ගෙවුණු පෙබරවාරිය

in hive-133716 •  7 months ago 

photo_2024-03-07_08-37-32.jpg

පෙබරවාරි මාසෙ හිතාගන්න බැරි විදිහට ඉක්මනටම ගෙවිලා ඉවර වුණා. ඉතින් ඒ මාසෙ වුණ දේවල් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. ඉතින් පෙබරවාරි මාසෙ ගැන කියද්දි අමතක නොවෙන දවසක් තමයි "රෑ පැදුර" කියන්නේ. මේක music ළමයි එකතු වෙලා කරන වැඩසටහනක්. මමත් යාලුවෝ එක්ක ඉතිම් ගියා බලන්න. ලස්සන ලස්සන සින්දු ගොඩාක් තිබුනා. අන්තිම වෙද්දී හොදටම හති වැටෙනකල් නැටුවා කට්ටිය එකතු වෙලා. එදා බෝඩිමට එද්දිත් ටිකක් රෑ වුනා.මේ තියෙන්නෙ ගත්ත ෆොටෝ එකක්.

photo_2024-03-07_08-38-02.jpg

පෙබරවාරි මාසෙ වැඩ ගොඩක් එක්ක ගෙවුණු මාසයක්. Exam ලග ලග එන නිසා assignment ගොඩ ගැහිලා. හැමදාම ලෙක්චර්ස් යන්නයි Assignment කර කර ඉන්නයි එපා වෙනවනෙ ඉතින් අපි කට්ටිය සෙනසුරාදා හවසක ගෝල්ෆේස් පැත්තේ ගියා ඇවිදලා එන්න. යාලුවෝ කට්ටිය එක්ක හවස් වෙනකන් විනෝදෙන් ඉදලා ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන ආවා. ඒ අතර assignment එකකට ඕන කරන පොඩි වීඩියෝ වගේකුත් ගත්තා.

photo_2024-03-07_08-38-32.jpg

මහින්දපාල සර්ගෙ cinematography ලෙක්චර් එක ගොඩක් ආස කරන ලෙක්චර් එකක්. මහින්දපාල සර් කියන්නේ ඒ ෆීල්ඩ් එකේ විශිෂ්ටයෙක්. ඒ වුණාට සර් අපිට ගොඩක් සරල විදිහට හැම දෙයක්ම පැහැදිලි ව කියලා දෙනවා. ඒ සර් අපිට පොඩි activity එකක් දුන්නා. සර් අපිට පොඩි කතාවක් දීලා ඒ කතාව එක කැමරා එකකින් වීඩියෝ කරලා එඩිට් කරන්න කිව්වා. සර් ඒ වැඩේ දුන්නේ අපිව group 3 කට බෙදලා. ඉතින් එදා හවස 5 වගේ වෙද්දි group 3 ටම සාර්ථක විදියට ඒ වැඩේ ඉවර කරන්න පුලුවන් වුණා. ඉතින් ඒ දවසත් පෙබරවාරි මාසෙ හරි සෝක් දවසක්. මේ තියෙන්නෙ අපි වැඩේ අතරෙදි ගත්ත ෆොටෝ එකක්.

ඉතින් තවත් ආටිකල් එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ගෙදර එන්න එහෙම අදහස්ක් නැද්ද හලෝ ඉතින්