හෙලෝ මගෙ රත්තරන් යාලුවනේ. අද මන් ඉතින් ඔහේ ටිකක් කියවන්න ආවෙ. හැමදාම චිත්‍රපටි ගැන අහලත් කම්මැලීනේ. මේ අපේ විභාග සතිය. සතිය කිව්වට ඉතින් එක පේපර් එකයි තීන්නෙ ලියන්න.අනිත් ඔක්කොම අසයින්මන්ට්. සිනමාව සදහා සමාජවිද්‍යාව තමයි පේපර් එකට එන්නෙ.හිතන තරන් ලේසි නෑ හැබැයි විනෝදත් නෑ ස්ත්‍රීවාදය ,පුරුෂභාවය , අරක මේව ඔක්කොම ටික පාඩන් කරන්න තියෙනව. එකම දේ මේකෙන් ඉතින් මිනිස්සු කියවගන්න පුලුවන් කමක් එනව.
ඒ වගේම සාමාන්‍ය විදිහට චිත්‍රපටියක් බලනවට වඩා එහා ගිහින් ඒක කෑලි වලට ගලවන් බලන්න පුලුවන් වෙනවා.28 ත්මයි විබාගෙ. මේ ටිකේම උදේ සිට හවස් වෙනකන් පාඩම් කරන එක තමයි කරන්නෙ. උදේ ඉදන් වහින වැස්ස එක්ක හිතෙන්නෙම නිදාගන්න.ඒත් ඉතින් බෑනෙ.ඔන්න ඕකයි ප්‍රස්නෙ. මේ පේපර් එක නිසා අකමැත්තෙන් උනත් සිංහල ෆිල්ම්ස් ටිකක් බලන්න ලැබුනා.හැබැයි අපරාදෙ කියන්න බෑ ඒ ෆිල්ම් ටික නම් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. ඔයාලත් ට්‍රයි කරන්න. බබර වලල්ල , හෝ ගාන පොකුන වගේ ෆිල්ම්ස් මරු. මේ දේවල් ඇරුනම ඉතින් වෙන කියන්න දේකුත් නැති තරම්. විබාගෙන් පස්සෙ අසයින්මන්ට් පෝලිම පටන් ගන්න ඕන. විනාඩි තුනකශෝර්ට් ෆිල්ම් එකකුත් තියෙනවා. ඒක ශූට් කරල ඉවරයි එඩිට් කරල ඒකට වෙනම ආටිකල් එකක් ලියලා ඒකෙන් වයිවා එකකුත් තියෙනවා. ආයෙපෝස්ට් ප්‍රොඩක්ශන් අසයින්මන්ට් එක. ඒකෙ එකක් අපි ගිහින් කරන්න ඕන අනිත් ඒව ගෙදරදි කරලා ඒකෙ ස්ක්‍රීන් රෙකෝඩ් එකකුත් දාන්න ඕන.හොර කරන්න බෑ.පෝස්ට් ප්‍රඩක්ශන් කිව්වේ එඩිටින්ග්.
One advantage about learning a subject in humanities is that you not only study theory but people.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit