මම දැන් දෙකේ පන්තියේ.steemCreated with Sketch.

in hive-133716 •  last year 

image.png
මෙයා අපිට හම්බුනේ පේරාදෙණිය කැම්පස් එකේදී.

කැම්පස් ඇවිල්ලා අවුරුද්දකුත් උනා. ඉතින් ඒ ගෙවුන අවුරුද්ද ගැන අපි ටිකක් කතා කරමු. හරියටම සැප්තැම්බර් 5 වෙනිදට කැම්පස් එකට ඇවිල්ලා අවුරුද්දයි. මුල්ම කාලෙ අපි හැමෝම ඉතින් මාර ෆිට් එකේ හිටියා.ඒත් ගෲප් අසයින්මන්ට් එකකට අපි බෙදුන පාර තාමත් අපි ටිකක් විතර බෙදිලා ඉන්නේ. සීනියර්ස්ලා අපිටබැනලා ආයෙ එකතු වෙන්න කියපු නිසාද මන්දා අපි දැන් වෙනදට වඩා එකතුයි. ඇත්තටම බැච් ෆිට් එක කියල මෙව්ව එකක් නෑ නේද🙂. ඉතින් ඔය බෙදීම් අස්සේ අපි පොඩි පොඩි දේට පවා ගෲප් වල මරාගත්තා. ඒ අතර ඉතින් එලියෙ ටෙලිඩ්‍රාමා කිහිපයක වැඩ කරන්න ගිහින් ගොඩ ගිය සෙට් එකකුත් හිටියා. ඔයාලා දැන් බලන කොඩිගහයට, 4චූන් රෙසිඩන්ස්, අලුපාට දේදුදුනු වගේ වැඩ ගොඩක අපේ අය තිරේ පිටිපස්සෙ ලොකු සපෝර්ට් එකක් දුන්නා. කැම්පස් ආපු අලුත මාත් එක ටෙලියක පොඩි ග්‍රැෆික් වැඩක් කරා. පේමන්ට් නම් හම්බුන් නෑ.එදා මන් හිතුවෙත් නෑ ඕක පෙන්නාවි කියලා. ඔයාල බලන 4 චූන් රෙසිඩන්ස් එකේ හදුන්කූරු විකුනන කෙනාගෙ වෑන් එකේ ගහල තියෙන ස්ටිකර්ස් ටිකට ඕන ඩිසයින් ටික මම තමයි කරේ. ඒක ඉතින් මට හරි ලොකුයි😬.

image.png
හදපානෙ බයිස්කෝප්.

ඊට අමතරව මේ ගෙවුන අවුරුද්දේ අපේ ලෙක්චරස්ලගේ ස්ට්‍රයික් එකට ඕන පෝස්ට් හැදුවෙන් ස්ට්‍රයික් එක නිසා බැට කාපු මං ම තමයි. තව තව ග්‍රැෆික් වැඩ, වීඩියෝ එඩිටින් වැඩ කිහිපයක්ම කරන්න ලැබුනා. අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් අපි ඕගනයිස් කරපු ෆිල්ම් ෆෙස්ටිවල් එකටත් ඉතින් අපි හැමෝම සහබාගි උනා. ලන්කාවෙ ජනප්‍රිය නලු නිලියන් ගෙනල්ලා තමයි අපි ඒක කරේ.ඒත් පටන්ගද්දිම පොඩ්ඩක් චොර වෙලා තමයි පටන් ගත්තේ.හේතුව විදුලි ප්‍රශ්නයක්. ඉතින් ඔය අතර විභාග එහෙමත් අපිට තිබුනා. ඒවයෙනුත් ජාමෙ බේරගන්න පුලුවන් උන නිසා මන් ගොඩක් සතුටින්.

image.png

එස්සෑම් ඉවර වෙලා නිවාඩු කාලෙ අපි බදුල්ලෙත් ගියා හැබයි ඒක එච්චරම සාර්තක උනෙ නෑ. නුවර පෙරහැර බලන්නත් ගියා. පෙරහැර බැලුවෙ නැති උනාට යාලුවෙක්ගෙ ගෙදර ගියා හරිම ලස්සන පලාතක් ඒක. ඉතින් ඒ ගමන නම් වරදක් කියන්න බෑ.

image.png

ඉතින් අපේ පලවෙනි වසර එහෙම ඉවර වෙද්දි අපි ආවා අපේ දෙවෙනි වසරට. හැබයි බොහොම මානසික පීඩනේකින් තමයි දවස ගානෙ යන්නෙ එන්නෙ. හේතුව ඉතින් සීසන් එක. සීසන් වෙන්න අකමැති නිසා( කොන්ඩෙ සහ යන්තන් හරි තියෙන රැවුලත් කපන්න උනාම මිනි මරුවෙක්ගෙ පෙනුම එන නිසා, තේරුමක් නැතුව බැනුන් අහන්න අකමැති නිසා) බොහොම පරිස්සමෙන් තමයි දවස ගෙවන්නෙ. සීසන් එක සුන්දරයි කියන එක සාපේක්ශයි නේ. ඒ නිසා මන් ඒකට වරදක් කියන්නෙත් නෑ. ඉතින් ඕක තමා වර්තමාන තත්වේ. ගෙවුන අවුරුද්ද නම් ඉතින් ඇත්තටම කට්ටියව අදුරගන්න ලැබුන හොද කාලයක්. ඉතින් මේ අවුරුද්දෙ කරන්න වැඩ ගොඩක් ඔලුවෙ තියෙනවා. එ හැම එකටම සල්ලි හරස් වෙලා නිසා පොඩ්ඩක් පාඩුවෙ ඉන්නවා. ඉතින් ඉක්මනට හම්බෙමු. බායි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!