අහස් ගව්ව - ධර්මසේන පතිරාජ

in hive-133716 •  6 months ago 

image.png
source

ධර්මසේන පතිරාජගේ ප්‍රථම දීර්ඝ චිත්‍රපටය අහස් ගවුවයි. 1974 දී තිරගතවුණ මේ චිත්‍රපටිය තරුණ පරපුරේ විරැකියාව විෂය කර ගත් චිත්‍රපටයක්. අහස් ගවුව චිත්‍රපටින් නිරූපණය වන විජේ, ගුණේ සහ බන්දු යන තිදෙනාම විරැකියාවෙන් පීඩාවට පත් වුන තරුණයන් තිදෙනෙක්. මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නේ උදෑසන කොළඹ නගරයේ විශාල ගොඩනැගිලි සහ තට්ටු නිවාස සංකීර්ණයකින් යුතු දර්ශනයකින්. වෙළඳපොළේ ඇති ඇතැම් බඩුවල හිඟකම ගැන සීලවතී අක්කා වෙනත් ගැහැණියක් සමග කතා කරමින් ඉන්නවා. අහස් ගව්වෙහි කතානායකයා වන විජේ උදෑසන අවදි වන්නේ සීලවතී අක්කාගේ කටහඬින්. විජේ රැකියාවක් නොමැතිකම නිසා පියාගේ නොයෙක් බැනුම් අසමින් ජීවත් වෙනවා. විජයගේ පියා කම්කරුවෙක්. ඔහුගේ සොහොයුරිය ටියුටරියේ තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වනවා. විජයට් ඔහුගේ පියාත් අතර ගැටුමක් ද ඇතිවෙනවා.

image.png
source

රැකියා විරහිත විජේ, ගුණේ සහ බන්දුගේ එක් කාර්යයක් වූයේ නිරන්තරයෙන් තැපැල්කාරයාලයට ගිහින් ගැසට් පත්‍රය පරීක්ෂා කිරීමයි. ජීවත්වීමට නිසි රස්සාවක් නොමැතිකම හේතුවෙන් මේ කට්ටිය නිකරුණේ කාලය නාස්ති කරනවා. තැපැල් කාර්යාලයේ සේවය කරන විජිතා නමැති තරුණියට බන්දු ප්‍රේම කරනවා. ටික දවසකින් බන්දුට සෙංකඩගල පාලන මැදිරියේ රැකියාවක් ලැබෙනවා. ඒක ඔහුට ලොකු සතුටක්. දවසක් විජේ ඔහුගේ පියාත් එක් රණ්ඩු වෙලා ඔහු සමග එකට සිටි මිතුරා වුන බන්දුව සොයාගෙන යනවා. ඒ බන්දු හමුවීමෙන් තමන්ගේ මනස නිරවුල් කර ගැනීමට පුළුවන් කියලා හිතලා. විජේගේ සිත්තවුල සමනය කරනවා වෙනුවට බන්දුත් ඇගේ සහකාරිය වන විජිතාත් විජේගේ ගැටලුව විනෝදයක් කරගෙන එයට උසුළු විසුලු කරනවා. විජේ මේකෙන් තවත් පීඩාවට පත් වෙනවා. බන්දුගේ සමච්චල නිසා විජේ තවත් සිත් තැවුලට පත් වෙනවා. බන්දුගේ ප්‍රතිචාර නිසා විජේ එතනින් පලා යනවා. තමාත් ගුණේත් එක්ක බන්දු කාලයක් රැකියාවක් සොයමින් හිටියත් මේ වන විට ඔහුට ඒවා අමතක වෙලා කියලා හිතන විජේ කොළඹ බලා පිටත් වෙන්නේ නොසන්සුන් මනසකින්. දවසක් විජේ ඔහුගේ බයිසිකලේ පාරේ නවත්ත්ලා තියෙද්දී සීනුවේ කොටසක් සිරා නමැත්තෙක් විසින් ගලවාගෙන දුවනවා. සිරා පිටිපස්සේ දුවන විජේ ඇතුල් වෙන්නේ සමාජ ශාලාවකට. එතනදී සිරිල් සහ විජේ අතර ගැටුමක් ඇතිවෙනවා. ඒ ගැටුම නවත්තන්නෙ මහතුන්. මහතුන් ඒ මත්පැන්හලේ සේවකයෙක්. කාගෙත් සිත් දිනාගත් ඔහු නිර්ව්‍යාජ ප්‍රියජනක සේවකයෙක්.


image.png
source

විජේ සහ ගුණේ කාලයක් මහතුන්ව ආශ්‍රය කරනවා. ඒ නිසාම විජේත් ගුණේත් නිතර සමාජ ශාලාවට එනවා. මුදල් හිඟයෙන් පෙළෙන විජේ සහ ගුණේ ඕනෑම ආකාරයකට මුදල් රැස්කිරීමට පෙළඹිලා ඉන්නවා. ඒ අනුව ඔවුන් දෙන්නා සමාජ විරෝධී හොරබඩු ජාවාරමක කොටස්කරුවෝ වෙනවා. දවසක් වරායට එන භාණ්ඩවලින් ඔරලෝසු හොරකම් කරන්න විජේ ඇතුළු පිරිස කතා කර ගන්නවා. මෙහිදී ඇතිවන ගැටුමක ගුණේ අවාසනාවන්ත විදිහට මැරෙන්නේ ගිලන් රථයකට යට වීමෙන්. විජේව පොලිසියෙන් අත් අඩංගුවට ගන්නවා. පොලිස් ඇප ලබා දීලා විජේව අත්අඩංගුවෙන් මුදවා ගන්නේ මහතුන් විසින් . සමාජ ශාලාවෙන් ඉවත්වන බව කියන මහතුන් නගර සභාවක කුණු ලොරියේ රියදුරක් ලෙස වැඩ කිරීමට සිතා සිටින බව විජේට කියනවා. ඒ අනුව මහතුන් නගර සභාවේ කුණුටැක්ටරියේ රියදුරෙක් ලෙස අලුත් පත්වීමක් ලබනවා. මේ චිත්‍රපටිය අවසන් වන්නේ මැයි දින පෙළපාලියකින්. මහතුන් ද මැයි දින පෙළපාළියේ ඉන්නවා විජේත් පෙළපාලියට සතුටින් එක් වෙනවා. තවත් ආටිකල් එකකින් ඉක්මනටම හම්බවෙමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Thank you so much malli.. මේ article එක මට ලොකු උදව්වක් උනා මේ film එක ගැන දැනගන්න☺️