Long Weekend | Part 03

in hive-133716 •  3 years ago 

image.png

ලෝන්ග් වීකෙන්ඩ් එක ගැන අහලම එපා වෙලා ඇති නේද. හරි හරි මේ අන්තිම කොටස.මෙකෙන් පස්සෙ එන්නෙ මම ගත්තු හොදම ෆොටෝ කිහිපය ගැන පෝස්ට් එකක්. හරි කලින් ආටිකල් එක මම් නතර කරේ අපි කතරගම දේවාලෙ එහෙම වැදගෙන ආයෙ නවාතැනට ආව එකෙන්. ඉතින් එදා රැ කට්ටියටම මහන්සි නිසා හොදට නිදාගත්තා. පහුවදා ඉතින් උදෙ කට්ටිය නැගිටල තේ එහෙම හදාගෙන බිව්වා. ඔයාලට පියෝ ඩේල් කිරි තේ එකක් අරන් ගියාම් කිසි කරදරයක් නැතුව කිරි එකක් බොන්න පුලුවන්. (පොඩි ට්‍රිප් ඇඩ්වයිස් එකක් ). තේ බොන අතරෙ ඉතින් එදා දවසෙ අපි කොහේද යන්නෙ කියල සාකච්චා කරා.

image.png

කොච්චර යන්න තැන් තිබුනත් වෑන් එකේ කිලෝමීටර් ගාන පන්නගන්න බැරි නිසා පුලුවන් තරම් අපි යන තැන් අඩු කරගන්න තමයි කතා උනේ. කොහොමත් සෙල්ලකතරගම යන්න ඕන. ඊට පස්සෙ කිරින්ද. එහෙම තමා කතා උනේ. ඊට පස්සෙ කට්ටියම ලේස්ති වෙලා කෙලින්ම ගියා සෙල්ලෙ ගගේ දේවාලෙ සහ ඒ පන්සල වදින්න. කතරගම දේවාලෙ වගේ කාක්කො නෑ එතන.සැනසීමෙන් වදින්න පුලුවන්.

image.png

ඉතින් අපි ඒව වැදගෙන එතනම තිබ්බ වල්ලි මාතා දේවාලෙට ගියා. විශේශ පිහිටීමක් තියෙන ගල් තලාවක තමයි ඒ දේවාලෙ පිහිටල් තිබුනෙ. ඉතින් වල්ලි මාතාව වැදගෙන එතන් ඉහල තිබුන ගල් තලාවට් නැග්ගා. ගලේ මැද යකඩ වැටකින් කොටු කරපු තැනක් තිබුනා.එතන තිබ්බ පුවරුවේ සදහන් විදිහට වල්ලි මාතාව එතන ඉදන් නර්තනයේ යෙදිල තියෙනව. ඇයගෙ එක් පාදයක් ඒ ස්තානයේ සදහන් වී තියෙනව.

image.png

හොදට බැලුවම පේනව සිහින් කකුලක යටි පතුලේ හැඩය එම ගලේ හොදින් සදහන් වෙලා තියෙනව කියලා.

image.png

ඉතින් ඒ ටික ඉවර වෙද්දි අපිට හොදටම බඩගිනියි.උදේ කෑම අරන් හිටියෙ නෑ ඒ වෙනකොටත්. වෙලාව උදේ 10.15 විතර වෙලා. ඉතින් සෙල්ලෙ තියෙන පොඩි පොඩි කඩ වලින් එක එක දේවල් එහෙම අරගෙන අපි ඉක්මනට කන්න තැනක් හොයාගෙන පිටත් උනා. ඩ්‍රයිවර් අයියා දන්න හොද තැනක් තිබුනා. ඉතින් අපි ගිහින් කෑම හිතේ හැටියට බෙදාගෙන කෑවා. අම්මො දැනුන සනීපෙ. ඉතින් කට්ටියම කාලා කිරින්දට එන්න පිටත් උනා. ඒ වෙලාවෙ හොදටම අව්ව ඉතින්. කොහොම හරි අව්ව බලන් නැතිව ගල උඩටම නැගලා ලස්සනට වීව් එක දිහා බලන් ඉදලා ෆොටෝ ටිකක් එහෙම අරන් අපි එන්න පිටත් උනා.

image.png

ඒ වෙද්දි හවස් වෙන්නත් එන නිසා අපි තීරනේ කරා කෙලින්ම ගෙදර එන්න. ඒ එන්න කලින් හම්බන්තොට දොදොල් කඩවලින් දොදොල් ගත්තෙ නැත්තනම් ට්‍රිප් එකෙනුත් වැඩක් නැති නිසා දොදොල් ,මස්කට් පැනිකජු වගේ දේවල් අරන් ගෙදර එන්න පිටත් උනා. ඉතින් ඔන්න ඔහොමයි දවස් දෙකේ ට්‍රිප් එක ඉවර උනේ. මෙච්චර කාලෙකට ගියපු හොදම ට්‍රිප් එක තමයි ඒක.නිදහසේ ගිහින් නිදහසේ ඇවිදල ආව.

එහෙනම් මම ගත්තු හොදම ෆොටෝ ටිකත් එක්ක අපි ආයෙ හම්බෙමු(මට හිතෙනව හොද ඇති කියල ) .බායී.

image.png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Long weekend ek den iwarai😂 den back to work tmy. Photo lassanai. Balu rala nidan inn hati shooi😂

ඔව් ඔව් දැන් ඔය ලමය වැඩක් බලාගන්න.

Photo lassanai.

තැන්කු

dodol is food, if that's the name in my village, dodol is food.😊

‌yeah it's a kind of sweets

Trip genanm kiyawanna epa wenne na. Balanna tiyena than hoyagannai, photo dakinnai puluwan nh. Asa hitenawa etakota.

එහෙනම් කමක් නෑ ඉතින්🤗

Im waiting for your next post bro 🙈

දැම්මා දැම්මා බලන්න බලන්න

aaaa kattiya kalekata passe honda trip ekak gihin thiyenneh...pic tiakth maru....

ඔව් නෙ අයියේ. තැන්කු තැන්කූ

අන්තිම ෆොටෝ එක තමා හොදම එක 😅

Math me kiynn awe eka

‌ඇත්තදූඌඌ

‌ඔව්ව් සෝක් බලු මල්ලි කෙනෙක්

කතරගම නං යන්නත් ආසයි දැන්

ඔව් ඔව් නිවාඩු වෙලාවක ගිහින් එන්න

එතන තිබ්බ පුවරුවේ සදහන් විදිහට වල්ලි මාතාව එතන ඉදන් නර්තනයේ යෙදිල තියෙනව.

මෙහෙම තැනක් තීනව කියල දැනං හිටියෙ නෑනෙ..ඒකත් හොදයි..දැනගත් එක.

🤔බල්ලගෙ හොම්බ..😃😊😊

මෙහෙම තැනක් තීනව කියල දැනං හිටියෙ නෑනෙ..ඒකත් හොදයි..දැනගත් එක.

අපිත් එදා දන්නෙ. ගිය වෙලාවක එතනටත් යන්න

බල්ලගෙ හොම්බ

සෝක් නේද

😊😊😊 ඒක නේන්නම්..

ලස්ස්නයි photo ටික.
බල්ලගෙ ඇහැ ගාව කිනිතුල්ලෙක්..🐞

‌තෑන්ක් අයියේ, ඔව් නේ මාත් දැන් දැක්කෙ

👍👍