BabelsteemCreated with Sketch.

in hive-133716 •  2 months ago 

image.png
source

අද මම කතා කරන්නේ හයිපර්ලින්ක් ආකෘතිය භාවිතා කරලා තියෙන ෆිල්ම් කීපයක් ගැන. Alejandro González Iñárritu අධ්‍යක්ෂණය කරන ලද Babel චිත්‍රපටය හයිපර්ලින්ක් ආකෘතිය භාවිතා කර ඇති චිත්‍රපටයක්. මේ සදහා ලෝකයේ විවිධ ප්‍රදේශවල ප්‍රධාන සිදුවීම් හතරක් භාවිතා කරලා තියෙනවා. ඒ මොරොක්කෝව, ජපානය, මෙක්සිකෝව සහ එක්සත් ජනපදයයි. මෙම සෑම කථාවක්ම වැරදි සන්නිවේදනය, සංස්කෘතික බෙදීම් සහ පුද්ගල ක්‍රියාවන්හි ප්‍රතිවිපාක යන තේමාවන් මත රදා පවතිනවා .

මොරොක්කෝව - චිත්‍රපටය ආරම්භ වන්නේ මොරොක්කෝ පිරිමි ළමයින් දෙදෙනෙකු අහම්බෙන් ඇමරිකානු සංචාරකයෙකුට වෙඩි තැබීමෙන් . මෙම සිදුවීම චිත්‍රපටය පුරාවටම ගලායන සිදුවීම් දාම ආරම්භ කරනවා . පිරිමි ළමයින්ගේ ක්‍රියාවන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ජීවිතවලට බලපාන අතර මොරොක්කෝව සහ එක්සත් ජනපදය අතර දේශපාලන ප්‍රශ්නයක් පවා ඇති කරනවා . ඒ සංචාරයට පැමිණි ජපන් ජාතිකයෙකු නීත්‍යානුකූල බවෙන් තොරව ත්‍යාගයක් ලෙස තුවක්කුවක් ලබාදීම හේතුවෙන්. සංචාරක කාන්තාවක්ට අහඹු ලෙස මොරොක්කෝවේදී වෙඩි වදින්නේ එම තුවක්කුවෙන්.

image.png
source

ජපානය - ජපානයේ, බිහිරි-ගොළු යොවුන් දැරියක් ඇයගේ ආබාධය සහ තනිකම නිසා මානසික පීඩනයකින් ජිවත් වෙනවා . ඇයගේ පියා මොරොක්කෝ ජාතිකයාට තුවක්කුවක් ලබාදුන් ජපන් ව්‍යාපාරිකයයි. මෙම කතාවේ අවසන් අදියරේදී මොරොක්කෝවේ සිදු වූ වෙඩි තැබීම නිසා මෙම ව්‍යාපාරිකයාව සොයා පරීක්ෂකයන් පැමිණේ.මෙක්සිකෝව: නැනී කෙනෙක් මෙක්සිකෝවේ ඇගේ පුතාගේ විවාහ මංගල්යයට ඇමරිකානු දරුවන් දෙදෙනෙකු ඇය සමඟ රැගෙන යයි. එයට හේතුව ද පළමු සිදුවීම හා සම්බන්ධ වෙනවා . නැනී මෙම දරුවන් දෙදෙනා ඇය සමග රැගෙන යන්නේ දරුවන් දෙදෙනාගේ මවට මොරොක්කෝ සංචාරය අතර වෙඩි වැදී තුවාල වීම නිසා නැවත පැමිණීමට නොහැකි වීම හේතුවෙන් . දරුවන් දෙදෙනා රැගෙන ගිය නැනී නැවත පිටත්ව යාමේදී ගැටලුවකට මුහුණ දුන් විට දරුවන් දෙදෙනා ද අවදානම් සහගත තත්වයකට පත්වෙනවා . මෙම කතාව රටවල් අතර සංක්‍රමණ ගැටලු, දරිද්‍රතාවය, රැකබලා ගන්නන් සහ දරුවන් අතර ඇති බැඳීම ආදී කරුණු ද ඉස්මතු කරනවා .

ඇමරිකා එක්සත් ජනපදය: අවසාන කථාව ගෙතී ඇත්තේ මොරොක්කෝවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණ බිරිඳට වෙඩි වැදීම නිසා ගැටලු රැසකට මුහුණ දෙන ඇමරිකානු යුවළක් වටා ය. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ සංස්කෘතික ගැටලු භාශාව තේරුම් ගැනීමේ ප්‍රශ්න හා ජාත්‍යන්තර සබඳතාවල බාධක නිසා ඔවුන් ගැටලු රැසකට මුහුණ දෙනවා. ඔවුන් දෙදෙනාගේ ප්‍රමාදය නිසා දරුවන් දෙදෙනාටද ගැටලුවකට මුහුණ දීමට සිදු වෙනවා .චිත්‍රපටිය පුරාවටම මෙවැනි එකිනෙකට වෙනස් කතා විවිද සිදුවීම් නිසා එකිනෙක සම්බන්ද වෙනවා. ලෝකයේ එක් ප්‍රදේශයක සිදුවන ක්‍රියාවන් වෙනත් තැන්වල ගැටලු රැසක් ඇති කිරීමට සමත් වන ආකාරය බබෙල් චිත්‍රපටයෙන් පෙන්වනවා.

image.png
source

මේ ආකෘතිය තියෙන තවත් චිත්‍රපටයක් තමයි පෝල් තෝමස් ඇන්ඩර්සන් විසින් අධ්‍යක්ෂණය කල මැග්නෝලියා චිත්‍රපටය. මේ චිත්‍රපටයේ හයිපර්ලින්ක් ආකෘතිය භාවිතා කර ඇත්තේ විවිධ චරිත සහ කථා වස්තුවල අන්තර් සම්බන්ධිතභාවයටයි. උදාහරණයක් විදිහට ජිමී ගේටර් චරිතය ක්ලෝඩියා විල්සන් ගේටර් සමඟ පවුල් සබඳතාවක් හරහා සම්බන්ධ වෙනවා. ක්ලෝඩියාගේ කතාව ජෝන් සී. රෙයිලි විසින් රඟපාන ජිම් කුරිං ගේ කතාව සමඟ සම්බන්ධ වෙනවා .මීට අමතරව මැකී ගේ චරිතය ඔහුගේ මතභේදාත්මක බව මගින් අනෙකුත් චරිතවල ජීවිතවලට වක්‍ර බලපෑමක් ඇති කරනව. මෙම අන්තර් සම්බන්ධතා හයිපර්ලින්ක් ආකෘතිය ගොඩනැගීලා තියෙනවා .

ෆිල්ම් එකේදී ප්‍රවීණ රූපවාහිනී මාධ්‍ය කරුවෙකු වන වන ජිමී ගේටර් ක්ලෝඩියාගේ වෙන් වූ පියා බව පසුව අනාවරණය වෙනවා .ක්ලෝඩියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ මානසික කම්පනයකින් ජීවත් වෙනවා . එයට හේතුවක් වන්නේ ඇගේ පියා සමඟ ඇති ද සම්බන්ධතාවය දුරස්වීමයි. ජිමීගේ මාරාන්තික රෝගය ක්ලෝඩියා සමග සම්බන්ධයක් ඇති වීමට හේතුවක් වෙනවා.නිලධාරි ජිම් කුරිං ක්ලෝඩියාගේ මහල් නිවාසයේ ඇමතුමකට ප්‍රතිචාර දක්වයි. පසුව ඔහුට ඇයව මුණගැසෙනවා. ඔවුන්ගේ මුල් හමුවීම නීතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වුවත් පසුව ඔවුන් අතර ආදර සම්බන්ධයක් ඇති වෙනවා .මිය යන රූපවාහිනී නිෂ්පාදකයෙකු වන අර්ල් පැට්‍රිජ් ඔහුගේ අතීත වැරදි ගැන පසුතැවිලි වන අතර ඔහුගේ වෙන් වූ පුත් ෆ්‍රෑන්ක් සමඟ නැවත සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අපේක්ෂා කරනවා .
මැකී තම පියා කෙරෙහි ගැඹුරු අමනාපයක් ඇති අර්ල්ගේ පුත්‍රයා බව ද අනාවරණය වෙනවා . ඔවුන්ගේ සංකීර්ණ සම්බන්ධය අර්ල්ගේ සමාව දීම සහ ෆ්‍රෑන්ක්ගේ පසුතැවීම මගින් පැහැදිලි වෙනවා .ඩොනී ස්මිත් ඉටු නොවූ අභිලාෂයන් සහ මූල්‍ය ගැටලු සමඟ අරගල කරනවා . Quiz Kid ලෙස හැඳින්වෙන හිටපු ප්‍රශ්න විචාරාත්මක ශූරයෙකු වූ ස්ටැන්ලි ස්පෙක්ටර් බාර්ටෙන්ඩර් ලෙස කටයුතු කරනවා .මෙම චරිත දෙකම නියෝජනය කරන්නේ හිටපු ළමා තරුවල කලකිරීම් සහගතබවයි. මෙම උදාහරණ මගින් හයිපර්ලින්ක් සිනමාවේ ලක්ෂණයක් වන අන්තර් සම්බන්ධිත ආඛ්‍යාන මගින් චරිත එකිනෙකට ඡේදනය වන ආකාරය සහ බලපෑම් කරන ආකාරය පෙන්නුම් කරනවා. තවත් ආටිකල් එකකින් අපි ඉක්මනටම හම්බවෙමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

Seems like a good movie to watch..