සෙනසුරාදත් ලෙක්චර්ස්.steemCreated with Sketch.

in hive-133716 •  5 months ago 


image.png

හායි හායි ඊයෙත් මන් ලෙක්චර් ගියා ඉතිම් උදෙන්ම නැගිටලා. හොදට නිදාගන්න තිබුන දවස සෙනසුරාදා කියන්නෙ. නොයා ඉන්න එක අපරාදෙ නිසා ගියා. සර් ඇවිල්ලා මුලින්ම කතා කලේ අපි කලින් අවුරුද්දේ cinematography වලට හැදුව production ගැන. අපිව group පහකට බෙදලා තමා ඒ assignment එක කරන්න දුන්නෙ. මන් අපෙ group එකේ short film එක හැදුන විදිහ ගැන ඒ දවස් වල ආටිකල් එකකින් අරන් ආවා. ඉතින් සර් අද ඒ short film පහ ගැනම හොද නරක කතා කරා. තව හැදෙන්න ඕන දේවල් ගැන කිව්වා.අපෙ ෆිල්ම් එකෙත් හොද වගේම තව හැදෙන්න ඕන ඒවත් කිව්වා. අපි assignment එක submit කරලා මාස ගානක් ගියාට strike නිවාඩු එක්ක අපි කාටවත් අනිත් group වල short film බලන්න බැරි වුණා. සර් ඉතිම් අද අපිට අපෙ group 5 ම short film පෙන්නලා ඒවා ගැන කතා කරා. එකට එකක් නොදෙවෙනි වෙන්න group පහේම අය ගොඩක් මහන්සි වෙලා අසයිමන්ට් ටික කරලා තිබුනා. හැම කෲ රෝල් එකක්ම කරේ අපෙ බැච් එකේම ළමයි. Short film ටිකම ලස්සනට තිබුනා ඉතිම්.


image.png
source

ඊට පස්සෙ ඉතිම් සර් ලෙක්චර් එක කරලා ඉවර වුණා. පස්සෙ ඉතින් අපි කට්ටිය එක්ක තේ එකක් එහෙම බීලා බෝඩිමට අවා. ඊට පස්සෙ වොෂ් එකක් එහෙම් දාලා පොඩි නින්දකුත් දාලා මේ දවස් දෙක තුනේම හෝදන්න බැරිව එකතු වෙලා තිබුන ඇදුම් ටික හෝදන්න ගත්තා. ඒ වැඩේ ඉවර කරලා නිදහසේ ෆිල්ම් එකක් බැලුවා. අද බැලුව ෆිල්ම් එක තමා A Quiet place Day one කියන film එක. A Quiet place කියන්නෙ ෆිල්ම් සීරිස් එකක්.ඒකෙ ආපු අනිත් ෆිල්ම් දෙක ඔයාලා බලල ඇති කියල මම හිතනවා.ඒ නිසා ෆිල්ම් එක් ගැන ලොකුවට කියන්න් යන්නෙ නෑ. ඔයාලත් මේ ෆිල්ම් එක බලන්න යාලුවනේ. මේ ෆිල්ම් එකත් බලලා හවස් වෙලා කඩේට ගිහින් කෑම එකකුත් ගෙනල්ලා කෑවා ඉතිම්. මගෙ අද දවස ගෙවුනෙ මේ විදිහට ඉතිම්. බායි බායි යාලුවනේ අලුත් ආටිකල් එකකින් හෙට හම්බවෙමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community