සෙනසුරාදාවෙන් ඇරැඹි, ඉරිදාවෙන් අවසන් විය.steemCreated with Sketch.

in hive-133716 •  4 months ago 


image.png
ඉරිදා පාන්දර දෙකයි වෙලාව.

හායි හායි යාලුවනේ. කොහොමද ඔයාලාට අද සෙනසුරාදා නිසා ටිකක් දවල් වෙනකන් නිදාගන්න පුලුවන් වුණා😋. මේ දවස් ටිකේනම් හොදටම වැස්ස. හොදකට තියෙන්නෙ ඉතින් රෑට දාඩිය දාන්නෙ නැතිව සනීපෙට නිදාගන්න පුලුවන් වෙන එක. එපාම වෙන වැඩේ මොකද්ද දන්නවද තව ටික දවසක් වැහි දෙයියො මෙහෙම මෙහෙම වැස්සොත් ටික දවසකින් අදින්න ඇදුම් නැති වෙනවා. හේදුව එක ඇදුමක්වත් වේලිලා නෑ තාම🥲. මේ දවස් ටික හරිම මහන්සියෙන් ගෙවුණු දවස් ටිකක්. ඊලග සතියත් එහෙමම වෙයි. Exam ලග නිසා එක දිගටම lectures. ඊයෙත් ලෙක් එක ඉවර වෙද්දි 7 යි. එහෙම වුනාම ඉතින් බෝඩිමට ගිහින් වෙන වැඩක් කරන්නෙත් නෑ මහන්සියටම කෑව ගමන් නිදාගන්නවා.


image.png

ඊලග සෙමෙස්ටර් එකෙන් ඉන්ටර්න් එකත් සෙට් වුණාම ඉතින් හොද පණ යනවා. ඇකඩමික් වැඩත් එක්ක ඒවත් කරන්න ගියාම. ම්ම්ම්ම් ඉතින් අද නිවාඩු දවස නිසා මට හිතුනා කොහෙ හරි රවුමක් දාලා එන්න. ඒත් ඉතින් වැස්ස අඩු වුනොත් විතරයි. මේ වහින විදිහටනම් ඇවිදින්න කොහොම් වුනත් බෝඩිමෙන් එලියට බහින්නවත් හිතෙන්නෙ නෑ. අද උදේ ටිකක් වැස්ස අඩු පාටක් තිබුන නිසා හෝදන්න තිබුන ඉතුරු ඇදුම් ටිකත් හේදුවා. ඒවා වේලෙන්න දාලා ටික වෙලාවකින් හොදටම වැස්සා. මන් ඉදලා ඉදලා ඇදුම් හේදුවොත් වහිනවාමයි. මේ වැඩ ටික ඉවර වෙද්දී 11 යි ගානක්. ඒ පාර ඉතිම් කඩේ ගිහින් දවල්ටත් එක්කම කෑවා. කාලා ඇවිල්ලා වැස්සේ සැපට නින්දක් දැම්මා. ඊට පස්සෙ හිතුන නිසා මේ ආටිකල් එක ලියන්න ගත්තා. තව ටිකක් හවස් වෙලා කොහෙ හරි රවුමක් දාලා එනවා. හවස කෝල් එකක් ආවා. එඩිට් එකක් කරන්න. රෑට තමයි සෙට් වෙලා වැඩේ කරමු කිව්වේ.ඉතින් රෑ අට වෙද්දි අදාල බෝඩිමට ගිහින් වැඩේ පටන් ගත්තා. අවුලක් නෑ පාන්දර දෙකයි ගෙදර එද්දි.ඒ කියන්නේ ඉරිදා උදේ 2.00 වෙලාව. ඒ ඇවිල්ලා ටිකක් නිදාගෙන උදේ නැගිටලා කැම්පස් ගිය ඩිපාට්මන්ට් එකෙ එඩිට් එකකට. ඊට පස්සෙ හවස ගියා Jetwing හොටෙල් එකේ ඉවෙන්ට් එකක් කවර් කරන්න.ඒ ඔක්කොම ඉවර වෙලා බෝඩිමට එද්දි රෑ 10 විතර උනා. දැන් තමයි මේ ආටිකල් එක සම්පූර්න උනේ. ඉතින් තව ආටිකල් එකකින් ඉක්මනටම හම්බවෙමු.


image.png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community