දඹල | 5% for SL Charity | Club 5050

in hive-133716 •  3 years ago 

20220214_125629.jpg

ඔන්න ඉතිං අද ගෙදරට වෙලා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවේ අම්මා එක්ක වත්ත වටේ රවුමක් ඇවිදින්න ඕන කියලා හිතලා එලියට බැස්සා. මේ දවස් ටිකේම ටිකක් සැරට අව්ව පායලා තිබුණත් ඊයේ වැහැපු වැස්සට ගස් කොලන් ටික අමුතු පණක් ලබලා වගේ.

ඉතිං ඔය අතරෙදි තමයි දැක්කේ අපේ දඹල වැලේ කරල් හැදිලා තියෙනවා. ඒත් ඒවා තාම පුංචි දඹල කරල්. ඒ කියන්නෙ ඵලදාව ගන්න තව කල් තියෙනව. පුංචි කරල් අතරේ හොඳට වැඩුණු කරල් කීපයකුත් තිබුණා. මේ දඹල කරල් කොල පාටයි. ඒත් තව දඹල වර්ගයක් තියෙනවා දම් පාට. ඒත් මං වැඩිපුර දැකලා තියෙන්නේ කොල පාට ඒවා.

20220214_122518.jpg

දඹල කියන්නෙ සාමාන්‍යයෙන් මං කන්න අකමැති දෙයක්. ඒත් නිතරම අපේ අම්මා නම් කියන්නෙ ඒවා තමයි කන්න ඕන. ඒවා තමයි ගුණ කියලා. මාත් අහලා තියෙනවා දඹල කියන්නෙ පෝෂණ ගුණයෙන් පිරුණු හොඳ එලවලුවක් කියලා. අපිට දඹල විවිධ විදියට හදලා ආහාරයට එකතු කරගන්න පුලුවන්. දඹල වෑංජන වගේම සම්බෝලයක් විදියටත් හදා ගන්න පුලුවන්. ඉතිං බිත්තරයක් එහෙම දාලා රසට හදලා දුන්නම නොකා ඉන්න හිතෙන්නෙත් නෑ. 😋🤭

20220214_125840.jpg

දඹල කරල් වේලුනාම දුඹුරු පාටයි. වේලුණ කරල් වල තියෙන ඇට වලින් අපිට දඹල අලුතෙන් බෝ කර ගන්න පුලුවන්. එහෙම ඉතුරු කරපු දඹල කරලකුත් වැලේ තිබුණා.

දඹල හැදෙන්නෙ වැලක් විදියට. අපේ වත්තේ තිබුණ වේලුණ පේර ගහක තමයි මේ දඹල වැල යවලා තියෙන්නේ. දඹල වැලේ පුංචි පුංචි ලා දම් පාට මල් පිපිලා තියෙනවා බැලූ බැල්මට හරිම ලස්සනයි. ඒ මල් වලට පොඩි පොඩි කෘමි සත්තුත් එනවා. පුංචි පුංචි දඹල කරල් වලින් වැල පිරිලා.

20220214_122635.jpg

ඔය අතරේ මං අහම්බෙන් දෙයක් දැක්කා. දඹල වැල අස්සෙ තිබුණ දෙයින් මං පුදුම උනා. අනේ පුංචි කුරුලු කූඩුවක්. ඒක මට වඩා උසින් තිබුණ නිසා ඒකෙ කුරුලු බිත්තර තියෙනවද කියලා මට එකපාරටම පෙනුණේ නෑ. ඒත් මං ටිකක් ඉස්සිලා බැලුවම මං දැක්කා ඒකෙ පොඩි බිත්තර දෙකක් තියෙනවා. ඒත් එක්කම කුරුල්ලෙක් හයියෙන් කෑගහන්න පටන් ගත්තා. ඒ කුරුලු අම්මා වෙන්න ඕන. මං එතනින් ඉක්මනට ගියා. එතකොටයි කුරුලු අම්මගෙ ඇඬිල්ල නතර උනේ.

20220214_122945.jpg

දඹල වැල එච්චර ශක්තිමත් නැති උනත් කුරුලු කූඩුව හරිම ශක්තිමත් විදියට හදලා තිබුණා. දඹල වැලත් හරියට පුංචි පරිසර පද්ධතියක් කියලා හිතුනා මට. දඹල වැල එතිලා තිබුණේ වේලුණ පේර ගහක. ඒකේ පොඩි පොඩි හතු හැදිලා තිබුණා. මල් වලට පොඩි කෘමි සත්තු වහලා. කුරුලු කූඩුවකුත් තියෙනවා ඒ අතරේ. ඉතිං ස්වභාවධර්මයේ ඒ බැඳීම හරිම ලස්සනයි වගේම ශක්තිමත්. 🍃

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

gedara dabala walak thiyenawa kiyanne dawasa gane dabala kanna wenawa thiyena kaleta. uyala malawala sambal hadala badala wage krama godakata kanna puluwan nisa hodai ithin. math asama kamak

Eka nm aththa.... 🤭

මෙන්න දඹල පිස්සියෙක් 🙊🙊

E kurullo warge mokakda. e wage biththara dakala na kalin.

Ane mn danneth na hariytama. Meeta kalinuth e wage biththra mn dakla thiyenw. Eth kurullage warge danne na 🙊

ඒත් මං ටිකක් ඉස්සිලා බැලුවම මං දැක්කා ඒකෙ පොඩි බිත්තර දෙකක් තියෙනවා

you like to climb to stop curious with bird suggestions

yeah. I like to seek them. 🙊

අපේ ගෙදරත් දඹල හදන්ම ගත්තම නවත්තන්නෙ නෑ අම්ම 😂😂😂

දඹල සීසන්.. 🤭🤣

ඔය පොඩි දඹල කරල් ඒම නිකන් කන්න පුළුවන්.. පැණි රසයි..
දඹල වැල ජෛව පද්දතියක් වෙලා නේ.. නයිස්..

අඩේ එහෙමද. මං එහෙම නිකන් කාලා නෑනේ 🙊

දඹල වෑංජන වගේම සම්බෝලයක් විදියටත් හදා ගන්න පුලුවන්

වෑංජන කොහොම වුණත් සම්බල් නම් රසයි.

ඔව් 😋

දඹල පට්ට..ප්‍රෝටීන් වැඩිම එලවලුවක්..

ඔව්. පෝෂණ ගබඩාවක් 🤭

ආසම කෑමක් දඹල පොල් දාලා..

😋😋😋