ඉතින් කොහොමද? කිසි හොදක් නෑ නේද. ඇත්තටම සතුට කියන එක අපෙන් දැන් ගොඩක් ඈත් වෙලා. ඊලග වේල ගැටගහගන්න විදිහ ගැන තමයි ගොඩක් මිනිස්සු දැන් කල්පනා කරන්නෙ. ඉතින් දැන් පෝලිම් කියනෙත් අමුතු දෙයක් නෙවේ නෙ. ඉස්සරහට කෑම වලටත් පෝලිමේ ඉන්න වෙන බව රහසක් නෙවේ. හැමෝම පුලුවන් විදිහට අමතර කීයක් හරි හොයන්න බලන්න.
මට මේ කතාව කියන්න හිතුනේ රුපියල් 1500 ක පෙට්‍රල් වෙනුවෙන් පැය 17 ක් කාපු කට්ට ආයෙ මතක් වෙලා. මේක උනේ පහුගිය සතියෙ. මුල්ම සිද්දිය උනේ සදුදා. ඉරිදා රෑ මට දමිදු කෝල් කරල කිව්වා අද රෑ තෙල් එනව පුලුවන් නම් එන්න කියලා. ඉතින් සුව නින්දෙ ඉදපු මම අද බෑ හෙට බලමු කියල නිදාගත්තා. ඊට පස්සෙ පහු වෙනිදා උදේ 6 ට විතර වතුර බෝතලයල්,කුඩයක්,ජැකට් එකක් කියන දේවල් අරගෙන තෙල් පෝලිමට එකතු උනා.පෝලිමට එකතු උනාට මොකද ශෙඩ් එක පේන මානෙක නෑ. එදා උදේ මට මම කරන කෝස් එකේ ක්ලාස් එකකුත් තිබ්බා. ඉතින් පෝලිමෙ ඉද්දිම ඒකට ජොයින් වෙන්න හිතන් තමයි හිටියේ. මෙන්න බොලේ 8.45 විතර කැම්පස් ගෲප් වල ශෙයා වෙන්න ගත්තා අද උදේ (ගිය සදුදා) 9 ට කැම්පස් එකේ පලවෙනි ලෙක්චර් එක පටන් ගන්නව කියලා. ඉන්ග්‍රීසිලු මුල් ටිකේ තියෙන්නෙ.
![image.png](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmUSCW57YsN15a76nJMGy5D9bUC72Hjcu4aAhpq2kgVo4J/image.png)
දැන් මට කර කියාගන්න දෙයක් නැ. පෝලිමත් ටික ටික ඉස්සරහට යනව. කොහොම හරි මම දමිදුට මැසේජ් එකක් දැම්මා හෙඩ් සෙට් එකක් අරන් එන්න කියල.එයා ඒ ලගම ඉන්න නිසා. ඉතින් ලෙක්චර් එක පටන් අරන් ටිකකින් හෙඩ් සෙට් එකත් අරන් ආව එයාගෙ බයික් එකේ. ඒ අස්සෙ හොදටම වහිනව. මිස් ප්‍රශ්නත් අහනව.තව ශෝක්. කොහොම හරි දමිදුට මගෙ බයික් එක දීලා මම දමිදුලහට ගියා ලෙක්චර් එකට නිදහසේ ඉන්න ඕන නිසා. ඉතින් උදේ 11 ඒක ඉවර වෙලා ආයෙ පෝලිමට ගියා. ඉතින් කියන්න සන්තෝසයි ශෙඩ් එකේ එන්ට්‍රන්ස් එක ලගටම ගියාම තෙල් ඉවරයි කියල දම්වැල් දාල වැහුවා. හි හී ආ කමක් නෑ කියල සන්තෝසෙන් ගෙදර ආව. ඒ වෙනකන්ම දමිදු මන් එක්කම හිටියා.
තෙල් ඉවරයි ප්‍රෙන්ස්
ඔන්න ආයෙ ඒ සතියෙම බදාදා උදේ ලෙක්චර් එකට ඉදල ඉවර වෙලා මම ෆ්‍රී එකේ ඉද්දී 11.15 වගේ තාත්තා කිව්වා බද්දෙගම ශෙඩ් එකට තෙල් එනව යන්න කියල. මම මෙච්චර කරදර වෙන් නැ තෙල් තිබ්බනම් මගෙ එකේ. අම්මව ඉස්කෝලෙන් එක්ක එන්නවත් තෙල් මදි නිසා එදත් 11.30 වෙද්දි පෝලිමට ගියා. මගෙ වෙලාවට සැලකිය යුතු ලගකින් තමයි මම පෝලිමට එකතු උනේ.ඒ කියන්නෙ පොඩි විශ්වාසයක් තිබ්බා ගහන්න පුලුවන් කියල.හැබයි තෙල් ඇවිල්ලා නෑ. ලග ඉන්න අය කිව්ව හවස එනව, රෑට එනව වගෙ එක එක ඒව.
ඉතින් ඒ විදිහට ටික ටික පෝලිමත් දික් උනා.කරන්න වෙන වැඩකුත් නැති නිසා එක එක තැන් වල වාඩි වෙවී ඔහේ හිටියා. ඔහොම ඔහොම රෑ 8 ට විතර අපි ඉන්න හරියෙ ඉදපු අයිය කෙනෙක් බත් එකක් ගෙදරින් ගෙන්න ගත්තා. ලොකූ බත් එකක් .ඉතින් අපි තුන් දෙනෙක් එක්ක ඒ බත් එකත් කාල දැම්මා. තාම තෙල් එන පාටක් නෑ. ටිකකින් ආරන්චි උනා තෙල් බවුසරේ පිටත් වෙලා කියලා. පොඩි සතුටක් දැනුනා . කොහොම හරි උදේ 1 ට විතර බවුසරේ අපෙ ටවුන් එකෙ තියෙන අනිත් ශෙඩ් එකට ඇවිල්ලා තෙල් බානව කියල ආරන්චි උනා. ඉතින් උදේ 2.30 වගෙ වෙද්දි අපේ ශෙඩ් එකටත් ඒක ආව. නරකම වැඩේ ඉස්සරහ ඉන්න අය වෙන අයට බයික් දාගන්න ඉඩ දෙනව.අනික ශෙඩ් එක ලග ම්හා රන්ඩු ගොඩයි.කොහොම කොහොම හරි මේ ප්‍රශ්න ඔක්කෝම එක්ක අපිත් ටික ටික ඉස්සරහ්ට ඇදුනා. එක පොඩ්ඩක්වත් නිදාගත්තෙ නැති නිසා නිදිමතේ වැනි වැනි තමයි ඉස්සරහට ගියෙත්. මේ ශෙඩ් එකට පෝලිම් දෙකක් තිබ්බා. ගමේ අයටයි අනිත් අයටයි කියලා. කොහොම හරි උදේ පාන්දර 4.35 වගෙ වෙද්දි මම තෙල් ගහගත්තා. රුපියල් 1500 ක ත්මයි ගහන්නෙ. කමක් නෑ දුකක් නෑ. ගහන අතරෙ මට ඇහුනා එතන කෙනෙක් කියනවා තව වාහන 20 කට 30 කට තමයි ගහන්න වෙන්නෙ අනිත් අය යවමු කියලා. අපි හරි පව්.
![image.png](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQme2wpFbnZ4zXY1maycCae96PzRBafD4UkNPZHx6F5u6Lw/image.png)
තෙල් ගහද්දිත් ෆොටෝ ගහන්න වෙයි කියල කව්ද හිතුවෙ.
මමත් අද ගම්පහ ටවුන් යද්දී දැක්ක තෙල් පෝලිම කිලෝ මීටර් තුනකටත් වඩා දිගයි. තෙල් එන්නෙත් නැතිලු. හැබැයි ඉන්නේ ටෝකන් එකක් ගන්නලු. පව් අපේ මිනිස්සු. කොහොම තිබුණ රටක්ද
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
token wade nn boruwk ithn hitha niwenna hodai 🙂😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😥😥 තෙල් වලින්ම ජීවිකාව හදාගන්න මිනිස්සු ගැන හිතන්නත් බයයි මට.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Oww hamoma asaranai
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hodata thibunu ratak...
Api wetichcha thenaka....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mahinda mahththya rata bera..... see more 🤣
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මොනව කියන්නද හිතාගන්න බෑ 🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
monwa kynnd meeta wadaaa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit