මේ ආටිකල් එක ලියල දැන් ටික දවසක්.අද තමා දාන්න මතක උනේ. සමාවෙන්න.
හලෝ හලෝ කොහොම ද..මේ දවස් වල හැම තැනම වගේ ගංවතුර නේද. අපිටත් දවසම වගේ හොදටම වහිනවා. මේ පැත්තටත් ටික ටික වතුර පිරෙයි වගේ. ගගවල් උතුරද්දි🥲. එක දිගටම වහින නිසා තනියම හරි රවුමක් දාලා එන්නවත් යන්න විදියක් නෑ. දැන්නම් එකම විදිහට ගෙදරට වෙලා ඉදලා ටිකක් කම්මැලි වගේ. ගෙදරදි මං ඉතින් වැඩිපුරම කරන්නෙ කන එකයි නිදාගන්න එකයි. මේ වැස්සෙ සීතලේ හොදට නිදාගන්න එකනම් සෝක් ඉතිම්. තව ඉතින් සීතලේ වැස්සෙ රස්නෙට කෝපි කෝප්පයක් බොන ගමන් ෂර්ලොක් හෝම්ස්ගෙ වගේ අබිරහස් වලින් පිරුණු පොතක් කියවන එකත් මාරම ආස හිතෙන දෙයක්. කැම්පස් ආයෙ පටන් ගන්න දවසක්නම් ලග පාතකවත් නෑ වගේ. ඒ ගැන කිසිම කතාවක් නෑ. ස්ට්‍රයික් නිසා මැයි 2 පටන් ගත්ත අපෙ නිවාඩුව තාම ඉවර නෑ.
දැන්නම් කැම්පස් එක පැත්තෙ ගිහින් එන්නත් ආසයි වගේ. ඒත් ඉතින් වැස්සත් එක්ක එන මේ ගං වතුර නිසා කොහොමත් යන්න විදිහක් නෑ. හදිස්සියේ මොකක් හරි නිසා ස්ට්‍රයික් ඉවර වුනත් හැම තැනම ගං වතුර නිසා ඒත් කැම්පස් දැන්ම කොහොමත් පටන් ගන්න එකක් නෑ🥲. ඇත්තටම දැන්නම් හොදටම කම්මැලි මෙහෙම් ඉදලා. යාළුවෝ එක්ක ඇවිදින්න යන්න විදිහක්වත් නෑ. එහෙ හිටියනම් මෙහෙම කම්මැලි හිතෙන වෙලාවට ගෝල්ෆේස් පැත්තෙ හරි ගිහින් එන්න තිබුණා. අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා හවස මුහුද දිහා බලන් ටිකක් වෙලා ඉදලා එන එක වෙනම ම විදිහෙ දෙයක්. මේ නිවාඩුව නිසා දැන් ඉතින් ඒ මොකුත්ම නෑ. ඒ නිසා ආයෙ කැම්පස් පටන් ගත්ත ගමන්ම යාළුවෝ කට්ටියත් එක්ක කොහෙ හරි ඇවිදලා එන්න යනවා. මගෙ කම්මැලි කතාව කියෙව්ව ඔයාලටත් කම්මැලි හිතෙන්න ඇති නේද.. වෙනස් විදිහෙ ආටිකල් එකකින් අපි ආයෙ හම්බවෙමු...
පොත් දෙකක් තියාගෙන මාරුවෙන් මාරුවට කියවන මම 🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මං කැම්පස් ඉන්න කාලෙත් දිග (මතක විදියට මාස තුනක්) non academic strike එකක් තිබ්බා. ඒ කාලෙ මං බය වුණා ඒ දිග නිවාඩුව ඉවරවෙනවට. දැන් අපේ නංගිත් ඒ විදියටම සතුටින් ගෙදරට වෙලා ඉන්නවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit