source
1974 වසරෙහි තිරගත වුනු පොන්මනී චිත්‍රපටිය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ එකම දමිළ චිත්‍රපටියයි. එසේම මෙය ලාංකීය සිංහල අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂණය කළ ප්‍රථම ද්‍රවිඩ සිනමා නිර්මාණයයි. මේ චිත්‍රපටියට උතුරේ ද්‍රවිට සමාජ ක්‍රමයේ දක්නට ලැබෙන ගැටළු මුල්කරගෙන තියෙනවා. මේ චිත්‍රපටය ගොඩනැගිලා තියෙන්නේ පොන්මනි සහ ආනන්ද කියන යුවළ අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය සහ විවාහය මතයි. මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නේ පොන්මනී සිය පෙම්වතා සමග හොරෙන් පැනයාමත් සමඟයි. පොන්මනී හා ඇගේ පෙම්වතා වන ආනන්දන් පළමුවරට මධ්‍යම පාන්තික නිවසකට පැමිණෙනවා. එහි හිමිකරු හා ඔහුගේ බිරිඳ සමඟ ගත කරන කාලය මොවුන්ට අතිශය දුෂ්කර වෙනවා. එක් අවස්ථාවක ක්‍රිස්තියානි දේවස්ථානයකට පොන්මනී හා ආනන්දන් යුවල එනවා. එය පාළු පල්ලියක්. ඔවුන් එසේ යන්නේ වැඩිහිටියන්ගෙන් තමන්ට එල්ල වන චෝදනාවන් වලින් නිදහස් වීමේ බලාපොරොත්තුවෙන් . එසේ වුනත් පොන්මනී කුලීන කතක් බව දැන ගත්ත විට දේවස්ථානය ආරක්ෂාවත් ඔවුන්ට අහිමි වෙනවා. පුන්මනීගේ පවුලේ තොරතුරු මේ අවස්ථාවේදී නිරූපණය වෙනවා. ඇයගේ පියා වන පොන්නම්බලම් රජයේ සේවය කර විශ්‍රාම ජීවිතයට එළඹුන අයෙක්. ඔහුගේ වැඩිමහල් දියණිය පාවලම්. පාවලම් විවාහ වන අවස්ථාවේ පොරොන්දු වූ දෑවැද්ද එකවර ලබා දීමට නොහැකි නිසා එය මාසිකව කොටස් වශයෙන් ගෙවීමට එකඟ වෙනවා. පොඩ්ඩම්බලම් ගේ දෙවන දියණිය වන සරෝජා විවාහ වන වයසද පසු කරමින් සිටිනවා ඇයි විවාහ කර දීමට නම් දැවැද්දක් ලබා දිය යුතුයි. ඒ සඳහා වියදම් කිරීමට තරම් වත්කමක් පොන්නම්බලම්ට නෑ. සහෝදරියන්ගේ මේ ගැටළු නිසා පවුලේ වැඩිමලා වන ගණේෂ්ට විවාහයක් ගැන සිතීමට පවා බෑ. ඔහු සිය තාරුණ්‍ය පාවලම් වෙනුවෙන් කැප කරමින් දෑවද සඳහා පොරොන්දු වූ මුදල මාසිකව ගෙවමින් දුක සේ ජීවත් වෙනවා. මේ අතර තුර තරුණයෙකු පොන්මනී විවාහ කර ගැනීමට පැමිණෙනවා. එහෙත් ඇයගේ ප්‍රේමය ඔහුට හිමි වන්නේ නෑ.
sourcex
පොන්‍මනී සහ ආනන්දන් නිත්‍යානුකූලව විවාහ වීමට ගත් උත්සාහයන් කිහිපයක්ම සාර්ථක වෙන්නේ නෑ. පසුව ආනන්දන්ගේ මව මේ යුවළ භාර ගැනීමට කැමැත්ත පළ කරනවා.ඒ නිසා ඔවුන් දෙන්නාට විවාහ වීමට අවස්ථාව ලැබෙනවා. මේ හේතුවෙන් පොන්මනී ගැන බලාපොරොත්තුවෙන් සිටි රාමනාදන් කෝපයට පත් වෙනවා. කුලසිරිත් බිඳ දමා පොන්මනී විවාහ වීම නිසා රාමණාදන් පොන්මනීගෙන් පළිගැනීමට තීරණය කරනවා. චාරිත්‍රානුකූලව විවාහ ගිවිසගත් ආනන්දන් සහ පොන්මනී දේවස්ථානයෙන් පිටත්වන්නට සැරසිද්දී පොන්මනී රුදුරු වෙඩි පහරකට ගොදුරු වෙනවා. ඒ රාමණාදන් විසින් එවන ලද මිනීමරුවෙක් අතින්. මේ චිත්‍රපටිය අවසන් වන්නේ පොන්මනී ජීවිතක්ෂයට පත්වීමෙන්. තවත් ආටිකල් එකකින් අපි ඉක්මනටම හම්බවෙමු.