source
අද ආටිකල් එකෙන් කතා කරන්නේ විශිෂ්ට සිනමාවේදියෙක් ගැන. ඔහු මුලින්ම සිනමාවට ආවේ 1967දී ආචාර්ය සිරි ගුනසිංහගේ ”සත් සමුදුර” චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායකවෙලා. ඒ වසරේ මේ චිත්‍රපටය මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කළ අතර ප්‍රංශයේ සිනමාකරණය සම්බන්ධයෙන් වූ කමිටුවක් මගින් ඔහුට 1971දී සිනමාකරණය පිළිබඳ විශේෂ සහතිකයක් පිරිනමලා තියෙනවා. මේ කාලේ ලෝකය පුරාම තරුණ නැගී සිටීම් අරගල තිබුන කාලයක්. මෙම වකවානුව තුළදී ශ්‍රී ලංකාවේද නව දේශපාලන සිනමාවක් බිහි වූ අතර එහි ලා පුරෝගාමී වූයේ ධර්මසේන පතිරාජ හා වසන්ත ඔබේසේකරයි. ඔබේසේකර නිර්මාණය කල වෘත්තාන්ත චිත්‍රපට සංඛ්‍යාව 13ක් වෙනවා.
source
1970 වසරේදී නිර්මාණය කල වෙස්ගත්තෝ වසන්ත ඔබෙසේකරගේ ප්‍රථම නිර්මාණයයි. මේ ෆිල්ම් එකෙන් කියන්නේ ලොකු හොරුන් නිදැල්ලේ ඉදිද්දී පොඩි හොරුන් විතරක් නීතියේ රැහැනට අසුවන ආකාරය. ඒක ෆිල්ම් එකෙන් උපහාසයෙන් පෙන්නලා තියෙනවා.1971 නිදහස් අධ්‍යාපනය පුළුල්වීමත්, පනස් හයේ සිදු කළ සමාජ ප්‍රතිශෝධනත් නිසා ගම්බද සිංහල පමණක් උගත් තරුණයන්ට විශ්ව විද්‍යාල වරම් ලැබීමත් සරසවියෙන් ඉවත් වීමත් සමඟ ඔවුන් උග්‍ර රැකියා ප්‍රශ්නයකට මුහුණ දෙන්ට සිදු වීමත්, දෙමාපියන් විසින් තම දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කිරීමට ගේ දොර, වතුපිටි, හරකබාන විකිණීමෙන් හෝ උකස් කිරීමත් අවාසනාවකට මෙන් ඒවා ද සින්න වීමත් සමඟ ඔවුන්ගේ අදෝනාවන් හා ඉච්ඡාබංගත්වයට පත් තාරුණ්‍යයේ ඛේදවාචකය වල්මත් වූවෝ චිත්‍රපටයෙන් වසන්ත ඔබේසේකරයන් පෙන්නලා තියෙනවා.
source
1979 වසරේදී නිර්මාණය වුණ පළගැටියෝ චිත්‍රපටයෙන් නගරයට සංක්‍රමණය වන රැකියා විරහිත ගැමි තරුණයන් ගැන කියවෙනවා. ඊට පස්සේ 1984 දඩයම චිත්‍රපටය ඔහු නිර්මාණය කරනවා. මෙහි ගැහැනිය කේන්ද්‍ර කරගෙන ඔවුන් පුරුෂාධිපත්තියට හා ලිංගික සූරාකෑමට එරෙහිව ක්‍රියා කරන ආකාරය පෙන්වනවා. ඒ වගේම ඔහු නිර්මාණය කල කැඩපතක ඡායා චිත්‍රපටය විවෘත ආර්ථිකයෙන් පස්සෙ අපේ රටේ ඇති වූ සාරධර්ම හා සදාචාර පරිහානිය මනාව පිළිබිඹු කරන චිත්‍රපටයක්. මීට අමතරව සළෙළු වරම,දොරකඩ මාරාව, තීර්ථ යාත්‍රා, අසනි වර්ෂා, සෙව්වන්දි, මාරුතය,ආගන්තුකයා ආදී චිත්‍රපට ඔබේසේකර නිර්මාණය කල චිත්‍රපටයි. අලුත් ආටිකල් එකකින් අපි ඉක්මනටම හම්බවෙමු.
මේ ගැන විස්තරයක් කියෙව්වේ අද තමා ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit