සරලවම ඇහුම්කන් දීම කියන්නෙ ඔයා කියන දෙයක් මං අහන් ඉන්නවා කියන එකට. ඔයා කියනවා "මට බඩගිනී" කියලා. මම ඒකට ඇහුම්කන් දුන්න නිසා මම අහනවා "ඔයාට මොනවද කන්න ඕනා?" කියලා. එතන සම්පූර්ණ වුන කුඩා අදහස් හුවමාරුවක් තමා සිද්ද වෙලා තියෙන්නෙ. හැබැයි ඇහුම්කන් දීම ගැන ටිකක් සංකීර්ණව කතා කලොත් අපිට ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න.
මම අද කතා කරන්නෙ අපි කොහොමද අපේ හිතවතෙකුගේ හෝ පිටස්තර පුද්ගලයෙකුගේ ප්‍රශ්නයකට ඇහුම්කන් දෙන්නෙ කියලා.
බොහෝ වෙලාවටනම් පවුලේ සාමජිකයින් අතර තමන්ගෙ පෞද්ගලික ගැටළු හුවමාරු කරගැනීම බොහෝ දුරට අඩුයි. මම කියන්නෙ නැහැ පවුලේ සාමජිකයින් තම තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්නෙ නැහැ කියලා. මම කියන්නෙ බොහෝ දුරට අඩුයි කියලා. ඒකට විවිධ හේතු තියෙන්න පුලුවන්. තමන්ගේ පවුලෙ අයගෙ හිතට අනවශ්‍ය කරදරයක් කියලා, තමන්ගෙ පවුලෙ අයගෙ සතුට නැති වෙයි කියලා, පවුලෙ අය තමන් ගැන හිතන් ඉන්න විදිය වෙනස් වෙයි කියලා, පවුලෙ අයට තමන්වවත් තමන්ගෙ ප්‍රශ්නවත් තේරුම් ගන්න බෑ හෝ තේරුම් ගන්න උවමනාවක් නෑ කියලා හිතලා, මේ වගේ ගොඩක් හේතු නිසා බොහෝ වෙලාවට අපි අපේ ප්‍රශ්න පවුල ඇතුලට අරගෙන එන්නෙ නැහැ.
ඉතින් මේ වගේ වෙලාවට අපි හොයන්නෙ අපේ මිත්‍රයෙක්ගෙ සහයෝගය. එහෙමත් නැතිනම් අපි පෞද්ගලිකව හඳුනන්නෙ නැති නමුත් හිතවත් පුද්ගලයෙකුගෙ සහය. මෙන්න මේ දෙවනි ගොඩට අපි සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්න පුද්ගලයින් වගේම මුණ ගැසී දැන හඳුනාගත් නමුත් වැඩි වගතුග නොදන්නා පුද්ගලයින් වැටෙනවා.
අපි දැනට හිතමු අපි තමා මේ පවුලෙන් පරිබාහිර හිතවතා කියලා. ඔන්න අපේ යාලුවට දැන් තියනවා ප්‍රශ්නයක්. යාලුවා මුලින්ම අපිට එවනවා කෙටි පණිවිඩයක් අපි කතා කරන්න අවේලබල් ද කියලා දැන ගන්න. මං හිතන්නෙ ඔයාලටත් ඇවිත් ඇති මළාටවත් හොයන්නෙ නැති යාලුවොන්ගෙන් සප්‍රයිස් මැසේජස්. ඉතින් ඒ ගොඩක් මැසේජස් වල තියෙන්නෙ ගොඩක් වෙලාවට උදව්වක්. අපි මේ වගේ වෙලාවට මොකද කරන්නේ?. අපි සාමන්‍යයෙන් කරන දේවල් මං පහලින් ලියන්නම්.
- කෙටි පණිවිඩය කියවන්නෙවත් නෑ
- කෙටි පණිවිඩය කියවනවා ඒත් නැවත පිළිතුරු යවන්නෙ නැහැ.
- කෙටි පණිවිඩය කියවනවා, රිප්ලයිත් කරනවා උදව්ව ඉල්ලපු ගමන් ඉග්නෝර් කරනවා.
- උදව්ව ඉල්ලපුවහම උදව් කරන්න විදියක් නැහැ කියල කියනවා
- උදව්ව ඉල්ලපුවහම උදව් කරනවා බැරි නම් කරන්න පුලුවන් කෙනෙක්ට යොමු කරනවා.
- උදව් කරන්න පුලුවන්කම තියෙද්දිත් උදව් නොකර ඔහු මේ තත්වෙ ඉන්න හැටි බලලා සතුටු වෙනවා
තව දේවල් ඇති ඒත් මේ තමා බොහෝ විට අපි බහුලව කරන දේවල්.
ඉතින් එකී මෙකී නොකී ඔප්ෂන් ගොඩක් තිබුනත් මම ඔයාලට යෝජනා කරනවා ඔයාලට කරන්න පුලුවන් ලස්සන පොඩි සරල දෙයක්.
ඒක මං ඊළඟ ලිපියෙන් කියන්නද නැත්නම් මේ ලිපියෙන්ම නතර වෙන්නද කියලා ඔයාලා කියන්න.
ඊළඟ එකත් දාන්න ඉක්මනට 😎
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ප්‍රතිචාරයට ස්තූතී. ඔන්න ඉල්ලීම ඉටු කළා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit