හායි හායි යාලුවනේ කොහොමද ඔයාලාට. අද ආටිකල් එකෙන් මන් කතා කරනවා කිව්වෙ ෆන් ඩේ එක ගැනනෙ. මොන්ටාජ් එකට දවස් දෙකකට කලින් තමා අපෙ ෆන් ඩේ එක තිබුනෙ. ඒ දවසෙ වැඩ සිද්ද වුනේ කොහොමද කියලා මන් මුල ඉදන්ම ඔයාලා ට කියන්නම්කො. අපිට එදා ඇදගෙන එන්න කිව්වෙ දුවන්න පනින්න ලේසි ඇදුමක්. ඉතින් අපි හැමෝම වගේ ඇදගෙන ගියෙ බොටම්, ටී ෂර්ට්. අපි කට්ටියටම එක තැනකට එන්න කියලා එයාලා අපිට තැනක් කියලා එතන දෙයක් හංගලා තියෙනවා ඒක හොයන් එන්න කිව්වා. අපිට ඒක හම්බුනා. ඒක පොඩි ලියුමක්. ඒකෙ phone number එකක් දාලා ඒකට කෝල් කරන්න කියලා ලියලා තිබුනා. ඒකට කෝල් කරාට පස්සේ තව තැනක ලියුමක් ආයෙ තවත් තැනක. අපි පැය දෙකක් විතර ඒක කරලා හොදටම එපා වෙලා හිටියෙ හරිම මහන්සියි. කැම්පස් එකේ එහා කොනේ ඉදන් මෙහා කොනටම ඇවිද්දා. ඒ පාර ඔන්න කෝල් එක ගත්තට පස්සෙ සයිබෙ ග්‍රවුන්ඩ් එකට එන්න කියලා කිව්වා කට්ටිය එක්කම. එතන තමා ෆන්ඩේ එක තියෙන්නේ. මහන්සි නිසා අපි කට්ටිය එපා වෙලා ගියෙ.
අපිව ඉතිම් ඒ කට්ටිය පෝලිමට ඉදලා පිලිගත්තා. ඊටප්ස්සෙ අපිට බීම එක්ක් බොන්න දුන්නා. එකක් නෙවේ දෙකක්ම දුන්නා. ඊට පස්සෙ අපිව ගෲප් 5 කට බෙදලා අපිට ගේම් එකක් දුන්නා. ඒ තමා අපෙ ගෲප් එකේ ලමයි දෙන්නෙක් මනමාලයයි මනමාලියි විදිහට අන්දන්න. පත්තර කොල වලින්. අපි ඉතින් අපෙ ගෲප් එකේ ළමයි දෙන්නෙක්ව ආදිවාසි කපල් එකක් විදිහට ඇන්දුවා. ඒ දෙන්නා ලස්සන ඩාන්ස් එකකුත් දැම්මා. ඒ වැඩෙත් හරිම සෝක්. ඒ පාර ඊලගට 3rd year බැච් එකයි 4th year බැච් එකයි ක්‍රිකට් මැච් එකක් ගැහුවා. ඒ අතරෙ වැස්සකුත් වැස්සා. ඒත් වැස්සෙම සෙල්ලම් කරා. ඒකෙන් දින්නෙ ඉතිම් අපෙ අය.
තව සෝක් සෝක් ගේම් ටිකක් තිබුනා. පැනි බබරෙ තමා මරුම වට 10 ක් කැරකිලා දුවද්දි ඉතිම් තරු පේනවා. තව පොඩ්ඩෙන් මාත් වැටෙනවා කැරකිලාම. ඊට පස්සෙ තව තව ගේම් ගොඩක් තිබුනා කරන්න.ඔය අතරෙ අපි කට්ටියට කතාවෙලා 4th years ලාටත් ෆන් ගේම් එකක් යෝජනා කරන්න කියලා එයාලා කිව්වා. අපි ඉතිම් හිතලා හිතලා සෝක් ගේම් එකක් කිව්වා. එයාලත් ඒක කරා. ඒ ගේම් එක තමා එක ගෲප් එකකට ලමයි පස් දෙනා ගානෙ බෙදලා පෝලිමට කකුල් ගැට ගහලා අපි ලකුනු කර තැනට ගෲප් එකම එක පාර එන්න තියෙන්නේ. එක ගෲප් එකක් මොලේ පාවිච්චි කරලා කතාවෙලා ගැට ගැහුව කකුල් මාරුවෙන් මාරුවට තියලා ඇවිදගෙන ආවා. ඒ කට්ටිය දින්නා. අනිත් ගෲප් වල අය පැන පැන එන්න ගිහින් පෝලිම පිටින්ම වැටි වැටී ආවා. ඒ ගේම් එකත් ඉවර වෙලා ඉතිම් එයාලා හරිම සෝක් වැඩක් කරා. අපිව එක තැනක තියලා අපිට චිට් වගයක් දුන්නා. ඒකෙ තියෙන්නෙ 4th years ලාගෙ නම්. අපෙ චිට් එකේ නම තියෙන අයිය හරි අක්කා හරි අපි හොයාගන්න ඕනි. අපි කලුවරේම phone එකේ ටෝච් පත්තුකරන් ගිහින් එයාලව හෙව්වා. මට හොයාගන්න තිබුනෙ අක්කා කෙනෙක්. අපි එයාලව හොයාගත්ත්ට පස්සෙ එයාලා අපිට හරිම ලස්සන විදිහට හැදුව මොන්ටාජ් එකේ ඉන්විටේශන් එක දුන්නා. ලස්ස්නම ලස්සන බෝතලයක් ඇතුලෙ තමා ඉන්විටේශන් එක දාලා තිබුනෙ. මන් ඒකෙ පොටෝ එකකුත් දාන්නම් ඔයාලට බලන්න. තව ආටිකල් එකකින් අපි හම්බවෙමු.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit