Exam කල් ගියාsteemCreated with Sketch.

in hive-133716 •  3 months ago 


image.png

හායි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලාට. මම නම් දැන් හරි සතුටින් 😋. සතුටින් කිව්වට අව්ලකුත් තියෙනවා ඉතිම්. Exam ගොඩක් දවසක් කල් ගිය එක තමා අව්ල, මාසයක්ම කල් ගියා. පාඩම් කරපු ඒවත් අමතක වෙනවා මාසයක් යද්දි ආයෙත් මුල ඉදන් පාඩම් කරන්න වෙනවා. අපිට exam තියෙන්න තිබුනෙ නොවැම්බර් 28 වෙනිදා. අපි ඉතිම් සති දෙකක විතර ඉදන් පන දාගෙන පාඩම් කරා. ඒක ගොඩක් අය රිපීට් වෙන subject එකක් කියලාත් කට්ටිය කියනවා. පාඩම් කරලා පාඩම් කරලා. පාස් පේපර් සාකච්ඡා කරලා හොදට විභාගෙට ලෑස්ති වුණා. ඊට පස්සෙ 26 රෑ මැසේජ් එකක් ආවා වැස්ස වැඩි නිසා 27, 28 දවස් දෙකේ තියෙන exam නෑ කියලා. ඒ වෙලාවෙ සතුටු හිතුනා දවස් දෙක තුනකට කල් යයි ඒක හොදයිනෙ කියලා. බලන් යද්දි අපෙ exam එක ආයෙ තියෙන්නෙ දෙසැම්බර් 21🥲 ඒක ඇහුවම නම් ටිකක් අවුල් මොකද ආයෙ මුල ඉදන් පාඩම් කරන්න වෙනවා අනිත් එක intern එක්ක exam එක සෙට් වෙන්නෙ 🥲🥲.


image.png

තව ඒ අතරෙ practical assignment ගොඩකුත් තියෙනවා. මොනවා කරන්න ද කොහොම හරි කර ගන්නම වෙනවා. Intern වලට කොහෙ යන්න වෙයිද දන්නෙ නෑ. ඒකත් ඔලුවට බරක්. Practical assignment එකේ video editing තියෙන්නෙ 10 වෙනිදා. Audio editing තියෙන්නේ 16. ඒ වැඩ ටික ඔය විදිහට තියෙද්දී ගෙදර ඇවිල්ලා යන්න ආවා. නෑදෑ කෙනෙක්ගෙ වෙඩින් එකකුත් තියෙනවා ඒ නිසා ආවා. ටික දවසක් ගෙදර ඉදලා ආයෙ යනවා බෝඩිමට. කාලෙකින් ආටිකල් එකක් ලිව්වෙ නැති නිසා ලියන්න ගත්තෙ මන්. Exam එකට පාඩම් කරන්නයි assignment ගොඩ ගැහිලා තිබුන නිසායි ආටිකල් දාන එක මගහැරුනා. Exam කල් ගිය එකේ ආයෙත් ආටිකල් ටිකක් ලියන්න හිතුවා. එහෙනම් තව ආටිකල් එකකින් හම්බවෙමු යාලුවනේ.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!