කවියට එහා දෙයක් (1)

in hive-133716 •  3 months ago 

July-breastfeeding.jpg
source
ඉතින් යාළුවනේ ඔයාලා ඔක්කොම පරිස්සමෙන් සහ සතුටින් ඇති කියලා හිතනවා . මම සාමාන්‍යයෙන් free time එකක් හම්බ වුණොත් ආසාවෙන්ම නරඹන වැඩසටහනක් තමයි , Charana TV එකේ වැඩසටහනක් වන "කවි දහයට ගී දහයක්" වැඩසටහන.ඇත්තටම ඒ වැඩසටහනේ මෙහෙයවන්නා වගේම ආරාධිතයින් ලෙස පැමිණෙන ප්‍රබුද්ධ පුද්ගලයින් විසින් ඔවුන් තෝරාගන්නා ලද කවිවලට කරන විවරණත් සමග ඒ වැඩසටහනට තියෙන කැමැත්ත තව තවත් වැඩි වුණා.ඉතින් ඒ නිසාම මටත් හිතුනා මට කියවන්න ලැබුණු මට අහන්න ලැබුණු කවි ගැන ඔයාලත් එක්ක බෙදාගන්න.ඒකෙ ආරම්භය තමයි මේ.කොහොම හරි මුල්ම කවිය විදියට මම තෝරා ගත්තේ ඉතාමත්ම සරල නමුත් මගේ හිතට තදින්ම දැනුනු කවියක් ගැන.මේ කවිය ලියන්නේ නුවන් තොටවත්ත කවියා. කවියේ නිමිත්ත තමයි, "පුතා කිරි බොන එක නවත්වන්නේ නෑ කොහොඹ කොළ වගේ දෙයක් කොටලා ගෑවොත් ප්‍රශ්නයක් වෙයිද?"මේ කවිය හරිම සරලයි උපමා උපමේය කිසිම දෙයක් නෑ.ඒකට හේතුවකුත් තියෙනවා , හේතුව තමයි මේ කවියෙක් කියවෙන්නේ ළමයගෙ පාර්ශ්වයෙන් ඒ නිසා කවියා සැලකිලිමත් වෙලා තියෙනවා ළමයෙකුගේ ස්වභාවයෙන් කවිය ඉදිරිපත් කිරීමට.

සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන් ඒ නිසා කවියේ රසය යම්කිසි ප්‍රමාණයකට අඩුවීමක් වෙලා තියෙනවද කියලා.ඇත්තටම එහෙම නෑ ඒක තමයි ඔහුගේ තියන හැකියාව.උපමා උපමේයයන් කිසිවක් නැතුව පවා කවිය හොඳට දැනෙන්න , හිතට වදින්න ලියන්න ඔහු සමත් වෙලා තියෙනවා.කවිය ඉදිරිපත් කරන්න කලින් මම ඒ ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. මොකද කවිය කියෙව්වට පස්සේ ඒ ගැන හිතන්න සම්පූර්ණ අයිතිය මං ඔයාට ලබා දෙනවා.ඉතින් මම පොඩි කාල නම් මට මතකයි අම්මා අම්මගෙ පියයුරු වල කොහොම කොල කොටලා ගාලා තිබුණා මම කිරි බොන එක නවත්තන්න. ඔයාලටත් ඒ අත්දැකීම ඇති ගොඩක් දුරට. ඒකට වැරැද්දක් කියන්න යන්නෙ නෑ මම. මොකද හැමදාම අපිට අම්මගෙ ඇගේ එල්ලිල කිරි බිබී ඉන්න බෑනෙ. ඒත් මේ කවියෙදි ලමයගෙ හැගීම ඒ පිලිබදව ඔහුගේ ස්වරූපයෙන් ලියද්දි ගොඩක්ම හදවතය දැනෙනව.ඉතින් කවිය කියවල රසවිදින්න ඔයාල ඔක්කොටම භාර කරමින් කවියත් එක්කම මම මේ article එක ඉවර කරනව. ඊලග article එකේදි තවත් කවියකින් හමුවෙමු.


අම්මා එයි කියා හිත හිත
රවුමේ කටු දිහා බැලුවට
කටු දෙකේ රහස මට තව
නැහැනේ තේරිලා

බස් එකක් දෙකක් යනකොට
ඉස්සිලා හොරෙන් බැලුවට
ජනේලය උසයි මම තව
නැහැනේ උස වෙලා

ගේට්ටුව ඇරන් එනකොට
අත් දෙකේ මොකුත් නැතුවට
අඬන් නැතුව ඉන්නා හැටි
ඇතත් හුරු වෙලා

දවස මග බලන් හිටි මට
හම්බුනේ කුක්කු විතරයි
නින්ද ගිය ටිකට ඒකත්
තිත්ත රස වෙලා

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!