සරසවියේ තවත් සාමාන්‍ය දවසක්steemCreated with Sketch.

in hive-133716 •  8 months ago 


WhatsApp Image 2024-01-22 at 10.09.01 PM.jpeg
ලෙක්චර් හෝල් එක අරිනකන් මම ගත්තු ෆොටෝ එකක්.

හලෝ ඉතින් කෝමතේ. මෙ ටිකේ විසේස යමක් වෙනකන් බලන් හිටියත් එහෙම උනේ නැති නිසා මම තීරනය කරා සාමාන්‍ය විදිහට ගෙවුන අද දවස ඔයාල එක්ක බෙදාගන්න.ඉතින් අද සදුද දවස , ඉරිද හොද විවේකෙන් ඉදල හෙට උදේට අවදි වී යා යුතුව තිබේ කියලා අද උදේම ලෙක්චර්ස් ගියා. උදේ 8 ට තමයි තිබ්බේ. වෙනද වගේම ලමයි කලින් ලෙක්චරර් ලේට්. දැන් නන් ගානක් නෑ හැමදාම වගෙ වෙන නිසා.ඉතින් උදේම තිබේ ශ්‍රී ලංකන් සිනමා කියන සබ්ජෙක්ට් එක. බොහොම බෝරින් සබ්ජෙක්ට් එකක් උනත් අහන් ඉන්නම වෙනවා,මොකද මේකෙන් අපිට ලියන්න පේපර් එකක් දෙනවා.ඒ වගේම 1830 ගනන් වල ඉදන් ශ්‍රි ලංකාවෙ සිනමාව වර්දනය උන හැටි ගැන වර්ශත් එක්කම මතක තියාගන්න ඕන.ඒ වගේම වැඩිම රිපීට් රේට් එකක් තියෙන සබ්ජෙක්ට් එකක් මේක.ඉතින් ඒක ඉවර උනාම ඒ එක්කම ඊලග ලෙක්චර් එක,ඒකත් ශ්‍රී ලංකන් සිනමා. හැබයි ඒකෙනම් වර්ල්ඩ් සිනෙමා වල ඉදන් කරනව.ලෝක සිනමාව නම් හරි ඉන්ටරෙස්ටින්ග් . මුල්ම චිත්‍රපටිය විදිහට සලකන්නෙ ලුමියර් සහෝදරයන්ගේ දුම්රියක පැමිනීම.ඒත් යම් කිසි අරමුනක් එක්ක,ස්ටෝරි ලයින් එකක් එක්ක බිල්ඩ් උන ෆිල්ම් එක තමයි ග්‍රේට් ට්‍රේන් රොබරි කියන්නෙ.

WhatsApp Image 2024-01-22 at 10.09.00 PM (1).jpeg
අන්තිම ලෙක් එක පටන් ගන්නකන් ගත්තු තවත් එකක් .මෙතනට කොලබ හරි සෝක් එක පේනවා.

ඉතින් මේ ලෙක්චර්ස් දෙක ඉවර වෙලා පොඩි වෙලාවක් තිබුනා දවල්ට කන්න.ඉතින් අද සදුද නිස ගෙවල් වල ඉදන් ආපු ලමයි බත් අරන් ඇවිල්ල තිබ්බා.ඉතින් අපි ඒ බත් වලට වග කිව්ව්වා.1.30 ට තම ලෙක්චර් එක පටන් ගත්තේ. සිනමටෝග්‍රැෆි තමයි සබ්ජෙක්ට් එක.මන් හරි ආසම සබ්ජෙක්ට් එකක් ඒක.හේතුව ප්‍රැක්ටිකල් දේවල් ගොඩාක් තියෙන්න් මේකෙ.ඒ වගේම මේකට පේපර් ඉල්ලේ.ඔන්ලි අසයින්මට් .එ වගේම ඒ සර් හරි සෝක්. ගාල්ලෙ කොල්ලෙක්. ඉතින් බොහොම ආසාවෙන් එයාගෙ ලෙක්චර් එකේ හිටියා. ලෙක්චර් එක අතරෙ වෙලාව බලන්න හිතෙන් නැති ගානට ලෙක්චර් එකක් කර්නව නම් ඒ ලෙක්චරර් මාර සක්සස් කියලයි මම හිතන්නෙ.මොකද සමහර ලෙක්චර්ස් පටන් ගත්තු වෙලෙ ඉදන් ඉවර වෙනකන් නෙ අපි බලන් ඉන්නෙ.

WhatsApp Image 2024-01-22 at 10.09.00 PM.jpeg
මේ තියෙන්නෙ මං ආසම එක

ඉතින් මේ ලෙක්චර් එකෙන් පස්සෙ තව එක තියෙන්න තිබ්බත් ඒක තිබ්බෙ නෑ.කොහොමත් ඒක නැති වෙයි කියලම තමයි අපි හිටියේ.ඉතින් ඒකත් ඉවර වෙලා හෙමින් සැරේ මගෙ බෝඩිමට එන්න පිටත් උනා.ඒ එද්දී රෑට බත් කන්න කම්මැලි නිසා පාන් ගෙඩියක් ගත්තා. බෝඩිමට එද්දි කාමරේට කූබි ආක්‍රමණයක් ඇවිල්ලා.පව් පින් පොඩ්ඩක් පැත්තක තියලා එයාලට මෝටීන් සත්කාරයක් දුන්නා.ඊට පස්සෙ වොශ් එකක් ඒම දාගෙන රසම රස ප්ලේන්ටියක් හදන් බිව්වා යූ ටියුබ් බල බල. ඊලගට ඉතින් පාන් කන්න හොදි එපැයි. කඩේට ගිහින් පරිප්පු හොදි වලට චිකන් හොදි පොඩ්ඩකුත් දම්මගෙන ඒකට බිත්තරේකුත් දාගෙන ආවා. දැන් ඉතින් කන වෙලාව. පාන් බාගෙකුත් කපන් හෙමින් හෙමින් කෑවා.ඉතින් ඊට පස්සෙ තිබ්බ පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන මේ ආටිකල් එක ලියන වෙලාව වෙනකන් දවස ගෙව්වා.ඉතින් මේක ලියල ඉවර වෙද්දි රෑ 10 යි. ඔයාල හැමෝටම සුබ රාත්‍රියක්.ඉක්මනටම හම්බෙමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Dawasata interesting lecture ekak hari thiyana eka hodai. Natnam dawasama boring

oww akke😁