රහස් කියන කදුsteemCreated with Sketch.

in hive-133716 •  last month 


image.png
source

රහස් කියන කදු චිත්‍රපටය ජගත් මනුවර්ණගේ සිනමා නිර්මාණයක්. මෙහි තිර රචනය ජගත් මනුවර්ණ සහ නාමල් ජයසිංහ දෙදෙනාගේ ය.
මෙය 87-89 භීෂණ සමය යළි මතකයට ගෙනෙන සිනමා නිර්මාණයක් . එය බ්ලැක් කොමඩි යටතට අයත් චිත්‍රපටයක්. ප්‍රචණ්ඩත්වය, වධහිංසාව, පැහැරගෙන යෑම, අතුරුදහන් කිරීම හා ඝාතනය මගින් මුදා හළ රාජ්‍ය භීෂණය මේ චිත්‍රපටයේ මුඛ්‍ය තේමාව යි. දාරක ප්‍රේමය හා භික්ෂු සංස්ථාව මේ චිත්‍රපටයේ අතුරු තේමාවන් ය. රාජ්‍ය මර්ධන ගැන වගේම නිවසින් අතුරුදහන් වී සිටින තරුණයන් දෙදෙනෙකුගේ, මවක හා පියෙකු ගැන ද භික්ෂුවක ගැන ද කියවෙනවා.මේ චිත්‍රපටය සැබෑව සහ ප්‍රබන්ධය අතර මිශ්‍රණයකි. ඒ අනුව චිත්‍රපටයේ දැක්වෙන තරුණ ඝාතන බෝවන මානසික රෝගයක් නිසා සිදු වූ සිය දිවි නසා ගැනීම් ලෙස පරිකල්පනය කරලා ගත්ත ඒවා.


image.png
source

චිත්‍රපටය ආරම්භ වන්නේ තරුණයෙකු විසින් කරනු ලබන පාපොච්චාරණයක වීඩියෝ ගත කළ දර්ශනයකිනි. තමා සිය දිවි නසා ගැනීමට තීරණය කළ බවත් එය කාගෙවත් තර්ජනයක් හෝ බලපෑමක් නැති තමාගේ ම තනි තීරණයක් බවත් පාපොච්චාරණයෙන් කියැවෙනවා.
ඊ ළඟට පෙන්වන්නේ පුවත්පත් සාකච්ඡාවක්. විශේෂ ඒකකයේ නිලධාරියෝ තිදෙනෙක් අදහස් දක්වනවා. මේ නිලධාරින්ගෙන් හෙළිදරව් වෙන පරිදි තරුණයන් සිය දිවි නසාගන්නේ ඔවුන් අතර පැතිරෙමින් යන බෝවෙන මානසික රෝගයක් නිසා ය. අමනුෂ්‍ය බලවේගයක් වන මේ රෝගයට බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර නො මැති බවත් දේශීය වෛද්‍ය ක්‍රමයේ යාග හෝම, ශාන්තිකර්ම මගින් රෝගය පැතිරීම වැළැක්වීමට ක්‍රමවේදයක් සොයා ගෙන ඇති බවත් එහි දී වැඩි දුරටත් හෙලිවෙනවා. සිය දිවි නසා ගත් තරුණයන්ගේ මෘතදේහ තමන්ට ලැබී ඇති බවත් තව කෙනෙකුට මේ රෝගය බෝවීමේ හැකියාව ඇති නිසා ඒවා බැලීමට කිසිවෙකුටත් අවසර නැති බවත් මේ රෝගය ආසාදිතයෙකු සඟවා ගෙන සිටීම නීතිමය වරදක් බවත් එහි දී කියවෙනවා.ඊලගට රෝග මර්ධන ඒකකයේ නිලධාරියෝ තරුණයෙකුට අමානුෂික ලෙස පහර දෙමින් තරුණයාගේ අනෙක් සගයන් පිළිබඳ ව ප්‍රශ්න කරනවා පෙන්නනවා.


image.png
source

ඉන්පසුව තරුණ තරුණියන්ගේ සිරුරු මේසයක් අතුරා ඇති ආකාරය පෙන්වයි. තවත් මළ සිරුරු බිම ගොඩ ගසා ඇත. තවත් තැනක පණ ඇති නිරුවත් තරුණයෙකු කණුවක බැඳ තිබෙන ආකාරය පෙන්වයි.ඉන්පසු දර්ශනයක උමතු රෝගයකට ගොදුරු ව අසහනයෙන් පෙළෙන තරුණ තරුණියන්ට සෙත්පතා රජය රට පුරා යාග හෝම හා ශාන්තිකර්ම පවත්වන බව ද එයින් රටට නැවත සෞභාග්‍ය උදා වෙන බව ද කියවෙන රජයේ මාධ්‍ය නිවේදනයක් අපට පසුබිමේ ඇසෙනවා. ඒ සඳහා විශේෂ නැකත් කාලයක් රජය ප්‍රකාශයට පත් කර ඇත. මේ කාලය තුළ සියලු අමනුෂ්‍ය බලවේග සක්‍රිය වන බැවින් එම කාලය තුළ එළිමහනට පැමිණීමෙන් භයානක ප්‍රතිඵල ඇති විය හැකි නිසා නිවෙස් තුළට වී දොරගුලු වසාගෙන සිටින ලෙස රජය මහජනයාට අවවාද කරයි. යාග හෝම හා ශාන්තිකර්ම කරන මුවාවෙන් රජය කැරලිකාර තරුණයන් සමූහ ඝාතනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කරයි. රජයේ නියෝගයට අනුව රෝග මර්දන විශේෂ ඒකකය බිලි පූජාවක් සඳහා සූදානම් වෙමින් සිටී. ඔවුහු තරුණයන්ගේ මෘත දේහ සෝදා පිරිසිඳු කොට බිලි පූජාව සඳහා සූදානම් කරති. ඔවුන්ට නිකුත් කර ඇති ලේඛනයෙහි බිලි පූජාව කළ යුතු ආකාරය දැක්වේ.
ඉන්පසුව බිලි පූජාව පැවැත්වෙන ස්ථානයට තරුණයන්ගේ මෘත දේහ රැගෙන යන ගමන පෙන්වයි.
මේ ගමන අතර තුර ඝාතන කල්ලියේ ප්‍රධාන නිලධාරියාගේ වෙඩි පහරකින් මහින්ද ජීවිතක්ෂයට පත් වෙයි. බිලි පූජාව අතරතුර ඝාතන කල්ලියේ නිලධාරීන් අතර සිදු වන ගැටුමකික් ඔහුන්ගෙන් දෙදෙනෙක් මිය යති. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසන්නගේ ජීවිතය බේරෙයි.මරණයෙන් ගැල වී ආ ප්‍රසන්න තම සංවිධානයේ සගයන් සොයා කඳු දෙසට පියමන් කරන දර්ශනයකින් චිත්‍රපටය අවසන් වෙනවා. මේ ෆිල්ම් එක පුලුවන් නම් ඔයාලාත් බලන්න. You tube එකෙත් තියෙනවා. එහෙනම් තවත් ආටිකල් එකකින් හම්බවෙමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!