ඔන්න ඉතින් දවස් පහක පොඩි නිවාඩුවකින් පස්සෙ මම ආයෙ ආවා. දවස් කීපයකින් මුකුත් ලියන්න බැරි උන එක ගැන මුලින්ම සමාව ඉල්ලනවා. ඒකට හේතුව උනේ පහුගිය දින කීපයේම එක දිගට මට aptitude test කිහිපයක් පැවතීම. ඉතින් ඔන්න දැන් මම ආයෙ නිදහස් .ඊයෙ තමයි ඒ දේවල් ඉවර උනේ.ඉතින් ඔයාලට මොනවහරි අරන් එන්න ඕන නිසා මම හිතුවා කෑමක් හදන හැටි ඔයාල එක්ක බෙදාගන්න. අද මම කියන්න යන්නෙ අලුත්ම විදිහකට fried rice එකක් සහ රසවත් චිකන් කරි එකක් හදාගන්න විදිහ.ඒ වගේම කියන්න ඕන අපෙ අක්ක @randulakoralage මේ කෑම එක හදන්න කටින් වගෙම ක්‍රියාවෙනුත් ලොකු සහයොගයක් දුන්නා
Fried rice
බිත්තර දෙකක්.(උයාගන්නා බත් ප්‍රමානය අනුව වැඩි වෙන්න පුලුවන්)
සාමාන්‍ය ආකාරයට උයාගත් බත්( අව්ශ්‍ය ප්‍රමානයට)
උකු පොල් කිරි කෝප්පයක් හෝ Fresh milk
කැරට් පොඩි අලයක්
ලීක්ස් පොඩි ගහක්
අමු මිරිස් කරල් දෙකක්
තලාගත් ඉගුරු සුදු ළූණු මේස හැඳි දෙකක්
තක්කාලි සෝස්
සොයා සෝස්
ගම්මිරිස් මේස හැඳි දෙකක්
කෑලි මිරිස්
සීනි තේ හැඳි බාගයක්
ලූනු පොඩි ගෙඩියක්
රස අනුව ලුණු
මුලින්ම බත් එකේ ඇට වෙන් වෙන විදිහට හොදින් කූරු ගාලා බත් එක ටිකක් නිවෙන්න අරින්න.ඊට පස්සේ ඒකට බිත්තර ටික එකතු කරගන්න.එකතු කරලා හොදින් කවලම් කරගන්න.ඒකටම ගම්මිරිස් කුඩුත් එකතු කරලා කවලම් කරගන්න. දැන් බත් එක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි මේ බත් එකට කවලම් කරන්න ඕන සෝස් එක හදාගන්න ඕන. ඒකට සෝයා සෝස් ,තක්කාලි සෝස් , සීනි සහ කෑලි මිරිස් බාජනේකට දාල හොදින් කවලම් කරගන්න.මෙතන්දි කියන්න ඕන අපි මේ බත් එක හදද්දි අපි හදාගත්ත සෝස් එක මදි උනා මුලු බත් එකටම.ඉතින් අපි ආයෙමත් සෝස් එකක් හැදුවා . ඒ නිසා ඔයාලත් ටිකක් වැඩියෙන් සෝස් ටිකක් හදාගත්තට කමක් නෑ. හරි ඊට පස්සෙ මේ දෙකම පැත්තකින් තියාගන්න.දැන් අපි මේ බත් එක fry කරගන්න හදන්නෙ. ඉතින් තාච්චියක් ලිපේ තියෙලා ඒකට පොල් තෙල් ටිකක් දාලා රත් කරගෙන ඒකට ඉගුරු සුදුලූනු , ළූණු, කැරට් ,ලීක්ස් ,අමු මිරිස් කරල් දෙකක් එහෙම එකතු කරල තෙම්පරාදු කරගන්න. ටිකක් තෙම්පරාදු වෙද්දි ඒකට බටර් ටිකක් එකතු කරගන්න.ඒකෙන් එලවලු වල රස වැඩි වෙනවා. දැන් අපි බත් එක එකතු කරගමු.බත් එක දාලා හොදින් කවලම් කරගන්න.මේ වෙලාවෙදි ලිපේ ගින්දර පොඩ්ඩ්ක් වැඩි කරගන්න ඕන.බත් ඇට වල තියෙන බිත්තර හොදින් වෙන්වෙන තරමට.දැන් අපි හදාගත්තස් සෝස් එක එකතු කරගමු.දැන් ඉතින් පොඩ්ඩ්ක් රස එහෙම බලල ලුනු, ගම්මිරිස් සෝස් වගේ දේවල් එකතු කරගන්න. දැන් අපි ලේස්ති කරගත්ත පොල් කිරි හෝ fresh milk ටික එකතු කරගන්න.මෙතන්දි අපි ලබපු අත්දැකීම තමයි පොල් කිරි එකතු කරහම බත් එක ටිකක් පැනිරස වෙනවා. ඒ නිසා පුලුවන්නම් fresh milk ටිකක් එකතු කරගන්න එක තමයි වඩාත්ම හොද. බත් එක ලස්සන වෙන්න ඉතින් තව ලීක්ස් කොල ටිකක් කපල එකතු කරගන්න පුලුවන්.දැන් කිරි ටික බත් එකට උරා ගන්නකන් විනාඩි තුනක් හතරක් අඩු ගින්දරේ බත් එක තියාගන්න. දැන් අපේ බත් එක ලේස්තියි.
දැන් අපි චිකන් කරි එක හදමු.ඔයාලට පුලුවන් බත් එක හදන්න පටන්ගන්න කලින් චිකක් එක පොඩ්ඩ්ක් සීසන් වෙන්න තියාගන්න.මේකට ඔයාට අවශය ප්‍රමානයට චිකන් අරගෙන ඒකට කහ කුඩු, ලුනු සහ දිහි යුශ දාලා හොදින් අතගාලා විනාඩි 15ක් වගේ තියෙන්න අරින්න.පැයක් උනත් කමක් නෑ.දැන් අපි මේකට ඕන තුනපහ මිශ්‍රනේ හදාගමු. මුලින්ම තාච්චියක් රත් වෙන්න තියලා ඒකට මිරිස් කුඩු මේස හැදි තුනක් හතරක් එකතු කරලා විනාඩි දෙකක් වගේ හොදින් පෙරලමින් බැදගන්න.දැන් ඒකටම තුනපහ කුඩු මේස හැන්දක් එකතු කරල තව පොඩ්ඩ්ක් බැදගන්න. දැන් ඒක වෙනම බාජනේකට දාලා ඒ තාච්චියේම හාල් මේස හැදි දෙකක් පාට වෙනස් වෙනකන් බැදගන්න.ඊට පස්සෙ ඒකටම ගාගත්ත පොල් මේස හැදි තුනක් වගේ එකතු කරලා ඒකෙත් පාට වෙනස් වෙනකන් බැදගන්න. දැන් ඒ ටිකත් අර බාජනේටම දාගන්න. දැන් එනසාල්,කරාබුනැටි,කුරුදු පොතු ගන්න.එනසාල්නම් ගොඩාක් මිල නිසා එකක් ගත්තම ඇති. කරාබුනැටි තුනක් ගන්න.කුරුදු පොතු තුනක් අරගෙන ඒ ටික පොඩ්ඩ්ක් රත් කරල අර බාජනේටම දාගන්න.
දැන් ඒ ටික හොදින් නිවෙන්න අරින්න.අපි මේ හාල් පොල් එකතු කරගන්නෙ කරි එකට හොද උකු ගතියක් ගන්න.දැන් මේ ටික නිවුනට පස්සේ blender cup එක අරගෙන ඒකට අපි බැදගත්ත දේවල් එකතු කරගන්න.ඊට අමතරව ගම්මිරිස් ඇට 10 ක් 20 විතර දාගන්න .ඒ වගේම බැදපු තුනපහ මේස හැදි දෙකක් වගේ එකතු කරගන්න. දැන් මේ ටික හොදටම කුඩු පට්ටන් වෙනකන් කුඩු කරගන්න ඕන.කුඩු කර්ලා ඉවර වෙලා ඒක පැත්තකින් තියාගන්න.
දැන් බාජනයක් ලිපේ තියලා එක රත් උනාම තෙල් එකතු කරලා ඒකත් රත් කරගන්න. දැන් ඒකට තලාගත්ත ඉගුරු සුදුලූනු ,කපාගත්ත කරපින්චා කොල,කපාගත්ත රම්පේ කෑල්ලක්,කපාගත්ත ලූනු ටිකක්, ඒ වගේම පොඩියට කපාගත්ත සේර කැබැල්ලක් එකතු කරගන්න. මේ ටික අඩු ගින්දරේ යන්තමින් බැදගන්න.ඉතින් හොදින් සුවද එනකොට ලිපේ ගින්දර තව ටිකක් අඩු කරලා අපි කුඩු කරගත්ත මිශ්‍රනය එකතු කරගන්න.පොල් තෙල් ටිකක් යහමින් තියෙන්න ඕන මේ වැඩේට.මොකද අපි මේ එකතු කරන කුඩු එක paste එකක් වගේ වෙනකන් කවලම් වෙන්න ඕන. විනාඩියක් විතර හොදින් මේ ටික කවලම් කරලා අපි සීසන් වෙන්න තිබ්බ චිකන් ටික එකතු කරගන්න.එකතු කරලා හොදින් කවලම් කරන්න.ඊට පස්සෙ කපාගත්ත තක්කාලි ගෙඩියක් එකතු කරගන්න.ඒ වගේම කපාගත්ත අමු මිරිස් කරලක් එකතු කරගන්න. දැන් අඩු ගින්දරේ හොදින් කවලම් කරපු චිකන් එක විනාදි දෙක තුනක් තියාගන්න වතුර එකතු නොකර. දැන් වතුර කෝප්පයක් වගේ එකතු කරලා චිකන් එක හොදින් තම්බගන්න.දැන් ලිපේ ගින්දර වැඩි උනාට කමක් නෑ . දැන් ඉතින් කරි එක හොදින් තැම්බෙන්න අරින්න.ලුනු එහෙම මදි නම් එකතු කරගන්න.ඔන්න ඉතින් අපේ පුංචි කෑම වේල සම්පූර්නයි.
මම හදනකොට එන සමහර ප්‍රශ්න වලට උත්තරත් ලැබුණා. ලොකුම ප්‍රශ්නෙ ඇයි ඒක රස නැත්තෙ😄
මං හිතන්නෙ මේක ගොඩක් රසට තියෙන් ඇති. 😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ මන්ද අක්කෙ කාපු අයගෙන්ම තමා අහන්න ඕන.
🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
චිකන් කරි එක තමයි හොදම. 😋 ඇති යාන්තම් කෑමක් හදල මගේ නමත් දම්මවගත්ත
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Api ennam malli keema weelak kaala yanna🌝
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ආනේ එන්න එන්න 😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ita kalin mawa balanna enna 😒.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
na na kanna enna. 🤣
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ahinsaka kollo...Ehema karanna epa....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Chicken uyana ekata hal pol kudu karala dana eka danagena hitiye na. Dan ekath dannawa 😁.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🤗🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Oyata ewath puluwanda😮😉
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Nathuw nthuw ewt puluwn
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කොල්ල දක්ශයෙක් වෙලානෙ දැන් , 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
@randulakoralage Apoi... Malligen da uyanna igena ganneh....So sad...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit