Dr. Sumithra PeirissteemCreated with Sketch.

in hive-133716 •  last month 


image.png
source

අද ආටිකල් එකෙන් කතා කරන්නේ ලංකාවේ සිනමාවට විශාල මෙහෙයක් කළ කාන්තා චරිතයක් ගැන.
1935 මාර්තු 24 වන දින සුමෙිත්‍රා ගුණවර්ධන ලෙස උපත ලද ඇය හැදී වැඩුනේ අවිස්සාවේල්ල ග්‍රමයේදී. ඇය එංගලන්තයේ බ්‍රික්ස්ටන්හි ලන්ඩන් චිත්‍රපට තාක්ෂණ පාසලට (LSFT) ඇතුළත්ව තම විදේශීය අධ්‍යාපනය සමිපුර්ණ කරනවා. ඇය 1960 දී තම අනාගත සැමියා වන ලෙස්ටර් ජේම්ස්ගේ සංදේශය චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරියක් ලෙස තම සිනමා ජීවිතයේ ගමන් ආරම්භ කලා.1964 දි චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යන සිනමාවෙිදීයා සමග සුමෙිත්‍රා පීරිස් මැතිනිය විවාහ වෙනවා. ඇගේ සිනමා ගමනේ යෝධ සෙවනැල්ල වුයේ ඔහුයි.තම සැමියාගේ අඩි පාරේ ගමන් ගත ඇය ඔහුගේ චිත්‍රපට වලට සමිබන්ධ වීමෙන් ලද අත්දැකීම් වලින් සංස්කාරකවරියක් ලෙස සිනමා ක්⁣ෂේත්‍රයේ ඉහලට ගමන් ගත්තා.


image.png
source

සුමෙිත්‍රා පිරීස් ඇගේ ප්‍රථම චිත්‍රපටයෙන්ම ඇය රසික ප්‍රජාවගේ ඇගයීමට ප්‍රාත්‍ර වු තැනැත්තියක්. එය කාන්තා සංවෙිදීතාව පිළිබඳව දෙස් විදෙස් විචාරයන්ගේ පැසසුමට ලක් වු චිත්‍රපටක්. එහි සාර්ථකත්වයෙන් ලද පන්නරයෙන් ඇය තවත් චිත්‍රපට නවයක් අධ්‍යක්ෂණයට පෙළෙඹ වුවා. ඒ සියලු නිර්මාණය කාන්තාව ප්‍රධාන චරිතය ලෙස මුලික කරගනිමින් නිර්මාණය වුවක් වීමද සුවිශේෂියි.

ගඟ අද්දර (1980), යහළු යෙහෙළි (1982) මයා ( 1984), සාගර ජලය මදි ඔබ හැඩුවා.(1988),ලොකු දුව( 1994),දුවමවක මිස( 1997),සක්මන් මළුව (2003),යහලුවො(2007), සහ වෛෂ්ණාවි (2017) ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයි.
ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට සියල්ලම පාහේ රසික ප්‍රජාවගේ ආකර්ෂණයට ලක් වුනා. සිංහල සිනමාවෙි කිවිඳිය යන විරැදාවලියෙන් හදුන්වනු ලබන කලා කීර්ති සුමෙිත්‍රා පීරිස් මැතිනිය ලාංකේය සිනමාවෙි ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරියයි. ඇ⁣ය තම නිර්මාණ සඳහා සමිමාන රැසකට පාත්‍ර වුණා.මෙම විශිෂ්ට සිනමා වෙිදිනියගේ අභාවය 2023 ජනවාරි 19 වනදා සිදු වුණා.
තවත් මෙවැනි විශිෂ්ට සිනමාවෙිදියෙකුගේ තොරතුරු එක්ක තවත් ආටිකල් එකකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට
සමු ගන්නවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

It's soo good to read about her.💛

❤️