උතුර දකුණsteemCreated with Sketch.

in hive-133716 •  last year 


image.png

හේමසිරි සෙල්ලප්පෙරුම සිනමාවේදියාගේ නිර්මාණයක් වන "උතුර දකුණ" චිත්‍රපටය අගනා සිනමා නිර්මාණයක්. ගාමිණී ෆොන්සේකා, සෝනියා දිසා, වසන්ති චතුරානි, සනත් ගුණතිලක, සුරේනි සෙනරත්, රෙක්ස් කොඩිප්පිලි යන නළු නිළියන් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. උතුර දකුණ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ මේ විදියට. දකුණේ ඉපදුනු රාමනායක ගාල්ල නගරය ප්‍රකට ව්‍යාපාරිකයෙක්. විවාහකයෙක් වන ඔහුට කුඩා පුතෙක් සහ දියණියක් ඉන්නවා.සාධාරණව ව්‍යාපාර කටයුතු කරත් අනපේක්ෂිත ලෙස පවුල් ජීවිතයේ සතුටද නැති කරමින් ඒ සියල්ල බිඳ වැටෙනවා. ඊට පස්සේ ඔහු දිවි හිමියෙන් ආදර කර බිරිඳ සහ දරුවන් දෙදෙනා දකුණේ තනිකර යාපනය බලා යන්නේ දමිළ ව්‍යාපාරයකුගේ දැවැන්ත ව්‍යාපාරයක කළමනාකරන තනතුරක් වෙනුවෙන්. ඒ තනතුර ලබාගන්න පුළුවන් අවිවාහකයෙකුට පමණක් නිසා රාමනායක එලෙස පෙනී සිට රැකියාව ලබා ගන්නවා. ඔහු තම බිරිඳ සහ දරු දෙදෙනාගේ ජීවිත සතුටුදායක කිරීමේ අරමුණුනෙන් ඒ රැකියාව කැමැත්තෙන් කරනවා. රාමණායකගේ දක්ෂ පරිපාලනය යටතේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවක් කරා යන නිසා ව්‍යාපාරිකයාගේ අවධානයට සහ ප්‍රශංසාවටත් ඔහු ලක් වෙනවා. එයින් තෘප්තිමත් වුණු ව්‍යාපාරිකයා තම එකම දියණිය වූ සරෝජනී රාමනායකට විවාහ කර දෙන්නේ ජාති කුලභේද පවා නොතකමින්. මේ අතර රාමනායක ටිකෙන් ටික දකුණේ පවුල් සබඳතා අමතක කරනවා. කාලයක් ගතවන විට සරෝජනීද පුතෙක් බිහි කරනවා.මේ අතර දකුණේ බිරිඳ අනේක විධ දුෂ්කරතා මැද තම දරුවන් දෙදෙනා හදා වඩා ගන්නවාඅ. පසුව ඇය රෝගයකට ගොදුරු වී මිය යනවා.

දැන් රාමනායක ධනවතෙක්. රාමනායකගේ දකුණේ පුතා පියාගේ ක්‍රියා කලාපය තම මිත්තනියගෙන් දැනගෙන යාපනේ බලා පිටත්ව යන්නේ තම මවගේත් නැගණියගේත් හා තමාගේත් ජීවිත දුකේ හෙලූ පියාගෙන් පළිගැනීමේ අදහසින්. රාම නායකගේ දමිළ පුතා දැන් යාපනයේ ව්‍යාපාරිකයෙක්. උතුරට ගිය සිංහල පුතාට එහිදී දමිළ පුතුගේ ආරක්ෂක නිලධාරියෙක් විදියට රස්සාවක් ලැබෙනවා. මේ අතර යාපනයේ සිටින ධනවත් ව්‍යාපාරිකයෙක් රාමණායකගෙන් පළිගැනීමට උත්සාහ කරනවා. ඔහු ඒ සඳහා රාමනායකගේ සිංහල පුතාව මෙහෙයවනවා. රාමණායක එම ව්‍යාපාරිකයාගේ සහ පුතුන් දෙදෙනාගේ වියවුල් වලට මැදි වෙනවා. සරෝජනී දකුණේ පුතා ට එරෙහි වෙන්නේ නෑ. තම පියාගෙන් පළිගැනීමට ගිය සිංහල පුතා අවසානයේ ඒ අදහස අත් අරිනවා.

මේ කතා පුවත විකාශනය වන්නේ ප්‍රේමය විරහව වෛරය සහ හාස්‍ය මුසුවීමෙන්. මෙරට ජනවාර්ගික අරගලයට මැදිවෙලා මැරි මැරී ජීවත්වන ගැහැනුන් හෝ පිරිමින් මේ කතාවේ හමු නොවන අතර සිනමාවේදියාගේ සිතේ ඉපදුනු චරිත කිහිපයක් පමණක් මේ චිත්‍රපටයේ දකින්න ලැබෙනවා. අපි තවත් මේ වගේ චිත්‍රපටයකින් ඉක්මනටම හම්බවෙමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!