දුවගේ චිත්‍රය-කවියට එහා දෙයක්(2)

in hive-133716 •  2 months ago 

watercolor-painting-father-daughter-holding-hands_627719-525.jpg
source

යාලුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ඉතින් අපේ රටේ මිනිස්සු මේ දවස්වල ගංවතුර නිසා සෑහෙන්න ආපදාවට පත්වෙලා ඉන්නේ.අවාසනාවන්ත ලෙස ජීවිත හානිත් විස්සකට වැඩියෙන් මේ පාර අහන්න සිද්ධ වුණා.ඉතින් මිනිස්සුන්ගෙ නොසැලකිලිමත්කම නිසාත් ජීවිත හානි සිදුවෙලා තිබුණා. ඉතින් අවදානම් ප්‍රදේශවල ඉන්නවනම් ඔයාලත් පරිස්සමෙන් වගේම සැලකිල්ලෙන් ඉන්න.හරි අපි යමු අද article එකට.අද ලියන්න යන්නෙත් මට හොඳටම දැනුණු මම කියවපු ලස්සනම කවි වලින් එකක් ගැන.ඒ තමයි ඉලක්ෂ ජයවර්ධන විසින් රචිත "දුවගේ චිත්‍රය" කවිය.මම මේ කවියට කොච්චර ආසද කියනවනම් මේ කවිය නිසා මොහු විසින් රචනා කරන ලද "කඩා වැටෙනා තරුවක්" කියන පොතත් මම oder කරා.ඇත්තටම ඉලක්ෂ ලියපු ලස්සන තවත් කවි තියෙනවා තියෙනවා. ඒත් මගේ හිතට වැඩියෙන්ම දැනුනෙ මෙ කවිය.මුලින්ම කවියා ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්.ඉලක්ෂ ජයවර්ධන කියන්නේ රැකියාවෙන් පොලිස් නිලධාරියෙක් ඒ වගේම ඔහු තරුණ කවියෙක්.ඔහු තරුණ වුණාට ඔහුගේ වචන නම් හරි ගැඹුරුයි ඒ වගේම පරිණතයි.අනික ඉලක්ශගෙ කවිවල තියෙන විශේෂත්වයත් තමයි කවියේ ගැඹුරුම අර්ථය එන්නේ අන්තිම කවි පේළි වන විටයි.සමහර විට කවියෙ මුල් පද පේළි වලින් නොතේරෙන වෙනමම අර්ථයක් අන්තිම වෙද්දි කවියට ගෙනත් දෙන්න එය සමත් වෙනවා.


අහසකට ලස්සනම ගෑවමයි දම් පාට
හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැ රෑට
දුවේ නුඹ දන්නවද දුරයි හඳ හාවාට
ඒනිසා ඕන නැහැ අඳින්නට ආවාට

චිත්‍රයක අඳිද්දි එක ලඟින් ඇන්දාට
අහස සයුරට දුරයි බර වැඩියි මගේ දූට
ගඟනතේ මායිමේ නුඹ ඇන්ද වවුලාට
ලඟින් තවකෙක් අඳිමු තනිය හොඳ නෑ ඌට

ටීචරුත් ලකුණු දෙයි නොයෙන් බිය සංකාව
දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව
චිත්‍රෙ අපි නොඇඳ ඉමු දුවේ අපි දෙන්නාව
එහෙම වුනොතින් ළමයි හොයයි උඹේ අම්මාව...

කවිය ගැන පොඩ්ඩක් බලමු.කවියෙ තියෙන්නේ චිත්‍රයක් අදින දුවක් සහ චිත්‍රයට උදව් කරන තාත්තා අතර සංවාදයක්.මං මුළු කවියම පැහැදිලි කරන්න යන්නේ නෑ මොකද එතකොට කවියෙ තියෙන රහ නැති වෙන හින්දා.මට මේ කවිය තදින්ම දැනෙන්නේ අන්තිම පද පේලි දෙකටත් වඩා දෙවන කවියේ අවසාන පද පේළි දෙක.එතන තාත්තා කියනවා, දුවේ නුඹ අහසේ ඇන්ද එක වවුලා ගාවත් තව වවුලෙක් අඳිමු ඌව තනිකරන්න එපා කියලා.එතනදි තාත්තා කියන්නේ දුව කොතැනකදිවත් තනිකරන්නේ නැහැ ඇයට අම්මගේ අඩුව දැනෙන්න දෙන්නේ නැහැ කියලා, නමුත් මේ තාත්තා උපරිම උත්සාහ ගන්නවා ඒ තනිකම පුළුවන් තරමකට අඩු කරන්න. ඉතින් දුව අඳින චිත්‍රයකදිවත් දුවට තනිකමක් දැනෙන්නෙ නැති විදිහකට ඒක නිම කරන්න තමයි තාත්තාට උවමනා. ඉතින් කවිය කියවලා ඔයාට දැනෙන හැඟීමක් යටින් comment කරගෙන යන්න.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මේක ගොඩාක් ජනප්‍රිය වුණ කවියක්. අඩෝ teledrama එකේ එක තැනක මේක පාවිච්චි වුණාමයි මං හිතන්නෙ ගොඩක් ම මිනිස්සු ආස වුණේ.

ඉලක්ශ ජයවර්ධන කියන්නෙ මං කවි වලට තව තවත් ආස කරවපු දක්ශ කවියෙක්. ❤️

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community