Ten Years Before

in hive-133716 •  3 years ago 

photo_2021-08-16_18-18-34.jpg

පුංචි කාලෙ ඉතින් මොන කොල්ලටත් වගේ මටත් තිබ්බ බයික් එකක් ගන්න ලොකූ ආසවක්. මෝට බයික් එකක් නෙවේ. ෆුට් බයික් එකක්.ඒකත් ජියර් තියෙන මවුන්ටන් බයික් එකක්ම වෙන්න ඕන.බ්‍රෑන්ඩ් එක ටොමොහොව්ක් වෙන්න ඕන කියල විතරක් මම දැනගෙන හිටිය. ඒ වෙද්දි අපේ නෑදෑ වෙන අයිය කෙනෙක් ගෙ මවුන්ටන් බයික් එකක් පැදල පොඩි හුරුවක් තිබ්බ වගේම මගේම කියල බයික් එකක් ගන්න ආසාවක් තිබ්බ. ඒ වගේම ගෙවල් ලග ඉන්න අයිය කෙනෙක් ඩබල් ඩිස්ක් බ්‍රේක් තියෙන බයික් එකක් අරන් කියල දැනගත්තම මට ඉවසුම් නැතුව ගියා. මේ දේවල් සිද්ද වෙද්දී මට වයස අවුරුදූ 11 ක් වෙන්න ඇති.ඔව් එතකොට මම හය වසරෙ. ඉතින් ඒ වයස එහෙම්ම කිසිම බයික් එකක් නැතුව ගෙවිල ගියා.

Webp.net-compress-image-3-600x600.jpg
Source

ඔන්න අවුරුදු 12 ක් ලැබුව මට. මම මගේ ගේම් එක අත ඇරියෙ නෑ. මේ දවස් වල මම ගනිතය ඉගෙන ගන්න පන්තියකට ගියා.සමහරු නම් දන්නව ඇති අසේල සර්ගෙ ගනන් පන්තිය. ඉතින් උදේට තාත්ත මාව පන්තියට එක්කන් යනව.පන්ති ඉවර උනාම පයින් එනව.පයින් යන එන දුරක වගේ පන්තිය තිබුනෙ.ඉතින් බයික් තියෙන අය බයික් වලින් ආව. මට හරිම වේදනයි. එක දවස් මම ගෙදර දෙවනත් වෙන්නම ඇඩුව. "අරයත් එන්නෙ බයික් එකෙන් මෙයත් එහෙමයි.අර අයියටත් තියෙනව මට තමා නැත්තෙ "කියල. ඉතින් ඒකෙ ප්‍රතිපලයක් විදිහට ඊට පහු වෙනිදම ගිහින් බයික් එකක් බැලුව. ඉතින් බැලුවට ඉක්ම්නට ගන්න පාටක් නෑ.මන් ආයෙ දවසක් තාත්තට කිව්වා තාත්තේ අපි අම්මත් එක්ක ගිහින් අර එදා බලපු බයික් එක ආයෙ බලල එමු අම්ම දැක්කෙ නෑනෙ කියල.තාත්තා කිව්ව ආයෙ ගියාම එයාල මිල වැඩි කරනව ඒ නිසා ඕන නෑ කියල. මාත් ගොනා සේ උන්නා.මේ ලගදි හිතල බලද්දි තමයි තේරුනේ මොන ලැජ්ජ නැති වැඩක්ද ඒ කියල. ආයේ ආයෙ බයික් එක බලන්න යන්න බෑ නෙ කියල තේරුනා. ඉතින් ඔහොම දවස් එක දෙක ගියා. එක දවසක් මාව එකන් ගියා ආයෙ ඒ බයික් කඩේට. එදා තමයි එදා. මට ඒ බයික් එක අරන් දුන්නා. බයික් එක ගැන කියන්වනම් Triple shock බයික් එකක්.මැදින් shock දෙකයි, ඉස්සරහ ශොක් එකයි ඔක්කොම් තුනයි.බයික් එක මාර බරයි.රතු පාටයි. මන් ආස උනේ කලු එකකට.ඒත් තිබ්බෙ රතු .කමක් නෑ දුකක් නෑ.

