Long Weekend | Part 01

in hive-133716 •  3 years ago 

image.png

ඉතින් දීර්ඝ සති අන්ත නිවාඩුව එහෙම කෝමද .ට්‍රිප් එහෙම ගියාද. දැන් සැපද ...

මීට සති කීපෙකට කලින් අපි ප්ලෑන් කරා ඉස්සරහට එන දීර්ග සති අන්ත නිවාඩුවේ ට්‍රිප් එකක් යන්න. අපේ පවුලෙ හතර දෙනා සහ හරිත් අයියලගෙ පවුලෙ පස් දෙනා තමයි ට්‍රිප් එකට සහබාවි වෙන්නෙ. මුල ඉදන්ම තිබ්බ ප්‍රශ්නෙ තමයි අපි යන්නෙ අපේ පෞද්ගලික් වාහන වලද එහෙමත් නැත්තන්ම් වෙනම වාහනයක් හයර් කරන්ද කියලා. ඉතින් අපේ වාහන වල යද්දි ඇත්තටම ලොකු ස්ට්‍රෙස් එකක් එනව කියල මීට කලින් ගමන් වලින් අපි තේරුන් අරන් හිටියෙ. ඒ නිසාම අපි හොද වෑන් එකක් හයර් එකට ගන්න ගොඩක් මහන්සි උනා. එත් සති අන්ත නිවාඩුවට හැම වාහනයක්ම වගේ බුක් වෙලා තිබුනෙ. ඉතින් මේ වෙලාවෙ මතක් කරන්න ඕන කලන අයිය සහ රෝශනී අක්ක. ඒ දෙන්න ගොඩක් උනන්දු උනා මේ ගමන්ට අපිට වාහනයක් හොයල දෙන්න. ඒත් අපෙ බලාපොරොත්තු සුන් වෙන් තරමට අපිට වාහනයක් හොයාගන්න ලැබුන් නෑ. ඒත් ඒ අතරෙ රෝශනී අක්ක එක වාහනයක් ගැන ආරන්චියක් දීල් තිබ්බ. ඉතින් මම ඒ නම්බර් එකට කෝල් කරල වැඩක් නෑ ඒකත් බුක් වෙලා ඇති කියිල හිටිය.ඒත් මට එක පාරම හිතුනා කමක් නෑ ඔන්න ඔහේ අරන් බලනව කියල. ඉතින් අහම්බෙන් වගේ ඒ වෑන් එකේ අයිතිකාරයා ට්‍රිප් එකට කැමති උනා. අපිට ඉතින් මාර සතුටුයි.

image.png

ඉතින් මම කිව්වෙ නෑනෙ අපි කොහේද ගියේ කියල. අපි ගියේ කතරගම. ඉතින් කෙලින්ම කතරගම යනව වෙනුවට එක එක තැන් බලාගෙනම යන්න තමයි අපිට ඕන කරේ. අපි මුලින්ම ගියේ පන්සලට. විශාල බුදු පිලිමයක්, බූගත බුද්ද මන්දිරයක් එහෙම තියෙන මේ පන්සල හරිම ලස්සනයි. ඉතින් උදේම අපි ඒ පන්සල වැදල ආයෙ පිටත් උනා හම්බන්තොට කුරුලු උයන බලන්න. අපි හයිවේ එකට දාන්න කලින් උදේ කෑම ගත්තා. සැන්ඩ්විච් පාන් ,කඩල සල ප්ලේන්ටි තමයි අපේ උදේ ආහාර වේල.කෑම ගන්න අතරතුර එතන ඉදපු බව්ව යාලුවන්ටත් කෑම දෙන්න අපි අමත්ක කරේ නෑ.

image.png

ඉතින් ටිකෙන් ටික පාර හොයාගෙන අපි හම්බන්තොට කුරුලු උයනට ලගා උනා. එතනට යනකොටම දකින්න පුලුවන් ලොකූ පැස්බරාල එහෙම නිදහසෙ තම්න්ගෙ කූඩු වල ඉන්නව. රුපියල් 500 ක් දීල ටිකට් එකකුත් අරගෙන අපි කට්ටිය කුරුලු උයන බලන්න පටන් ගත්තා. හරිම ලස්සනට පිලිවෙලට මුලු උයනම නඩත්තු කරනව කියල බැලූ බැල්මටම තේරුනා. ලස්සනට තනකොල වවල, වතුර බුබුලු එහෙම හදල තිබුනා. අපි ඉතින් නිදහසේ කූඩු වල ඉදපු කුරුල්ලො බලන්න පටන් ගත්තා. අපි නිදහසෙ ඉන් කූඩු වල. අන්න එතනදි හිතට පොඩි දුකකුත් ආවා. කොහොම හරි එක එක රටවල එක එක වර්ග වල කුරුල්ලො දහාස් ගානක් මේ පාර්ක් එකේ හිටියා. කොහොම හරි පැය දෙකක් විතරම අපි පාක් එකේ ඇවිද්දා. ඊට පස්සෙ අපි ආයෙ අපෙ වෑන් එක ලගටම ආවා.

image.png

අදට මම මෙතනින් නතර කරනවා.ඊලග පෝස්ට් එකෙන් අපි ඊලගට මොකද කරේ කියල කියන්නම්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Honda trip ekak 😁. Sathi antaya paule aya ekka raumak dana eka niyamai.

oww mara jolly ithin eeka

elanga kellen muna gasemu

ba😒

bird park, this is fun because you can get to know many rare species of birds, it's a beautiful journey.

Yeahh. it was a very nice journey

මාත් ඔයාලගෙ අක්කගෙ post එකට කිව්වෙ මේ වගේ trip එකක් අපිත් යන්න ඕනි කියල.ගොඩක් විනෝද වෙන්න ඇති කියල හිතෙනව.

හී දෙකම කියවල එපා වෙලා ඇත්තෙ දැන්

නෑ දෙකම කැමැත්තෙන් කියෙව්වෙ

Kattiya diirga sathi anthe hodata winodha wela wagei.

‌ ආයෙ අහල හොදටම කරා අපි

අලුත් 4n එකෙන් වැඩ අරං වගේ නේ මල්ලි..😊😊😄

හී ඔව් අයියෙ තව තීනව ඉස්සරහට දාන්නම්කෝ

නියමයි මල්ලි..කරගෙන යං..ජය වේවා.

පවුලෙ අය හොද රවුමක් ගහල තියෙනවා.❤

ඔව්ව් කාලෙකින් රවුමක් ගියා

ෆෝන් එකටනම් ගොඩක් වැඩ තියෙන්න ඇති හැබැයි 🙈😍

අම්මො ඔව්ව් සෑහෙන දුකක් වින්ද එයා