ලයිසන් එකට කලින් මෙඩිකල් එක | 5% for SL Charity | Club5050

in hive-133716 •  3 years ago 
ඉස්සර ඉඳන් ම මගේ හිතේ තිබුණ ආසාවක් තමයි කාර් එකක් පදින එක. ඉතින් ඔක්කොටම කලින් ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ඕනනේ. ඉතින් මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්න එකේ ඒ වැඩ ටික කරගත්තොත් හොඳයි කියලා මට හිතුනා. @roshipeiris කාලයක් තිස්සේ මං එක්ක කිය කිය හිටපු නිසා මං එයාටත් කතා කරා ලයිසන් ගන්න යමු කියලා.

IMG-20220221-WA0001.jpg

රියදුරු බලපත්‍රයක් ලබා ගන්න නම් අපිට අවශ්‍ය කරන දේවල් කිහිපයක් තියෙනවා. ඒවා තමයි පාස්පෝට් ප්‍රමාණයේ කලු සුදු චායාරූප 6ක්, උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 01ක්, ජාතික හැඳුනුම්පතේ පිටපත් 01ක් සහ වෛද්‍ය වාර්තාවක්. ඉතින් අපි ඊයේ මෙඩිකල් එක ගන්න ගියා. ගාල්ල වක්වැල්ල පාරේ තියෙන ජාතික ප්‍රවාහන ආයතනයෙන් තමයි මෙඩිකල් එක ගන්න ඕන.

20220222_152614.jpg

ඉතින් අපි උදේ 10ට විතර ගාල්ලට ආවා. රෝෂි නම් ආවේ ටිකක් පරක්කු වෙලා. 🙊 ඉතින් එයත් ආවට පස්සෙ අපි දෙන්න පයින්ම ගියා. එතන හොයාගන්න අපි දෙන්නට එච්චර අමාරු උනේ නැහැ. අපි යනකොට ගොඩක් අය ඇවිත් හිටියා. අපි මුලින්ම කරේ ගිහින් අංකයක් ගත්ත එක. අපේ අංක 128, 129.

20220222_152854.jpg

ඉතින් අපිට ටිකක් වෙලා වාඩි වෙලා ඉන්න උනා. ඔහොම ඉන්න අතරේ අපේ අංක කියලා කතා කරා. මුලින්ම අපේ උස,බර මැනලා පුංචි කොලයක සටහන් කරලා දුන්නා. ඊට පස්සෙ අපි ගියේ ලියාපදිංචි කරන තැනට. එත්නට යද්දී අනිවාර්යයෙන් අපේ ජාතික හැඳුනුම්පත අපි ගාව තියෙන්න ඕන. ලියාපදිංචි කටයුතු ඉවර උනාම අපි සල්ලි ගෙවන තැනට ගියා.

ඊට පස්සේ අපි ගියේ ලේ ගන්න තැනට. අතේ ඇඟිල්ලක් සිදුරු කරලා ලේ බිංඳු දෙක තුනක් ගත්තා වීදුරු කදාවකට. ඒ අපේ ලේ වර්ගෙ පරීක්ෂා කරන්න. කට්ටෙන් ඇඟිල්ලට ඇනපු වෙලාවේ තරු විසි උනා මට. 🥲

ඊට පස්සෙ අපි ගියා ඊලඟ තට්ටුවට. අපිට එතනදි පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරන්න උනා අත, පය, ඇඟිලි නවන දිග අරින වගේ ඒවා. ඊට පස්සෙ අපේ පෙනීම බැලුවා. මං ටිකක් බයේ හිටියේ මගේ පෙනීම ගැන. වාසනාවට පෙන්නපු ඔක්කොම අකුරු ඉලක්කම් මට කියවන්න පුලුවන් උනා.

20220222_094749.jpg

දැන් ඉතින් හරි. නම කියලා කතා කරනකම් අපි දෙන්න වාඩි වෙලා බලන් හිටියා. ටික වෙලාවකින් අපේ මෙඩිකල් අපේ අතට ලැබුණා. පැය දෙකක් යන්නත් කලින් අපේ වැඩේ කරගන්න ලැබුණා.

IMG-20220221-WA0064.jpg

රෝෂි උදේට කාලත් නෑ කියපු නිසා අපේ ඊලඟ වැඩේ උනේ මොනව හරි කන එක. ඉතින් අපි එන ගමන් ජූස් බාර් එකකට ගිහින් බන් දෙකක් කාලා ෆලූඩා දෙකකුත් බිව්වා. දැන් හරි. 😋 ගෙදර යන්න තව ටික වෙලාවක් තිබුණ නිසා ගාල්ලෙ පාර්ක් එකෙත් ටිකක් ඇවිදලා අපි දෙන්න ගෙදර ගියා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

අපොයි උදේ පාන්දර ගිහිල්ලත් ලොකු පෝලිමක ඉදල මෙඩිකල් එක ගත්තෙ @ashen99 මතකද 🥲

ඒකනෙ අපි දවල් වෙලා ගියේ 😌

‌ අපෝ හෙන කට්ටක් කෑව ඒ ටික කරගන්න.

ජූස් බාර් එකකට ගිහින් බන් දෙකක් කාලා ෆලූඩා දෙකකුත් බිව්වා

මටනම් මේ ටික තමයි හිතට අල්ලලා ගියේ

ගමනේ රසවත්ම ටික 😋

ලයිසන් තිබුනට මේක කියවද්දී තමයි මතක් උනේ මේක ගනිද්දි මෙච්චර දේවල් කළා කියලා..🙊🙊

🤣🤣🤣

කට්ටෙන් ඇඟිල්ලට ඇනපු වෙලාවේ තරු විසි උනා මට. 🥲

ඒකනං ඇත්ත. උන් ඒක කියල අනින්නෙත් නෑනෙ.මේ එකපාරටම..

ඔව් 🥲

මං මෙඩිකල් එක අරන් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්නත් එනවා. තාම ලයිසන් එක ගන්න බැරි වුණා හැබැයි. හොඳට පුරුදු වෙලා ඉක්මනට ලයිසන් එක ගන්න ලැබෙන් ඕනෙ.😁

අයියෝ අපරාදේ. ඔයත් ඉක්මනට ලයිසන් එක ගන්න. 🙊

ගාල්ලෙ පාර්ක් එකෙත් ටිකක් ඇවිදලා අපි දෙන්න ගෙදර ගියා.

Park ek lagadi open karala godk aya 4tos dala tiyanawa mth dakka. dn wenadata wada lassanai eka

Ow. Giya sathiye open kare. Dan harima lassanai 😍

ලයිසන් එකක් ගන්න හිතලවත් නෑ මම 🤧😒

දැන් හිතන්න පටන් ගන්න 😌

Mn medical eka karaganna ude pandara idan polime hitoya

Dawal wela giyama ikmnta karagena enn puluwn 🙊

math medical kara tika dwasakata kalin😁

Saaa... license gannada hadnne 🙊

Ow ow 😁

Math ynna hithn innw godak kl idn. Den nm me weda ikmnta karagnna puluwn athi neda?

Ow 🙊

Driving purudu wena eka nam lesi na. banun ahala ewrai. hikz.

🥲