Wallpaper Collection

in hive-133716 •  3 years ago 

Screenshot (247).png

කොහොමද ඉතින් කට්ටියටම. ටික දවසකින් මුකුත් ලියන්න බැරි උන නිසා මම කල්පනා කරා මම ලගදි පටන්ගත්ත පොඩි වැඩක් ගැන ඔයාලට කියන්න. අපි හැමෝම වගේ අපේ ෆෝන් එකට මොකක් හරිම වෝල් පේපර් එකක් දාගෙන නේ ඉන්නෙ. ගොඩක් වෙලාවට ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ගත්ත එකක් තමයි පාවිච්චි කරන්නෙ. එහෙම නැත්තන් තමන්ම ගත්ත ෆොටෝ එකක්. ඉතින් මම හිතුවා ඉන්ටර්නෙට් එකෙන් ෆොටෝ අරගන්නෙ නැතුව ටිකක් සරල විදිහට මගේ අදහස් පාවිච්චි කරලා වෝල් පේපර් කලෙක්ශන් එකක් හදන්න ඕන කියලා. මන් මේකට තෝරගත්තෙ මම වෝල් පේපර් වලට යූස් කරන ඩාර්ක් theme එක සහ Minimal ආර්ට් කියල කන්සෙප්ට් එක. ඉතින් මුලින්ම ඉන්ටර්නෙට් එකේ මේ ආර්ට් කන්සෙප්ට් එකට අදාල ඉමේජස් එහෙම බලල පොඩි අයිඩියා එකක් ගත්ත. මේ ආර්ට් වල විශේශත්වෙ තමයි සාමාන්යෙන් අපි ගහකට , කන්දකට වගේ බාවිත කරන වර්න බාවිත නොකර ඒ වෙනුවට දම්,නිල්, රෝස වගේ වෙනස්ම වර්න බාවිත කිරීම. ඒ වගේම සමහ මිනිමල් ආර්ට්ස් හරිම සිම්පල්. ඉතින් ඔන්න ඔය දේවල් හිතල මම වෝල් පේපර්ස් තුනක් දැනට ඉවර කරා.


image.png

පලවෙනයටම කරේ නත්තල් කාලෙටත් ටිකක් ගැලපෙන විදිහෙ වැඩක්. මේකෙ තියෙන්නෙ හිම එහෙම වැටුන කදු තුනක්. මේක කරද්දි මම අදහස් කරේ මේ කදු තුන කාන්තාරෙක තියෙනව වගේ කියල.මොක්ද හොදට බැලුවොත් පෙනෙයි පේන තෙක්මානෙක ගහක් නෑ ඒ වගේම වැලි සහිත පොලොවක් තමයි මම ඇන්දෙ. ඒ වගේම මේ කාන්තාරෙට හිම වැටෙන එකෙන් මම අදහස් කරේ ඕනම දුශ්කර අවස්තාවක මොකක් හරිම සැනසීමක් ලැබෙන දෙයක් වෙන්න පුලුවන් කියන එක. ඒ වගේම කදු වලට පිටිපස්සෙන් හදක් නිර්මානය කරා. ඉතින් ඔන්න ඔහොමයි පලවෙනි වෝල් පේපර් එක පිටිපස්සෙ තියෙන කතාව. මගේ වෝල් පේපර් එකට තියෙන්නෙත් දැන් මේක තමයි.


image.png

දෙවෙනියට මම කරේ ගොඩක්ම සරල නිර්මානයක්. මේක පිටිපස්සෙනම් කතාවක් නෑ. සූරියකාන්ත මලකුයි දේදුන්නකුයි තමයි මේකෙ තියෙන්නෙ. ඒකනම් එච්චරම ලස්සන නෑ කියල මම පිලිගන්නව. තුන්වෙනියට මම කරේ පොඩි ලයින් ආර්ට් එකක්. මෙතන්දි මම ගැහැනු කෙනෙක්ගෙ මූනක පැතිකඩක් සහ හාට් එකක බාගයක් තමයි අරගෙන තියෙන්නෙ. මේකෙන් අදහස් කරේ ස්ත්‍රියක් තුල තියෙන ආදරය වගේ දෙයක්. මේකෙ බැක්ග්‍රවුන්ඩ් කලර් එකට තනි කලු නොවන ඒත් කලු වලට ගොඩාක් ලග කලර් එකක් තමයි මම ගත්තෙ. ඉතින් මේ විදිහට තමයි මගේ වෝල්පේපර් කතාව ඉවර වෙන්නෙ. මම හිතන් ඉන්නව තව හොදට මේ වගේ ටිකක් හදන්න. ඒවත් හැදුවම ඔයාල එක්ක බෙදාගන්නම්කො. පරිස්සමට ඉන්න. බායි


image.png

උඩින්ම තියෙන්න මම Maya වලින් කරගෙන යන පොඩි වැඩක ආරම්බය.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Kande wall paper 1 tanm matat asa hithuna.ekath amathuma lassanak dakina puluwan

Hee thanku sooo muchh

  ·  3 years ago (edited)

the picture is very good, but why is black in each picture, the picture of love will be more beautiful when in a flower garden, because it is a good contact illusion as a different background view

but these are all great ideas, very hard to try.

but why is black in each picture,

Ah my favorite color is black.

Thank youu soo muchh

if that i can't say it's a mistake.🙊

All of your wallpapers look really nice, but I specially like the third one. Great work!

He thank u akke

Lassanayi malli 😍. hima kandu thuna tiyena wallpaper eka shooi.

thank uu akkee

wow, nice collection. I will add one of them for my future use hehee

Oh really. nice. Thank u soo much nangii

Wede nam hondai malli... lassnata thiyenawa...akkata kiyala app ekak hadala upload karala gaththnam podi income ekakuth ganna puluwan wei...

Thank u aiye. ow nee thwa tikk hdlm hithnna ona e gana.mru adahask eka.

Concept tika nm superb. Mamath kemathi dark wallpapers use karanna. Apps wala icon adunaganna lesi ethakota

oww lssnt penwa icon tika. Thank u so much aiye

Anthima wallpaper eketh gathiyak thiinawa.☝️

Thank u soo muchh

තුන්වෙනි නිර්මාණය පොතක කවරෙට නියමයි. ඔයාට ඒ වැඩෙත් අල්ලලා යයි. උත්සාහ කරල බලන්න වටිනවා.

ehemadaa. hee thank u so muchh