පාර දිගේsteemCreated with Sketch.

in hive-133716 •  2 months ago 

image.png
source

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටියට පාදක වෙන්නේ අජිත් තිලකසේනගේ පාර දිගේ තිර නාටක යයි. චිත්‍රපටයේ කථානායකයා චන්දරේ. ඔහු ඇයට පිටිසර ගම්මානයක ඉපදුන කෙනෙක්. එහෙත් ඔහු කුඩා කාලයේ සිටම කොළඹ නගරයට සේන්දු වූ කෙනෙක්.ඔහුට ගම සහ නගරය යන දෙකම ආගන්තුකයි. ඔහුගේ රාජකාරිය වුණේ කලට වේලාවට මුදල් නොගෙවන හිඟ මුදල් වාරික සහිත වාහන හිමිකරුවන්ගේ වාහන තම සමාගම වෙත පැහැර ගෙන ඒමයි. මොහුට ස්ථිර පදිංචියක් නැත.

image.png
source

චිත්‍රපටිය ආරම්භ වෙන්නේ චන්දරේ බරපතල ගැටලුවකට මුහුණ දෙන අවස්ථාවකින්. එනම් ඔහුගේ පෙම්වතිය වන ස්වර්ණාට ඔහුගෙන් දරුවෙකු ඇති බව දැන ගැනීමෙන්. නිශ්චිත රැකියාවක් හෝ නිශ්චිත පදිංචියක් නැති මොහු එය ඇසීමෙන් කලබල වෙනව. විවාහ වීමට ද අපේක්ෂාවක් නැති ඔහු තීරණය කරන්නේ දරු ගැබ විනාශ කිරීමටයි. ඔහු තම මිතුරෙකුගේ මාර්ගයෙන් වෛද්‍යවරයෙකු හමුවීමට තීරණය කරනවා. වෛද්‍යවරයා හමුවූ පසු ඔහු ඒ සඳහා රුපියල් තුන්දහසක මිලක් නියම කරනවා. එය ඔහුට එකවර සොයා ගැනීමට අපහසු මුදලක්. එහෙත් ඔහු ඒ මුදල සෙවීමට රුපියල් දෙක තුන එකතු කරලා දවසේ තමා ලද මුදල අමතක නොකර ස්වර්ණාට ලබා දෙනවා. ඔහු විටෙක තම ඥාතීන්ගෙන් ද මුදල් ඉල්ලීමට යනවා. ස්වර්ණා, මාසික වැටුපක් ලබන බෝඩිංකාර තැනැත්තියක්. ඇය එක්ක කාමරේ ඉන්න අනිත් කෙනා මදූ. ඇය යතුරු ලියන්නියක් මදූ චන්දරේට ප්‍රේම කරනවා. චන්දරේ ඇයව ගණන් ගන්නේ නෑ.
මේ අතරතුර චන්දරේට ගමින් විදුලි පණිවිඩයක් එනව ඒ ගමට එන ලෙස දන්වමින්. ඔහු මේ ගමට යන්නේ අවුරුදු දෙකකට පසුවයි. මෙවර තම නිවසට ගිය චන්දරේ පුදුමයට පත්වෙන්නේ නිවසේ ගරා වැටුණු ස්වභාවය දුටු විටයි. ඔහුගේ නැගණිය තම මව සමඟ නිවසේ කටයුතු කරමින් ජීවත් වෙනවා. චන්දරේගේ නැගණියගේ සිහිනය තම සොහොයුරා වැදගත් ඒ වගේම සල්ලිකාර පවුලකට සම්බන්ධව විවාහ කොට යහතින් ජීවත් වෙනවා දැකීමයි. ගමට අලුතින් ආව ධනවත් පවුලක බාල දැරිය විවාහ කර ගැනීමට චන්දරේට ඇය යෝජනා කරනවා. ඒත් ස්වර්ණා අතහැර දමා වෙනත් විවාහයක් කර ගැනීමට ඔහු කැමති වන්නේ නෑ. අතීතයේ සිදුවුනු රෞද්‍ර අත්දැකීම් සිහියට නැගෙන නිසා ඡන්දරේ නිවසේ වාසය කිරීමට පෙළඹෙන්නේ නෑ ඔහු නැවත කොළඹ බලා යනවා. ඔහු නැවත මුදල් සොයන කාර්යයෙහි නිරත වෙනව. ස්වර්ණා තමාගේ මාලේ උකස් කිරීමට යෝජනා කරත් චන්දරේ එය ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ ඔවුන්ට තම ඉලක්කය සපුරා ගැනීමට අඩු වන්නේ රුපියල් හාරසියයක මුදලක් පමණයි. ඒ මුදල එක රැයකින් සොයා ගෙන එන බව පවසන චන්දරේ රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් කැසිනෝ ඔට්ටු ඇල්ලීමට පෙළඹෙනවා. එයින් චන්දරේ තමා ලග තිබුණු සියලු මුදල් පරාද වෙනවා. දැඩි වෙහෙසකින් උපයාගත් මුදල් නැතිවීමේ අභාග්‍ය දරුවාගේ භාග්‍යයක් ලෙස සිතන චන්දරේ ස්වර්ණාව විවාහ කර ගැනීමට සිතනවා. ඒ බව ඔහු ඇයට පවසනවා. විවාහ ලියාපදිංචි කාර්යාලයේදී ඉල්ලුම්පතක් පුරවා සාක්ෂියට දෙදෙනෙකු කැඳවා චන්දරේ හා ස්වර්ණා විවාහ වෙනවා. අනතුරුව දෙදෙනාම එම කාර්යාලයෙන් පාරට බහිනවා චන්දරේත් ස්වර්ණාත් වාහන සහ මිනිසුන්ගෙන් පිරුණු පාරෙහි ටික දුරක් ඇවිදගෙන යනවා යනවා. චිත්‍රපටිය අවසන් වෙන්නෙ චන්දරේත් ස්වර්ණත්, මහ පාරේ සිටින රූප රාමුවකින්. තවත් මේ වගේ චිත්‍රපටයකින් ඉක්මනටම හම්බවෙමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඉස්සර කතා බලන්න හිතෙන්නෙම නැනේ 🙁