කලින් පෝස්ට් එකේ මම නතර කරේ කුරුලු උයනෙන් අපි ආයෙ එලියට ආව කියල. ඉතින් එතනින් පස්සෙ අපි මොකද කරේ. වෑන් එක ලග ඉදන් සාකච්චා කරල අපි තීරනය කරා තවත් වෙලාව නාස්ති නොකර කෙලින්ම කතරගමට යන්න. මොක්ද කුරුලු උයන බලල අපි එලියට එද්දි හවස 1 විතර වෙලා. එතන ඉදන් කතරගමට කිලෝමීටර 63 ක් විතර තිබුන නිසා සහ මගදි දවල් කෑමට සහ කට්ටියට නාගන්න නතර කරන්න ඕන නිසා අපි ඉක්මනටම් පිටත් උනා. ඉතින් අපි ටිකෙන් ටික තිස්සමහරාමෙට ලන් උනා. තිස්සමහරාමෙ වැව් කන්ඩිය ලන් වෙද්දි ඉතින් අපි එක එක ජාති කාල හිටියත් පොඩි බඩගින්නක් නොතිබුනා නෙවෙයි. ඒ වගේම කට්ටියට වැවට බැහල නාගන්නත් ඕනකමක් තිබුනා. ඉතින් අපි මුලින්ම කරේ අපි හදන් ආපු කෑම ජාති කන එක. හිතේ හැටියට කාල බීල අපේ සෙට් එකෙන් ටික දෙනෙක් බැස්ස වතුරට. ඉතින් කට්ටිය දිය කෙලිමින් පැය බාගයක් විතර සතුටෙන් ගත කරා. ඔය ටික ඉවර වෙද්දි වෙලාව හවස 4 ට කිට්ටු ඇති.
කතරගම දේවාලෙට යන්න කලින් ආයෙ පිරිසිදු වෙන්න ඕන නිසා අපි ඉක්මනට තිස්ස පන්සලත් වැදගෙන අපි කලින් වෙන් කරගත්ත නවාතැනට පිටත් උනා. ඒක තිබුනෙ සෙල්ල කතරගම. ඉතින් ලස්සනට ගස් වලින් වැහුන පාරකින් අපි නවාතැනට ආව. නවාතැන ගැනනම් කියන්න වරදක් නෑ.හරිම පිරිසිදුව පිලිවෙලට කාමර තිබුනා. Ac සහ non-Ac විදිහට ඒ කාමර තිබුනා. ඉතින් අපි 10 දෙනා කාමර තුනක නවාතැන් ගත්තා. හවස 6 විතර වෙද්දි හැමෝම පිරිසිදු වෙලා කිරි වෙහෙරට සහ කතරගම දේවාලෙට යන්න පිටත් උනා.
දේවාලෙ ගාවට ශෝට් කට් එකකින් අපිව එක්කන් යන්න ඩ්‍රයිවර් අයිය උත්සහ කරත් ඒක කරන්න උනෙ නෑ. ඉතින් අපි සාමාන්‍ය පිවිසුමෙන්ම ඇතුල් උනා. ඇතුල් උන තැන ඉදන් ඉතින් කාක්කො ගොඩයි. ඇත්තම කාක්කො නෙවේ මිනිස් කාක්කො. එයාල කියන විදිහට වාහනෙ පාක් කරන්නයි එයාල කැමති තැනින් පූජ වට්ටි ගන්නයි උනාම තමයි එපා වෙන්නෙ. පොඩි පොඩි වචන හුවමාරු වලින් පස්සෙ අපි පූජ වට්ටි දේවාලෙ ගාවට ඩිලිවර් කරන පොරොන්දුව පිට කිරි වෙහෙර වදින්න ගීයා.
එක යායට සෙනග ඉතින්. කොහොම කොහොම හරි කිරි වෙහෙර වැදගෙන අපි දේවාලෙ ගාවට ආවා. මහ දේවාලෙට ඇතුල් වෙන්න විශාල පෝලිමක් තිබුනා. කවද ඉවර වෙයිද කියල හිතන්න බැරි තරම ඒ පෝලිම දිගයි. ඉතින් කොහොම පූජා පැවත්තුවත් පවත්වන්නෙ කතරගම දෙවියන්ටනෙ කියලා අපි මහ දේවාලෙට පොඩ්ඩක් එහායින් තියෙන කතරගම දේවාලෙට අපේ පූජ් වට්ටිය පූජ කරා. හිතේ ශ්‍රද්දාවයි වටින්නෙ. ඉතින් ඒ වැඩත් ඉවර කරලා අපි ආයෙ ආවා අපේ නවාතැනට.
ඊට පස්සෙ ඉතින් ටිකක් ඉදලා රෑ කෑම එහෙම අරගෙන හැමෝම නින්දට ගියා. ඊලග දවසෙ සෙල්ල කතරගම සහ කිරින්දෙ යන්න බලාගෙන.
Yannath asai katharagama. Shooi trip ekak
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ඔව්ව් සතියෙ දවසක යන්න, සති අන්තෙ සෙනග
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
kathawath lassanai photos tikath lassanai
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඉස්කෝතුයි නැන්දේ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
kalekin giye na. yanna asa hithuna photo dekkama. lassanai marama e photo tika
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හී තැන්ක් යූ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක හරිම ලස්සන ගමනක්.
ඒ ගැනත් ලියන්න😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ලිව්ව ලිව්ව ඒකත් බලන්නකො
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අවුරුදු 03කින් විතර කතරගම ගියේ නෑ..යන්නත් ආසයි...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපිත් එහෙමයි අවුරුදු තුනකින් විතර ගියේ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mn gihnma na kataragama
oya naawe ndd wawe
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
වෙලාවක යන්න කට්ටිය එක්ක.සෝක්
නෑනෙ නන්ගි මම නාන්නෙ නෑ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Godak lassana gamanak 💝
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්ව් මාර ගති
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔය ලග පාත තීනව රන්මිනිතැන්නන ටෙලි සිනමා උද්‍යානයක්..ඒකත් පට්ට..ඇතුලට ගියාම හිතා ගන්න බෑ..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit