It's My Birthday

in hive-133716 •  4 years ago 

colorful-happy-birthday-cupcakes-candles-spelling-148323072.jpg
Source

ඔන්න ඉතින් තවත් අවුරුද්දක් මම වයසට ගියා. ජූලි 25 වෙනිදට තමයි මගේ උපන්දිනය යෙදිල තිබුනෙ. ජූලි පලවෙනිද ඉදන්ම ඉතින් ඇගිලි ගැන ගැන හිටියෙ මේ දවස එනකන්. අන්තිමේදි ඒක ආවා.ජූලි 24 රෑ 12 ඉදන්ම උපන්දින සුබපැතුම් ආව. ඔන්න වෙනද වගේම ඉතින් උපන්දිනය දවසෙත් උදේම මම නැගිට්ටා. නැගිලට ඉතින් කුස්සිය පැත්තට ගියා.අම්ම කිරිබත් එහෙම හදනව. මේ අතරෙ අක්ක මාව මගේ කාමරේ ගාවට එක්කන් ගිහින් මූනෙන් මොනවදෝ පෙන්නනව.

photo_2021-07-26_17-06-20.jpg

මම ඉතින් කාමරේ පුරාම බැලුවත් මුකුත් නෑ. ඒපාර එයා කාමරේ දොර පෙන්නුවා. ඔහ් එතකොටයි මම දැක්කෙ කොල කෑල්ලක් රෝල් කරල එල්ලල තියෙනව කියල.මම හිතුව නිධානයකට යන පාර වෙන්න ඇති කියල. බලද්දි ලින්ක් එකක්. මට එවෙලෙ තමා මතක් උනේ කලින් දවසෙ රෑ කව්ද මන්ද කාමරේ දොර පහුරු ගෑව කියල.අපරාදෙ මන් පූසට බැන්නෙ. ඉතින් ඒ ලින්ක් එකෙන් ගියාම තිබ්බෙ අක්කගෙයි මගෙයි පොඩි කාලෙ ඉදන් ගත්තු ෆොටෝ එකතු කරල හදපු ලස්සන වීඩියෝ එකක්. සමහර ෆොටෝ දැක්කම ඒ මමද කියල හිතාගන්න බෑ. ඉස්සර ඒ තරන් කැතයි.(දැනුන් එහෙමයි.)

Screenshot (13).png

ඉතින් ඔහොම පටන් ගත්ත දවස ඉතින් එක එක අයගෙ සුබ පැතුම් මැද්දෙ ගෙවිල ගිහින් හවස් වරුව උදා උනා . දවල් ඉතින් මමයි අම්මයි කතා කරල තීරනේ කරා මාමලට රෑ කෑමට ආරාදනා කරන්න. ඉතින් එදා පාටියෙ විශේශම කෑම උනේ චිකන් කරි එක.මේක මම යූ ටියුබ් එකෙන් හොයාගත්ත රෙසිපි එකක්. ඒ කරී එක ගැන ආයෙ වෙලාවක ලියන්නම්. ඉතින් මේ කරි එක හිතුවට වඩා රසට ආවා. ඉතින් කට්ටියම හොදට කෑව කියල තමයි මට කියන්න තියෙන්නෙ. මාම එද්දි මට FOGG brand එකේ body spray එකක් ගෙනත් දුන්නා.

photo_2021-07-26_17-06-21.jpg

මීට ගොඩක් කාලෙකට කලින් මන් ඕර්ඩර් කරපු graphic tablet එකත් හරියටම උපන්දිනේ කිට්ටු කරලම ලැබුන.ඉතින් මට තවත් සතුටුයි.මන් ඒක උපන් දිනේ දවසෙම කඩන්න තියාගත්තා. තාම ඒක අතට හුරු මදි.ඒත් ඒකට ඉක්මනටම හුරු වෙනවා.ඉතින් වැඩි විකාර නැතුව හරිම සරල විදිහට මගේ උපන්දිනේ ගෙවිල ගියේ ඔය විදිහට තමයි. ඉතින් කට්ටියම ගියාට පස්සෙ අපි කට්ටිය family photo එකක් ගත්තා. ඒකට අපේ බිංගොවත් ඇදල ගත්තා.පූසා ඉතින් කොයි වෙලෙත් නිදි නිසා ඌව ගත්තෙ නෑ.

photo_2021-07-25_20-01-34.jpg

එහෙනන් තවත් ආටිකල් එකක් එක්ක ආයෙ හමුවෙමු. ❤

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Happy birthday! 🎁🎈

Thank Youu

This is little belated. Anyway happiest of birthdays for you!

Hee thank you akke

Happy Birthday @ashen99 🥳

Thank You aiye

Again Happy Birthday @ashen99 bro😎😁

Thank you again nangi

happy birthday malli..!

Thank you akke

happy belated birthday malli.

Thank You akka

ඔහ් එතකොටයි මම දැක්කෙ කොල කෑල්ලක් රෝල් කරල එල්ලල තියෙනව කියල.

It's so cute. 😍
Didn't you feel like you are so lucky to have her as your sister??

Again Happy birthday Malli. ❤️

Didn't you feel like you are so lucky to have her as your sister??

yeah yeah thank you akke

සුභම සුභ උපන්දිනයක් වේවා මල්ලි 🎂🎂🎂

Thank you aiyeee

ade happy birthday halo.. mn ketha ekak dala thiyenne. lassanta liyala thiynwa meka

ohe komth kathai ne

අපි ආයිත් හම්බෙන්නෙ නැද්ද මිතුර 😒🤣

Padi hambunama hambemu. steem shalli

@ashen99(62);
ලස්සණට ලියලා.සුබ සුව උපන් දිනක් වේවා!😍