හායි යාලුවනේ කොහොමද ඉතින්. සතියක විතර දිග නිවාඩුවක් අරගෙන තමයි ආයෙත් කැම්පස් එකට ආවේ. පෝය දවසයි චන්ද නිවාඩුයි ඔක්කොම එකතු වුනාම දිග නිවාඩුවක් ලැබුනා. ඉතින් මන් හිතුවා ඒ දවස් ටික ගෙවුන විදිහ ඔයාලා එක්ක බෙදාගන්න. මන් ගෙදර ගියෙ කලින් සතියෙ සිකුරාදා හවස. කාලෙකින් ගෙදර ආව නිසා ගෙදර හැමෝටම ගොඩක් සතුටුයි. ඉතින් මේ දවස් ටිකම ගෙදර අය එක්ක ගොඩක් සතුටින් ගෙවුනා. එක එක කෑම හැදුවා, පොඩි පොඩි ගමන් ටිකක් ගියා ඒවා තමා ඉතින්. තව ඉතින් එඩිටින් වැඩ වගයකුත් කරා. ඔන්න ඊට පස්සේ චන්දෙ දවස ආවා. මාත් ඉතින් හොරා කන්නෙ නැතිව රට හදයි කියලා හිතුව එක්කෙනාට චන්දෙ දුන්නා. අනිත් අය මෙච්චර කල් කරේ දෙපැත්ත මාරු වෙවී හොරකම් කල එකනෙ. වාසනාවට ඉතින් මන් චන්දෙ දුන්න කෙනා දින්නා.
මේ පාර චන්ද ප්රතිඵල නම් ගොඩක් උනන්දුවෙන් බැලුවා. නිදගත්තෙත් පැයක් දෙකක් වගේ. ඒ කත් හරි සෝක් අද්දැකීමක් ගෙදර අය එක්ක දවසම නැගිටලා ටීවී බලන එක. ඉතින් අපෙ ලංකාවේ ගොඩක් අය මේ චන්දෙන් දිනන්නේ කවුද කියලා එක එක විදිහෙ ඔට්ටු දාලා තිබුනා. අපෙ පැත්තෙත් එක්කෙනෙකුත් ඒ වගේ ලොකු ඔට්ටුවක් අල්ලලා. රුපියල් කීයක්ද දන්නවදා ලක්ශ තිහක්🙂. වාසනාවට ඉතින් ඒ මනුස්සයා ඔට්ටුව දිනලා නැත්තන් අපරාදෙ ඉතින් සල්ලි. සදුදා රෑ ඒ ගෙදර ලොකු පාටියක්ලු. මටත් ඔය කතාව කිව්වෙ බස් එකේදි ඒ පාටියට යන මනුස්සයෙක්. මිනිස්සු ඒ තරම් ලොකු ඔට්ටුවක් දාන්නෙ ඉතින් ලොකු විස්වාසයකින්නෙ.
ඉතින් ඒ දිග නිවාඩුව ඉවර කරලා මන් සදුදා හවස ම ආපහු බෝඩිමට ආවා. අම්මා යාලුවෝ එක්ක බෙදාගෙන කන්න කියලා රස කෑමකුත් හදලා දුන්නා. කවුරුත් සදුදා ඇවිල්ලා හිටියෙ නෑ ඒ නිසා මන් ඒව ඊලග දවසෙ යාලුවෝ ආවට පස්සේ දුන්නා. හොදම වැඩේ කියන්නේ මන් සදුදා බෝඩිමට එද්දි 5.30 විතර වුණා. වොෂ් එකක් දාලා තේ එහෙම බීලා රෑ කෑම ගන්න 6.30 ට වගේ කඩේට ගියා. මෙන්න චන්දෙ නිසා කෑම කඩ සේරම වහලා🥲. දැන් මොකද කරන්නෙ කියලා හිත හිත බෝඩිමට ඇවිල්ලා ඕඩර් එකක් දාලා කෑම එකක් ගෙන්නගෙන කෑවා. සල්ලි කියල බැලුවෙ නෑ ඉතිම්. නෝමල් කෑම එකක් කෑවනම් දවසක් දෙකක් කන්න තියෙන සල්ලි එක වේලකට වියදම් වුනා. ඊට පස්සේ ඉතින් ඊලග දවසෙ උදේ නැගිටලා ලෙක් වලට ගියා. ලමයිත් අඩුයි. අදත් උදේ ඉදන් ලෙක්චර්ස්. ඔය විදිහට තමා ඉතින් ඉතුරු දවස් ගෙවෙන්නේ. බායි යාලුවනේ.