හලෝ කස්ටිය කෝමද. අද මම ඔයාල එක්ක බෙදාගන්නෙ යන්නෙ ඉතාම කාලීන දෙයක්.අද නෙවෙයි තව මාස දෙකතුනකින් තමයි මේ දේ ප්‍රයෝජනවත් වෙන්නෙ. ඉතින් මොකක්ද මම මේ කියන්න හදන්නෙ. අපේ රට මේ වැටිල තියෙන තත්වෙ නිසා ඉස්සරහට අපිට් කෑමත් නැති වෙනව කියන එක රහසක් නෙවෙයි නෙ. ඉතින් ඒ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් දේවල් අපි කරන්න පටන් ගන්න දැන් තමයි හොදම කාලෙ. ඉතින් අපෙ අම්මා ඉස්සරහ කාලෙදි කන්න පුලුවන් වෙන්න අටු කොස් හදන්න තීරනේ කරා. ඉතින් මොනවද මේ අටු කොස් කියන්නෙ?. අටු කොස් කියන්නෙ කොස් ගෙඩියෙ කොස් මදුලු වේලල හදන දෙයක්. අපි එහෙනම් බලමු අටු කොස් හදන ප්‍රොසෙස් එක කොහොමද කියලා.
මුලින්ම පැහුන කොස් ගෙඩියක් දෙකක් කඩාගන්න ඕන. මේ කොස් කාලෙ නිසා ලේසියෙන්ම කොස් හොයාගන්න පුලුවන්. ඊට පස්සේ කොස් මදුලු ගලවලා ඒවයේ ඇට ටික අයින් කරලා කොස් මදුල පොඩි තීරු වලට කපාගන්න ඕන. මේකට ඉතින් කොස් ගෙඩි දෙකක්වත් ඕන කිව්වෙ අන්තිමට වේලිලා එද්දි පොඩ්ඩ්ක් වගේ පේන නිසා. ඉතින් ඊට පස්සේ අර කපාගත්ත කොස් මදුලු ටික උනු වතුරෙන් තම්බගන්න ඕන. තම්බනව කියල වැඩි වෙලා තම්බන්නෙ නෑ. විනාඩි පහක් වගේ වෙලාවක් තැම්බුවම ඇති. අපි ඒක තම්බගන්නෙ කොස් මදුල නරක් වෙන්න බලන නිසා.
ඉතින් තම්බගත්තු කොස් මදුලු ටික වතුර එහම පෙරාගෙන දැන් වේලන්න පටන් ගන්න ඕන.ඒක තමයි අමාරු වැඩේ.මේ දවස් වල හොද හැටි වහින නිසා හරි අමාරුයි වේලගන්න.ඉතින් ඒකට අපි කරේ අපේ දර මඩුවෙම කොටසක් යකඩ තහඩු වලින් වට කරලා පොඩි මැස්සක් වගේ හදලා තැටි වල දාපු කොස් මදුලු ටික හොදට වේලගන්න ඕන.
අව්වෙ වේලගන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ඉතින් මේ වේලගන්න වැඩේට සතියක් වගේ ගත වෙනවා. මේ වේලන අතරෙ අපි අයින් කරපු කොස් ඇට අමතක කරන්න හොද නෑ. වැලි කොස් ඇට දාන්න පුලුවන්. ඉතින් ඒකට වැලි ටිකක් හොදට වේලල අරගන්න ඕන. කොස් ඇටත් හොදටම වේලන්න ඕන.ඉතින් ඊට පස්සෙ ඒ ටිකත් තට්ටු ක්‍රමේට ,ඒ කියන්නෙ මුලින් වැලි , ඒ උඩින් කොස් ඇට , ආයෙ වැලි විදිහට හට්ටියකට වගේ දාල තියාගන්න පුලුවන්.
ඔයාල කැමතිනම් ගෙදර ඉන්න පූසත් හොදට වේලල කරල ගන්න පුලුවන්.
කොහොමින් කොහොම හරි වේලගත්තට පස්සෙ තියෙන්නෙ මේවා හුලන් වදින් නැති වෙන්න පැකට් කරන එක. ඉතින් ඒකට පොත් වල කවර දාන ඉටි කොලයක් අරන් ඒකට අටු කොස් ටික දාල සීල් කරගන්න පුලුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අටු කොස් පිලියෙල කරගන්න ඕන. ඉතින් ආයෙ අපිට කන්න ඕන උනාම කොස් මදුලු ටික වතුරෙ දාල පොගවල උයල කෑමට ගන්න පුලුවන්.
dn tamai atu kos kiyanna monawatada kiyala hariyatama dena gatte 😃
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Me kale watinama deyak tamai me.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
තාම අටු කොස් කාලා නැති මම..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කාලින මාතෘකාවක් වගේම හොඳ මග පෙන්වීමක්. මොකද මේ දවස් වල කොස්ගස් වල ගෙඩි පිරිලා. මටත් අසල්වැසියන්ගෙන් ලැබුණ කොස් වල ඇට එකතු වෙලා තියනවා. මමත් වැලි කොස් ඇට හදාගන්න ඔයාගෙන් ඉගෙන ගත්ත. ස්තුතියි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කොස් ගෙඩි නිකන් බිම වැටිල කුණු වෙලා යන මේ වගේ කාලෙක මෙහෙම දෙයක් කරන එක නම් ගොඩක් වටිනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mama liyanna hiti eka daalaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit