
source
මේ චිත්‍රපටිය තිරගත වුනේ 1977 වර්ෂයේ දී. මේ චිත්‍රපටයට මූලාශ්‍ර කරගෙන තියෙන්නේ කරුණාරත්න සපුතන්ත්‍රි ගේ 'එයා දැන් ලොකු ළමයෙක්' සහ 'මනමාලි' යන නවකතා දිත්වයයි. එයින් ආභාෂය ලබාගත් ධර්මසේන පතිරාජ එයා දැන් ලොකු ළමයෙක් නම් චිත්‍රපටිය නිර්මාණය කරනවා.
මේ චිත්‍රපටියට පසුබිම වෙන්නේ වලතර කියන ගම්මානය. මේ චිත්‍රපටියේ කතා නායිකාව ගැමි තරුණියක් වන කටුඇල්ලේ ගෙදර සුසිලාවතී. ඇගේ පියා කරත්තකරුවෙක් ඔහු මිය යන්නේ හදිසියේ. මේ සිනමා කෘතියෙන් පෙන්වන්නේ පියා අහිමි වීමෙන් නිවසේ ඇතිවන ජීවන අරගලයයි. වැඩිමහල් දියණිය ලෙස සුසිලාට නිවසේ බර පැටවෙනවා. සුසිලාගේ වැඩිමහල් සොහොයුරා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. බාල සහෝදරයා පියා කළ කරත්ත රස්සාවට පෙළඹෙන්නේම නිවසේ ඇති දුප්පත් කම නිසා. මොවුන් ජීවත්වන නිවසේ එක් කාමරයක් ග්‍රාම නිලධාරීවරයෙකුට නවාතැනක් විදිහට දෙනවා. ඊට අමතරව මොවුන් ග්‍රාම නිලධාරීවරයාට ආහාර පානද සපයා මසකට සුළු ආදායමක් ලබා ගන්නවා.

source
සුසිලාට සිතින් පෙම්බදින තරුණයන් හතර දෙනෙක් ඉන්නවා. පන්සලේ ඇඹිත්තියා ඉන් එක්කෙනෙක් . පාසලේ ඉංග්‍රීසි ගුරුවරයාත් සුසිලාට කැමැත්තක් දක්වනවා. පාසලේ අධ්‍යාපන චරිකාවට ඇගේ නම ඇතුළත් කරන්නේ ද ඒ වෙනුවෙන් මුදල් ගෙවන්නේ ද ඔහුය. සුසිනාට ප්‍රේම කරන අනිත් කෙනා වෙන්නෙ ඇයට ඥාතීත්වයක් තියෙන සිරිපාල නමැත්තෙක් . කේප්පයා ලෙස හඳුන්වන ඔහු ගමේම වාසය කරන අයෙක්. මීට අමතරව සුසිලාගේ නිවසේ එක් කාමරයක නැවතී සිටින ග්‍රාම නිලධාරීවරයාද සුසිලාට ප්‍රේම කරනවා. දවසක් සුසිලාගේ මල්ලි රැකියාවට යද්දි කරත්තෙ දුම්රිය ගැටි අනතුරකට ලක් වෙනවා. මේ අවස්ථාවේදී සුසිලාගේ පවුලට උදව් කරන්නෙ ග්‍රාම නිලධාරීවරයා. මේ අනතුර නිසා සුසුලාගේ පවුලේ අය ලොකු ආර්ථික පරිහානියකට ලක් වෙනවා. දවසක් සුසිල රෝහලට ගිහින් නිවසට එන්නේ ග්‍රාම නිලධාරීවරයාත් එක්ක ඒ අතරේ විශාල වර්ෂාවක් ඇති වෙනවා. බස් එකෙන් බැස්ස ඒ දෙන්නා එකම කුඩයක් යට එනවා මගදී සිරිපාල දකිනවා. ඔහු ග්‍රාම නිලධාරීවරයාට තදින් පහරක් එල්ල කරනවා. අඳුර නිසා ඒ මොහොතේ සිදුවන කිසිවක් පැහැදිලිව පේන්නෙ නෑ. සිරිපාල සුසිලාව බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කරනවා. තිරිපාලගෙන් පහර කෑ ග්‍රාම නිලධාරීවරයා රෝහල්ගත වෙනවා. දින කිහිපයකට පස්සේ සිරිපාල අභිරහස් ලෙස මිය යනවා ඔහුගේ දේහය පාලු ළිඳකින් හමුවෙනවා. මේ මරණය සම්බන්ධයෙන් එක් ආකාරයක චෝදනාවක් ගම්මුන් සුසිලාගේ පවුලටත් එල්ල කරනවා.

source
කාලයක් ගත වෙද්දී ග්‍රාම නිලධාරීවරයා නැවතත් රාජකාරිය සඳහා සුසිලාගේ නිවසට ඇවිල්ල නවාතැන් ගන්නවා. මේ අතර රෝහලේ ඉන්න සුසුලාගේ මල්ලිත් සුව වෙලා ගෙදර එනවා. මේ අතර ග්‍රාම නිලධාරීවරයාත් සුසිලා ගෙන් තමා සමඟ විවාහ ගිවිස ගැනීමට කැමැත්ත අහනවා. මේ අතර තමා සිරිපාල අතින් දූෂණයට ලක්වුණු බව ග්‍රාම නිලධාරීවරයා දැනගත්තොත් කුමක් සිදු වේදැයි සුසිලා කුතුහලයෙන් පසු වෙනවා. ඒ බව සුසිල ග්‍රාම නිලධාරිවරයාට පැවසූවිට ඔහු වික්ෂිප්ත වුනත් ඇය හා විවාහ වීම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මේ චිත්‍රපටිය අවසන් වෙන්නේ ග්‍රාම නිලධාරී සමග සුසිලා විවාහ වන දර්ශනයකින්. අපි තවත් ආටිකල් එකකින් හෙට හම්බවෙමු
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
malli oayth den loku lamayek...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit