සංචාරේ... | 5% for SL Charity | Club5050

in hive-133716 •  3 years ago 

20220313_131348.jpg

අද මැදින් පුර පසළොස්වක පෝය දවස. ඉතින් අද අපි හැමෝටම නිවාඩු දවසක්. අක්කත් ගෙදර ඉන්න එකේ මං එයාට අපූරු යෝජනාවක් දැම්මා. ඒ තමයි අද අපි අපේ ගමේ ටිකක් එහාට ඇවිදින්න යමු කියලා. මොකද ඈතට යන්න යන්න ඒ පැත්ත හරිම ලස්සනයි. මාත් ගොඩක් කාලෙකින් ඒ පැත්තෙ ගියේ නැති නිසා අපි ගම වටේ පයින්ම සචාරයක් දාන්නයි ලෑස්තිය.

20220313_133950.jpg

අපේ ගමනට අහල පහල ඉන්න අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයිත් එකතු උනා. එයාලා ඉතින් අපේම සහෝදරියො වගේ. අපේ ගෙදරට යන්න පුංචි කන්දක් නගින්න ඕන. ඒ කන්ද බැහැලා අනිත් පැත්තට ගියාම තියෙන්නේ ලස්සන වෙල් යායක්. අපි ඒ වෙල් යාය මැදින් ගමට යන්න තියෙන පාර දිගේ ඇවිදන් ගියා. බලන්න හරිම ලස්සනයි. කොල පාට වෙල් යායේ තැනින් තැන මී ගවයොයි, කොක්කුයි නිදහසේ සැරිසරනවා.

20220313_131200.jpg

තව ටිකක් ඉස්සරහට ඇවිදන් ගිහින් අපි නතර උනේ වතුර බැහැල යන අමුණක් ලග. ඇත්තටම එතන හරිම ලස්සනයි. නෙලුම් විලක් වගේ. ඒත් අපි යන වෙලාවෙ නම් නෙලුම් මල් පිපිලා තිබුණේ නෑ. මං ටිකක් අයිනට ගිහින් නෙලුම් පොහොට්ටුවක් කඩා ගත්තා. ඒකේ නටුව හිතුවට වඩා ගොඩක් ගැඹුරට ගිහින් තිබුණා.

20220313_131256.jpg

අමුණ අයිනේ දම් පාටට බෝවිටියා මල් පිපිලා හරිම ලස්සනයි. ඒ ආසන්නයේ තියෙන කුඹුරුවල වැඩ කටයුතු කරගන්න මේ අමුණ ගොඩක් ප්‍රයෝජනවත් . මේ දවස්වල නම් කුඹුරු වල ගොයම් පැහිලා වී කරල් වලින් බර වෙලා තියෙන්නෙ. අපිට අමුණ දිගේම ඈතට යන්න ඕන උනත් ඒ ආසන්නයේ මී ගවයින් රංචුවක් හිටපු නිසා අපි ආපු පාර දිගේම ඉස්සරහට ගියා.

20220313_131447.jpg

ඒ දිගටම තිබුණේ කුඹුරු යායවල්. ඒ වගේම කලවිට තියෙන තැන්වල මී ගවයින් නිදහසේ සැරිසරනවා. එයාලගේ පිටේ නැගලා ඇවිදින්න යන්න බලන් ඉන්න කොක්කු රාළහාමිලත් සුදට සුදේ ඈතට පේනවා. පාර අයිනේ කහ පාට,දම් පාට පුංචි පුංචි මල් වර්ග පිපිලා හරිම ලස්සනයි. ඒ මල් මොනවද කියලා බලන්න කිට්ටු වෙනකොට මට අපූරු යාලුවෙක් හම්බුණා. ඒ තමයි මෙයා. බත් කූරෙක් වගේ උනත් ඊට වඩා ලස්සන තටු දෙකක් තිබුණා එයාට.

20220313_134045.jpg

තවත් ටිකක් එහාට ගියේ ඒ හරියේ තියෙන දොළ පාර බලන්න යන්න හිතාගෙන. ඒත් එකේ වතුර හිදිලා තිබුණා. අපි දන්නෙම නැතුව ගොඩක් දුර ගිහින් තිබුණා. ඉතින් අපේ සංචාරේ නිමා කරලා ගෙදර එන්න හදනකොට ඈත තියෙන නා ගහක් දැකපු නිසා තව ටිකක් ඉස්සරහට ගියා. සුදු පාටට නාමල් පිපිලා හරිම ලස්සනයි. ඒත් අපිට කඩාගන්න පුලුවන් තරමක් උසින් මල් තිබුණේ නෑ.

20220313_133450.jpg

අපි ගොඩක් දුර ආපු නිසා ගෙදර යන්න හැරුණා. ආපු පාරෙම ගමේ ලස්සන බල බල පුංචි කයියක් දාගෙන අපි ටික ආයේ ගෙදර ආවා. අද නම් හරිම සතුටුයි. ගොඩක් කාලෙකට පස්සේ අද තමයි අක්කලා නංගිලා එක්ක ගමේ ඇවිදින්න ගියේ. මට ගෙදර ආවට පස්සෙ හිතුනා අපේ ගම කොච්චර සුන්දරද කියලා. ♥️

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

gamaka inna eka hari lassana deyak. gas kolan wadi lassana parisarayak thiyena nisa. ape game awidinna giya kalayak nam mathaka na.

Ow. Math kalekin giye...

ඔයාලගේ ගම හරිම ලස්සනයි 💚 අපි ඉන්න පැත්තෙ මෙහෙම ඇවිදින්න තැන් නෑ 🥺

පාර දිගේ ඈතට ඇවිදන් යන්න. එතකොට ලස්සන තැන් පෙනේවි 🙊

ane eka niyamai.. hithata danenna liyala. matath yanna thibuna nam

Thank you ran ❤️... oyth enna niwaduwak labunama 🤗

ලස්සන ගමක්. 😍😍

😍