ඉතින් කඩෙන් එලියට අරන් ඒ කඩේ ඉස්සරහම තියෙන බෝ ගහට පඩුරක් දාන්න කියල තාත්තා කිව්ව. මම උසත් නෑ එතනට.කෝම හරි පඩුරකුත් දාල වැන්දා. මගේ මෝටර් බයික් එක ගත්ත දවසෙත් මම එතනටම ගිහින් එදා වගේම පඩුරක් දාලා වැන්දා.අද වෙද්දි නම් මම එතනට උසයි. එතනටම මම කවද හරි කාර් එකක් ගත්ත දවසටත් පඩුරක් දානවාමයි. මොකද අද වෙනකන් මගේ බයිසිකලෙටයි මටයි කිසිම හානියක් වෙලා නෑ. ඒ විශ්වාසය මගේ හිතේ තියෙනවා. ඉතින් බයික් එකත් පැදගෙන ගෙදර ආවා. අම්මො මට හරී සන්තෝසයි. ඉතින් එදා ඉදන් හරි උජාරුවට මන් බයිසිකලේත් පැදගෙන පන්ති ගියා. හැමෝම හැරි හැරි බලනව. ගෑනු ලමයිනුත් බලන්න ඇති නේද😋. ඉතින් යාලුවොත් හරිම ආසයි මගෙ බයික් එක පදින්න.අපි ඉතින් බයික් එක වීල් කරන්න එහෙම හරි ආසයි. මන් තමයි දිගම වීල් එක ගැහුවෙ එක පාරක්.බද්දෙගම ගැන දන්න අය දන්නව කිරිබතාවිල පාලම.ඒකෙ එක කොනක ඉදන් අනිත් කෙලවර වෙනකන්ම මම ඉස්සරහ රෝදෙ උස්සන් ගියා. මම මේ බයික් එකෙන් ගොඩාක් තැන් වල ගිහින් තියෙනවා. ඒ ගිය තැන් වල ෆොටෝ ගත්තත් දැන් මන් ලග ඒවා නෑ. ඉතින් ඔහොම ඔහොම අද වෙනකන්ම මගේ ආදරනීය බයික් එක මන්ගාව තියෙනවා. හැබයි ඉතින් මට අවුරුදු 19 - 20 ක් වගේ වෙද්දි බයිසිකලේ පැදගෙන එහෙ මෙහේ යන එක ලැජ්ජාවක් වගේ දැනුනා. ඉතින් ඊලගට මට ඕන උනේ මෝටර් බයික් එකක් ගන්න. ඒ ආසාව ඉශ්ට උනේ මෑතක කියල ඔයාල දන්නවනේ.ඉතින් කාලයක් තිස්සෙ මට මගේ බයික් එක මග ඇරුනා. දැන් මාස කීපයක් තිස්සෙම ඒක බිත්තියට හේත්තු කරල තිබුනා. හුලන් බැහලා දූවිලි බැදිලා ඒක විනාස වෙලා තිබ්බෙ.ඉතින් අද මට හිතුනා ආයේ ඒ බයික් එක අරගෙන හොදට පිරිසිදු කරල හුලන් ගහල ගන්න .

photo_2021-08-16_14-17-41.jpg
Before

photo_2021-08-16_14-17-44.jpg
Before

photo_2021-08-16_14-17-45 (2).jpg
After

photo_2021-08-16_14-17-45.jpg
After

දැන් එයාට වයස අවුරුදු 10 ක් වෙනවා.දැන් ගොඩක් වයසයි. මම හිතන් ඉන්නේ මට පුලුවන් තරම් කාලයක් එයාව ආදරෙන් පරිස්සමෙන් බලාගන්න තමයි. විකුනන්නෙ නම් නෑ. ආ ඒ වගේම කියන්න ඕන මම හිතාගෙන ඉන්නවා මගෙ පොඩි කාලෙ සිද්ද වෙච්ච දේවල් කොටස් වශයෙන් ඔයාල එක්ක බෙදාගන්න. ඔයාල ඒකට කැමතිද.?

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

math podi kale bicycle padinna asai. mata hodat mathakia mulama dawase watunama tika kalayak ynakal aye padinna giye ne man. hee heee..

wati wati epaii nagitinna😁

ඒකෙ එක කොනක ඉදන් අනිත් කෙලවර වෙනකන්ම මම ඉස්සරහ රෝදෙ උස්සන් ගියා

oya dassayek wge ne😜

ඔයාල ඒකට කැමතිද.?

mmhm..kamathi😝

oya dassayek wge ne

aaye monwd nangi ithn.😋

. මම උසත් නෑ එතනට.කෝම හරි පඩුරකුත් දාල වැන්දා. මගේ මෝටර් බයික් එක ගත්ත දවසෙත් මම එතනටම ගිහින් එදා වගේම පඩුරක් දාලා වැන්දා.අද වෙද්දි නම් මම එතනට උසයි. එතනටම මම කවද හරි කාර් එකක් ගත්ත දවසටත් පඩුරක් දානවාමයි.

hrima sanwedi kathwak. ekata nam duka hithuna

eka dawasak mawa dagena gihin wetennath giye.. paw bike eka. hrima sanwedi

මමත් ඉස්සර ආසාවෙන් බයිසිකල් පැද්දා.. මිදුල පුරාම රෝද පාරවල් හිටින්න. අනන්තවත් වැටිල ඇති වංගු ගන්න ගිහින්..😟😩

මිදුල පුරාම රෝද පාරවල් හිටින්න

ape midule nn ida na ithn. paarema thama.

issara mai ayyai shishshathweta clz giye bike eke. eyata pass unot aluth bike ekak ona qwa. antimata eka aran denakam wirodathawayakuth dakkuwa 😅.

antimata eka aran denakam wirodathawayakuth dakkuwa 😅.

balan yddi hama kollama ekai. 🤗

එදා තමයි එදා. මට ඒ බයික් එක අරන් දුන්නා.

කොච්චර සතුටු හිතෙන් ඇතිද එදා.😍
මටත් ඒ කාලෙ එකක් තිබුණෙ නෑ. උඩහ ගෙදර මල්ලිගෙ එක තමයි පැද්දෙ. තාම මම ආසයි බයිසිකලේකට.

මගෙ පොඩි කාලෙ සිද්ද වෙච්ච දේවල් කොටස් වශයෙන් ඔයාල එක්ක බෙදාගන්න. ඔයාල ඒකට කැමතිද.?

ගොඩක්!!

තාම මම ආසයි බයිසිකලේකට

steem bike ekk gmu ehnmm🚲

අනේ ඒක... මාත් මල්ලිගේ එක පැද්දා පුදුම ආසාවෙන්... ඒකත් මේක වගේ ගෙදර තියේ... ෆුට් සයිකල් එකක් පැදගෙන යද්දි දැනෙන සනීපේ වෙනමම එකක් ❤️

මාත් මල්ලිගේ එක පැද්දා පුදුම ආසාවෙන්

math minihage eka padala thinwa.😁

එක දවස් මම ගෙදර දෙවනත් වෙන්නම ඇඩුව. "අරයත් එන්නෙ බයික් එකෙන් මෙයත් එහෙමයි.අර අයියටත් තියෙනව මට තමා නැත්තෙ "කියල.

math podikale mehema karala thiyanawa

Suuti kale bike ekk kiynne ithn mara gammak thami

ඒකනම් මරු..පොඩි කාලේ මාත් බයිසිකලේ ගත්තේ ඔය වගේ තමා 🙉

🤗 anna niyama kollo

මතකද ඒ කාලෙ දෙන්න එකට බයික් එක පාර්ක් කරල ඉස්කෝලෙට යනව 🙈😍🤣

මතකද ඒ කාලෙ දෙන්න එකට බයික් එක පාර්ක් කරල ඉස්කෝලෙට යනව

ammo ow bn. ube eka nn dn hoygnnwt ndda kohed. ekt sook bike ek

  ·  3 years ago (edited)

ඔව් ඒක දැන් ඉවරයි 😪

අපි හුඟක් ආසාවෙන් ලබාගන්න බලාගෙන ඉන්න දේවල් ලැබුනහම අපිට කොච්චර සතුටක්ද ඒක. නේද.. සෙල්ලම් බඩුවක් වුනත් අපි ලොකු වුණාම ඒවා භාවිතා නොකලත් ඒ දේවල් තව කෙනකුට දෙන්න ඇත්තටම අපි ලෝබයි. ඒ අපි ඒ දේවල් වලට තාමත් ආදරය නිසා.

ඒ දේවල් තව කෙනකුට දෙන්න ඇත්තටම අපි ලෝබයි

ammo oww. ewaye ape mthka gdk thinwa ne