සු කන්නා. ඔයා නම් මාර කෝලමක් තමයී

🤣🤣

My dhoni is like your pissu kanna.Sometimes the daughter dials phone numbers.

😄😄 They are spending their most beautiful days. Many kids nowadays know how to use the phone than us..