source
අපි අද ආටිකල් එකෙන් කතා කරමු දඩයම ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ වසන්ත ඔබේසේකර. ඒ 1983. දඩයම චිත්‍රපටයට වස්තු විෂය වන්නේ ආත්මාර්ථකාමී සල්ලාල දිවියක් ගෙවන ජයනාත් නම් වූ තරුණ ගුරුවරයෙකු හා ඔහුගේ රූපයට බාහිර ආටෝපයන්ට මෙන්ම සුඛෝපභෝගී ජීවිතයට වශී ව ඔහුට ප්‍රේම කරන රත්මලී නම් තරුණියක් ගැනයි. දඩයම චිත්‍රපටයේ රත්මලිගේ චරිතයෙන් නිරූපණය කරන්නේ ජීවිතයේ විවිධ හැල හැප්පීම් නොයෙකුත් පීඩාවන් ආදියට මුහුණපෑම හේතුවෙන් දැඩි සිතකින් ක්‍රියා කරන ග්‍රාමීය කාන්තාවකි. ජයනත්ත රත්මලේ ප්‍රේම කරන්නේ දැඩි බලාපොරොත්තු සහගතව සහ විශ්වාසයකින්. පසුව ජයනාත් නිසා ඇය ගැබ් ගන්නවා. ඇය ජයනත් කෙරෙහි විශ්වාසයක් තැබුවත් ඔහු තුළ පවතින්නේ වංචාකාරී සිතුවිල්ලක්. ඔහුට අවශ්‍ය වන්නේ ඇය තුළ පවත්නා වූ මෙම විශ්වාසය නිසා ඇයගෙන් ගත හැකි සියලු ප්‍රයෝජන ගැනීම පමණයි. කොටින්ම කියනවානම් ඔහුට අවශ්‍ය ඇය සමග ලිංගිකව එක්වීම පමණයි. රත්මලී ගැබ් ගැනීමත් සමඟම ජයනත් ඇයගෙන් පලා ගියද ඈ නැවතත් ඔහු සොයාගෙන යයි. මේ ආකාරයෙන් ඇයගෙන් පලා යාම අපහසු බව වටහා ගන්නා ජයනත් ඉතා සියුම්ව උපක්‍රමශීලීව ඇයව විවාහ කර ගන්නා බවට බොරු පොරොන්දු දී ඇයව රවටයි. මේ වන විටත් වෙනත් තරුණියක් සමග විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින ජයනාත් නැවතත් රත්මලී හා සබඳකම් පවත්වනවා. මෙසේ යළිත් වරක් ඔහුට රැවටෙන රත්මලී දෙවන වරටද ඔහු නිසා ගැබ් ගන්නවා.
source
දුප්පත් ගෙන් පවුලක තරුණියක් වෙන රත්මලින් ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටි. සැප සම්පත් වලින් පිරුණු ජීවිතයක් ලබාදීමට සමත් යැයි සිතන තරුණයෙක් විවාහ කර ගැනීම ඇයගේ බලාපොරොත්තු වෙයි. ඇය ධනවත් ලෙස ඇඳුම් පැළඳුම් අඳින යාන වාහනවලින් ගමන් බිමන් යන පුද්ගලයන්ට ඇලුම් කරන්නියක් බවට පේනවා. රත්මලී ගෙන් නිරූපණය කරන්නේ ග්‍රාමීය සුළු ධනේශ්වර තරුණියකගේ ගති ස්වභාවයයි. ඇය මේ සිතන ආකාරය මගින් ඇයට ජය නාට්ගේ ඇතැම් දුරගුණ නොපෙනෙයි. ඇය ඔහුට අවබෝධයකින් තොරව ප්‍රේම කරන්නේ ද ඒ නිසාය. ජෛනත්ව තවදුරටත් විශ්වාස කරන රත්න ලීට ඔහුගේ නියම ස්වරූපය දැකගත හැකි වන්නේ දෙවන වරට ද ඔහුගේ උගුලට හසුවීමෙන් පසුවයි. ඇයි මේ විවාහ කර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කරයි. රත්මලිට ජෛනත් සිදුකළ වංචාව තේරෙන්නේ මේ අවස්ථාවේ. ජයිනස් වගේ ඉහළ පන්තියකින් එන තරුණියන් රත්මලී වැනි දුප්පත් ග්‍රාමීය තරුණියක් සමග විවාහ වීමේ බලාපොරොත්තුවෙන් සම්බන්ධකම් පවත්වනවා යැයි සිතීමට අමාරුයි. තම දෙමාපියන් හා තමන් තුළ බලාපොරොත්තු ඇති කරමින් වංචා කල ජයනාත් කෙරෙහි ඇයතුල පසුව ඇති වන්නේ දැඩි වෛරයකි. ඇය ඔහුගෙන් පරිගැනීමට පෙරඹෙන්නේ ඒ නිසයි. තරුණයන්ගේ ජීවිතය සමග සෙල්ලම් කරන විනෝදයට පමණක් ඔවුන් භාවිතා කරන පුරුෂයෙකුට දිය හැකි හොඳම දඬුවම නිත්‍යානුකූල ස්වාමියා ලෙස ඔහුව පාවා ගැනීම පමණක් බව සිතන රත්මලී ඇයව විවාහ කරගන්නා ලෙසට ජයනාත් ට තර්ජනය කරනවා. එහෙත් චිත්‍රපටයේ අවසානයේ සිදු වන්නේ අප නොසිතූ දෙයක්. ජයනාත් රත්මලී ව කැලයකට අරන් ගිහින් ඔහුගේ මෝටර් රථයට යට කරලා මරනවා. මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ ඒ විදිහට. ඉතින් අපි තවත් ආටිකල් එකකින් හම්බවෙමු.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit